chapter 23 * ( bonus )

Start from the beginning
                                    

කෝල් එකක් ගන්න පුළුවන් දුරක ඔයා ඉන්නවනම් මම මේ තත්පරේම ඔයාව හොයාගෙන ගිහින් ආචු ..... කියන්න දෙයක් නැතිකමටම මම නෙතූ අක්කට බොරැවක් කීව..

"හ්ම්ම්. ....... රෑටම කෝල් එකක් ගන්නව"


" හරි හරි ........ දැන් හොද ලමය වගේ යමුකො පහලට ඔයා විතරයි එතන අඩු ...... "


ආන්ටි අන්කලුයි නිකන් කුරැලු ජෝඩුවක් වගේ එකට ඉදගෙන එයාලගෙ ලව්ස්ටෝරි එක එතනම ඉදගෙන ඉන්න බැල්කනි හොරාට කියනව මට ඇහුන ..... නෙතූ අක්ක මාවත් ඇදගෙනනම ගිහින් සෝෆා එකෙන් වාඩි වුණා...... මට දවසක් ආච්චි අම්ම කීව සීයගෙයි
එයාගෙයි lovestory එක එයාගෙ diary එකේ ලීව කියල ..... මං කවදාවත් එයාගෙන් ඒ ගැන අහන්න නොගියෙ ඒ හිත රිද්දන්න බැරිකමට මොකද යටගිය මතක ආය ආයෙම ඇදල අරන් මතක් කරල දීල ඒ හිත රිද්දන්න බැරිනිසා...... වෙලාවක ආච්චි අම්මගෙ ඩයරි එක කියවල බලන්න ඕන....... ටික වෙලාවකට පස්සෙ ආන්ටි නෙතූ අක්කත් එක්ක ඩිනර් එක රෙඩි කරන්න ගියා ....

" පුතා.. අනුහස්. ..... . ...... මොකද දරැවො මුනත් එල්ලගෙන ...මොකක් හරි ප්‍රශ්නයක් ද? "

" එහෙම මොකවත් නෑ අංකල්...... මට ටිකක් අංකල් එක්ක කතා කරන්න පුළුවන්ද ...... "

"මොකෝ බැරි දරැවො ...... "

" ඩැඩී කතාකරන්න මම යන්නම්. ...."

බැල්කනි හොරා මටයි අංකල්ටයි කතාකරන්න දීල යන්න ගියා....

" අංකල් හෙට ආච්චි අම්මගෙ තුන්මාසෙ දානෙ .......... "

" මට මතකයි දරැවො ....මම කොහොමත් ඒ ගැන කතාකරන්න හිටියෙ ඔයත් එක්ක ...... පුතා දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ. .. .."

"අංකල් මම හිතන් ඉන්නෙ හෙට යුනිවර්සිටි නොයා.... දළදා මාලිගාවට ගිහින් ආච්චි අම්මට පින්පෙත් පමුණුවන්න.... "

" ඒත් දරැවො..... දානෙ"

"මං දන්නව අංකල්.... මේ වෙලාවේ හැටියට මට ඔයාලට කරදරයක් වෙන්න ඕන නෑ ...... අනික ... මට හොදටම විශ්වාසයි දානයක් නොදුන්න කියල ආච්චි අම්මට පින් මදි වෙන්නෑ..... මම උදේ හවා බුදුන් වදිද්දි පවා ඉල්ලන්නේ ඉන්න තැනක මගෙ අම්මයි අප්පච්චියි ආචුයි හොදින් ඉන්න කියල..... ....."


"පුතා......මේ අහන්න ඔයා අපිට කරදරයක් නෙවෙයි...... ඔයා කැමති මැණිකේ අම්මගෙ දානෙ ඔය විදියට කරන්න නම් එහෙම කරමු දරැවො..... අපි දෙන්නම හෙට උදෙන්ම ගිහින් ඒ වැඩේ කරමු......"


"එහෙම එපා අංකල් මම තනියම යන්නම්.... අංකල් මං ගැන වැරදියට හිතන්න එපා මගෙ හිත ටිකක් නිදහස් කරගන්න ඕන ....... .... "

"ඔය දරැවගෙ කැමැත්තක් එහෙනම්..... හෙට උදේ සිරිසේනත් එක්ක කා එකේ ගිහින් එන්න හොදද...... අපි දැන් යමු පුතා ... දැන්නම් ඩිනර් ටේබල් එක රෙඩිත් කරල ඇති. ........ එන්න යමු දරවො.. .."

*************************************

ඊයෙ මුලු රෑම මට නින්ද ගියෙ නැති තරම්. ...... ඇස් පියවීගෙනම එනකොට පෙනුනෙ මගෙ ආචුගෙ මූණ වෙනකොට නින්ද මගෙ අහලකවත් නැති වෙන්න පැනලගිහින් තිබුන. ...... ඒ නිසාම මම මහ පාන්දර සීතල වතුරෙන් නා ගත්තෙ මගෙ හිතත් ගල් කරගන්න පුළුවන් වෙයි කියල හිතන් උනත් වතුරෙ සීතලටවත් ගල් නොවුනු මගෙ හදවත ෂවර් එක යට දියවෙලාම යද්දී ඊයෙ හවස ඉදලම හිරකරගත්ත කදුළු මම ඔහේ කඩාගෙන වැටෙන්න ඉඩහැරිය. ........... ඕනවට එපාවට කොන්ඩෙත් පිහදාන් සුදු වතින් සැරසුණු මම සුරේන් අංකල්ටයි ආන්ටිටයි දෙන්නටම ගිහින් වැන්ද. .. ආන්ටි මට කිසිම දෙයක් නොකියම ඔලුව අතගෑව වෙනකොට සුරේන් අංකල් මට පරිස්සම් වෙන්න කීව............. ..... මම පහලට එද්දී මගෙ ඉස්සරහට හිටියෙ බැල්කනි හොරා. ................ අද උදෙන්ම නැගටල .......

" හරි පින් පාටයි......... ගමනක් යද්දී කොහෙද යන්නේ කියල අහන්න හොදනෑ කියල මං දන්නව ඒත් ඩැඩීටවත් කියල නේද යන්නෙ. ........"


ඒ කටහඩත් අද හරි සන්සුන් වෙලා තිබුන ...

" හ්ම්ම්ම්. ......... "


" උදෙන්ම යන නිසා කාල නැතුව ඇතිනෙ වෙලාවට කන්න බලන්න කොහෙ ගියත් රෑ වෙන්න කලින් ආපහු ගෙදර එන්න ........"


කා එකට නැගලත් මට මතක් වුනේ බැල්කනි හොරාගෙ වචන ටික වෙද්දී හිතේ තියෙන ලොකු බරක් ඒ වචන වලින් ටිකෙන් ටික අඩුවෙනව වගේ දැනුන.

*************************************



😊 ඔන්න  අද ඕතරිය බොනස් අරන් ආව........ මේ මග පලවෙනි   බෝනස් එක.... ..... හදිසියට ලීවෙ  හොදේ.....

😀 ඊලගට  නම් මාත්තයා නොනා අඩන්න තමා වෙනව ..... හීහී.... මං කීවෙ මේ කතාව ගැන

😁 good  night බබාලා. ....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now