👸❤️clg 01 - Angel's Lullaby

Mulai dari awal
                                    

ගුරුතුමාගේ පිළිතුරෙන් සෑහීමට පත් වූ ජන්ග්කුක් හිස නමා ආචාර කළා. ඒ වෙලාවෙදි තමයි එයා දැක්කේ තමන්ගේ අතේ තිබුණු පාරම්පරික මුද්ද දිලිසෙන්න අරන් කියලා.

 ඒ වෙලාවෙදි තමයි එයා දැක්කේ තමන්ගේ අතේ තිබුණු පාරම්පරික මුද්ද දිලිසෙන්න අරන් කියලා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

කතාවේ මූලාරම්භය....

ජන්ග්කුක්ට ප්‍රශ්නයක් වුණා මේ මුද්දේ දිස්නය...

මුද්දේ අයිතිකරු වුණු තමන්ගේ සීයාගෙන් ඒ ගැන අහන්න ජන්ග්කුක් තීරණය කළා.

"සීයේ... කෞතුකාගාරයේ දි මගේ මුද්ද අමුතු විදිහට දිලිසෙන්න ගත්තා... ඇයි ඒ?"

සීයා සාමාන්‍ය විදිහට හිනා වෙලා මෙහෙම උත්තරයක් දුන්නා...

"පුතා... තමන්ට මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් වෙනවා නම්... ඒ ප්‍රශ්‍නය මුලින් හඳුනාගෙන පස්සේ උත්තර හොයන්න පටන් ගන්න... මම මුලින්ම ඔයාගෙ ප්‍රශ්නය හඳුන්වලා දෙන්නම්... ඔයාගෙ අතේ තියෙන මුද්ද පාරම්පරික නොවන ඔයාටම ලැබිය යුතු ඔයාගේම උරුමයක්. ඒක ඔයාට ඔයාගෙ හරිම උරුමය පෙන්වා දේවි...."

එහෙම උත්තර දුන්න සීයාගෙන් ඊට වඩා පැහැදිලි උත්තරයක් ලබා ගන්න ජන්ග්කුක්ට පුලුවන් වුණේ නැහැ.

"මොකද්ද මගේ උරුමය...?"

ජන්ග්කුක් හොයන්න පටන්ගත්තා තමන්ගේ උරුමය ගැන. ඒ වගේම ඔටුන්න ළඟදි මුද්දේ තිබ්බ මුතු ඇටය දිලිසෙන්න ගත්ත නිසාත් එයාගෙ කුතුහලය වැඩි උනා.

ටික ටික කාලය ගත වෙද්දි වසන්ත කාලය උදා වුණා. ජන්ග්කුක්ගේ යාලුවෝ කණ්ඩායම කැලේ කෑම්ප් එකක් ගහන්න කතා වෙන්නේ. යාලුවො පස් දෙනාම එකතු වෙලා හොඳ කාලගුණයක් තිබ්බ දවසක කැලේට යනවා කෑම්ප් එක ගහන්න. ඒත් කෑම්ප් එකට යන්න ජන්ග්කුක්‍ට ගෙදරින් අවසර ලැබෙන්නෙ නැහැ. ඉතින් ජන්ග්කුක් තීරණය කරනවා හොරෙන් මේ ගමන යන්න... සීයගෙ පරණ කාර් එක හොරකම් කරපු ජන්ග්කුක් ගෙදරින් පැනලා එනවා. එයා යන්නෙ එයාගෙ හොඳම යාලුවා වෙච්ච හෝසොක්ගෙ ගෙදරට... හෝසොකුත් කැලේ ගමනට ලෑස්ති වෙනගමන් හිටියේ. කොහොම හරි දෙන්නත් එක්ක හරිම වෙලාවට කැලේ ගාව හයි වේ එකට එනවා. උදේ පාන්දරම නිසා මේ දෙන්නට යාලුවො එනකන් ඉන්න වෙනවා. පැය කාලකට විතර පස්සෙ යාලුවොත් එතනටම ආපු නිසා කට්ටිය කැලේ ඇතුළට යනවා. ඒක අඳුරු කැලයක්... උදේ පාන්දරම නිසා තවත් කළුවර වෙලා තමයි තිබ්බේ. ජන්ග්කුක් තමන්ගේ කැමරාවෙන් ෆොටෝ ගන්න ගමන් තමයි ඉස්සරහට ගියේ. ඒ නිසා එයා යාලුවොන්ට වඩා ටිකක් පිටිපස්සෙන් ඇවිදගෙන ගියා... ජන්ග්කුක් ෆොටෝ ගහ ගහ යද්දි එයාට යන්තමින් වගේ පේනවා පුංචි කලු පාට හාවෙක්... ඒ හාවාගෙ ෆොටෝ එකක් ගහගන්න ජන්ග්කුක් උත්සාහ කළත් ඒ හාවා අතුරුදහන් වුණ නිසා ඒක කරන්න බැරි වුණා. හාවා හොයන්න පඳුරු අස්සෙන් ඇවිදගෙන ගිහිපු ජන්ග්කුක්ට හම්බෙනවා පුංචි වීදුරු බෝතලයක් ගැටහගපු මාලයක්... ඒ වීදුරු බෝතලය ඇතුළේ හදවතක ආකෘතියක් තිබුණා.

The illution Of Thought Tempat cerita menjadi hidup. Temukan sekarang