" ආච්චි අම්මගෙ පොරොන්දුව ...... තමුසෙ කොහොමද ඒ ගැන දන්නේ ....... කියනව කොහොමද දන්නෙ...... ඔව් මගෙ ඩයරිය ඒක තමුසෙ නේද ගත්තෙ. ....... නැත්තන් කොහොමද දන්නෙ කියනවා........ "

මගෙ කට හඩේ සද්දෙ එන්න එන්නම වැඩිවෙද්දි ඉදගෙන හිටිය තැනින් නැගිටල මම ඉස්සරහට ඇවිදන් ගියා. .......

" ඔව් මමයි ගත්තෙ.... ඒත් ඒකට හේතු තියෙනව ..... ඒත් මේ දැන් ඒ ගැන අහන්න තරම් හොද මානසිකත්වයකින් උඹ නෑ ...... මෙතනට වෙලා දැන් කොච්චර වෙලා ඇඩුවද ඔහොම තවත් හිටියොත් උඹ ලෙඩවෙයි .... අපි යමු.... ."

මාවත් අරගෙන යන්න ගිය ඒ අත ගසල දැම්ම මම මගෙ හිතේ තිබුන කේන්තියත් එක්කම බැල්කනි හොරාව එතනින් එහාට තල්ලු කරා.... මං දන්නව මේ කිසි දෙයක් උඹට සම්බන්ධ නෑ ඒත් මෙතනින් පලයන් ..... නැත්තන් මටවත් මාව කන්ට්‍රෝල් නොවේවි.....

" මෙතනින් යනවාහ්............ මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න ප්ලීස්. ..... "

එයා ගියා...... මම කීව වචනයක් ගානෙ මගෙ ඇස් වගේම ඒ ඇස් දෙකත් රතු වෙලා යද්දී වචනයක් මට නොකියපු එයා මගෙ රෑම් එකෙන් එලියටම යනව මං බලාගෙන ...... තවත් මගෙ හිතේ හිරකරගන්න දෙයක් නැතිවෙන තරමට අදුරැ වෙලා ගිය අහස දිහා බලන් මම තනියම කියෙව්වා. ....මගෙ අම්ම අප්පච්චි මගෙන් වෙන්කරපු එවුන්ට ශාප කරා ........

..... ඇයි ඒ .... මගෙ අම්ම අප්පච්චි ..........කවුද මගෙන් වෙන්කරේ........ මොන වරදක් කරාටද එයාලව මගෙන් උදුර ගත්තෙ. ..... මගෙන් එයාලව වෙන් කරපු එකාට මම හොදින් ඉන්න දෙන් නෑ ..... නෑ... නෑමයි..... ඔව් තමුසෙ කවුරැ උනත් ඒකට වන්දි ගෙවන්න වෙයි........... "

අඩල අඩලම හෙම්බත් වෙලා හිටිය මගෙ ඇස් දෙකේ කදුළුත් වැස්සත් එක්කම වගේ නැවතිලා තිබුනා....... හරියට ඇගට පණක් නැති බීපු මිනිහෙක් වගේ කාමරේට ගිය මම ඇද පල්ලෙ වැටුන වෙනකොට ඇදන් හිටිය තෙත බේරෙන ඇදුනුත් වේලිලා යනකම්ම ඉදගෙන කල්පනා කරා.... ඔලුවෙ බර ගතියයි මගෙ හිතේ වේදනාවයි දෙකම එකට දැනෙද්දී ඇදුම් උනා දාල ඇදුමක් දා ගත්ත මම එහෙමම ඇදට වැටුන. .....

ඔලුව කූක්කුමත් එක්ක ඇගට දැනෙන සීතලත් එන්න එන්නම වැඩි වෙද්දී මම ගුලිවුනා වගේම උණුසුම් අතක් මගෙ කෙස් අතරින් එහාට මෙහාට යනව මට දැනුන.....


Love In My Heart    ( Completed )                           Unde poveștirile trăiesc. Descoperă acum