THE BEGIN

66 16 5
                                    


සියලුම වෘක මිනිසුන් අයත් රාජධානිය වන කැමේලියාවේ රජතුමා වූ Kim wunගේ සහකාරිය වූ Kim jiha තමන්ගේ පලවෙනි දරු ප්‍රසූතියට සුදානම් වී හිටියේ , මුලු රාජධානියේ ම ජීවත් වූ සියලුම වෘකයන් තමන්ගේ අනාගත රජතුමා පිලි ගැනීමට මාලිගාව අසලට පැමිණ ........

පැය දෙකක් පමණ ගත වෙද්දී මුලු මාලිගාවේ පුංචි දරුවෙකුගේ හැඩුම් හඩකින් පිරී ගියේ සියලුම දෙනා දැන ගනිද්දී එයාලගේ අනාගත පාලකයාගේ උපත සිද්ද වුවා යන බව ......

දරු ප්‍රසූතිය නිසා විඩාවට පත් රැජින සුව නින්දේ තම දරුවා ද තුරුලු කරගෙන සිටින දරුවා තම සහකාරියගේ තනයක් කටේ දමාගෙන මව් කිරි වල රස බලන ඇයුරු දුටු විට රජතුමාට දැනුනේ රටක් රාජ්‍යයක් ලැබුනා හා සමාන සතුටක්.....

තම රැජිනගේ නින්දට බාධාවක් නොවෙන පරිදි පුංචි සිගිත්තාව තම දොතට ගත් රජතුමා පුංචි සිගිත්තාගේ ගෙල පෙදෙස ඉව කෙරූ රජතුමා පැවසුවේ ....

" ඔමේගා කිම් සොක්ජින් "

යන නාමයයි ... එත් එතන හිටිය සියලුම සේවිකාවන්ගේ දෑස් නලලට ගියේ "ඔමේගා" යන වචනය ඇසුනු විටයි ...

ඒවෙලාවේ එතන සිටි සියලුම සේවාකාවියන්ගේ මනසේ තිබුනු එකම පැනය වූයේ " අපගේ අනාගත පාලකයා ඔමේගාවෙක් ද " යන්න ....

තම අලුත උපන් දරුවා ද රැගෙන රජතුමා තම රට වැසියන් අමතන ස්ථානයට ගියේ .... රැජින දරු ප්‍රසූතියට සුදානම් වන වග කන වැටුන සැනින් මාලිගාවට පැමිණි තම රට වැසියන් හට ඇමතිම සදහා ...

" නිශ්ශබ්ද වනු "

තම දරුවා අහස දෙසට ඔසවමින්

" අනාගත කැමේලියා දේශයේ උරුමකරු ඔමේගා කිම් සොක්ජින් "

එතන සිටිය සියලුම රට වැසියන් නොසන්සුන් වුයේ තමන්ගේ අනාගත පාලකයා ඔමේගාවෙක් බව දැන ගැනිම නිසා බව දැන ගත් රජතුමා බර සුසුමක් පහත හෙලුවේ අනාගතයේ කුමක් සිදු වේ දැයි යන බියෙන් .....

" මෙය මාගේ අන්තිම තීරණය බව ඔබ සියලු දෙදෙනාම මතක තබා ගන්න "

තම ලයිකන් හඩ අවදි කරමින් රට වැසියන් ට තර්ජනයක් නොවන නමුත් මේම තීරණයට පිටු පැවොත් දඩුවම් ලැබෙන බව හගවමින් පැවසූ රජතුමා තම පුතුනුවන් වූ ජින් ව තම පපුවට තුරුලු කරගෙන මාලිගාව ඇතුලට ගියේ හැමදේම හොදින් යන බව තම දරුවාට එත්තු ගැන්වීමට තමන්ගේ දරුවා වෙනුවෙන් සන්සුන් pheromones පිට කරමින් තම පපුවට කුඩා පප්ව තුරුලු කිම් වූ අහස දෙස බලමින්

" සඳ දෙව්දූනී මගේ දරුවාව ආරක්ෂා කරන්න "

සඳ දෙව්දූවගෙන් ඇයැදියේ තමන්ට ඇති එකම විසදුම එය නිසා....

ඔමේගා කිම් සොක්ජින්ගේ අනාගතය කෙසේ ලියවේ ද ?
____________________________________

කතාව කියවන අයට හද පිරි මෙව්වා එක 😁

DARK CASTLE Where stories live. Discover now