අතිශය විනාශකාරි ලෙස ඇති වූ සුනාමි තත්ත්වයක් නිසා ලෝකයෙන් භාගයක් විනාශ වෙලා ගියේ එහි තිබුණු තාක්ෂණයේ සාර්ථකත්වයත් එහි නිර්මාණකරුවොන්වත් මුහුදු රැළි ගොදුරු කරගද්දි.

අහස උසට හැදුනු විශාල ගොඩනැගිලි, පාලම් ආදිය මහ පොළොවට සමතලා වෙලා යද්දි.
මේ මහා ව්‍යසනයෙන් බේරී ගත් මිනිස්සුන්ගෙන් සාර්ථකත්වය විතරක් නෙවෙයි ඔවුන්ගේම මිනිස්සුත් ඈත් වුනා. ආසියානු කලාපයත් යුරෝපා කලාපයත් දෙකඩ වුනා. පෘථිවිය තුළ තවත් ලෝක දෙකක් බිහි වුනා. ඒ ඔවුන් අතරේ නොදැනුවත්වම ඇති වුනු සතුරුකමක් හේතුවෙන්.

වර්ෂ 2085...

මිනිසුන් දුර ගමන් ගියේ මුහුද හරහා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

මිනිසුන් දුර ගමන් ගියේ මුහුද හරහා. ඒ භයානක මුහුද හරහා. පරම්පරා ගණනක් තිස්සේ මුහුදට තිබුණු බය වසර විසි ගානකට පස්සේ නැති වෙලාම ගිහින්. දැන් ඔවුන් බෝට්ටු නැව් ආදියේ නැඟී සංචාරය කරනවා.

ඒත් තවමත් එහි තියෙනවා ලෝක දෙකක්.

අවුරුදු විසි ගනනකට පෙර වෙන් වූ මිනිස්සුන් දෙකොට්ඪාසයක්.

ඒ ඒ කොටසට ලැබුනා නම් දෙකක්. යුරෝපා කලාපය ප්‍රිලේපියා නමින් හැඳින්වෙද්දි ආසියා කලාපය හැඳින්වූයේ ඒශ්මෙන් නමින්.

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।
The illution Of Thought जहाँ कहानियाँ रहती हैं। अभी खोजें