Last Chaper 💜️ 30

659 109 263
                                    

" ලොකූ ලොකූ අනෙ ලොකූ.....⁣ඒයි පොඩි...මම ඩොක්ටර් ව එකක්ගෙන එන්නම් අක්කා ළඟට වෙලා ඉන්නවා..."

යුවිගෙ අම්මා එහෙම කියලා කාමරෙන් එළියට ගියෙ කලබලෙන්....

යුවිත් හෙමිහිට ඇස් ඇරලා බැලුවෙ මේ ඉන්නෙ කොහෙද කියලා..ඒත් එක්කම අවුරුදු දෙකකට විතර පස්සෙ මල්ලිව දැක්ක නිසා යුවි හොඳටම පුදුම උනා...ඒ ⁣වගේම එයා වටෙ තියෙන මැෂින් දැකලා එයා හොඳටම බය වුණා..

" ම්..මල්ලි...මල්ලි...මම හොස්පිටල් එකකද මේ ඉන්නෙ....??? ඔයා..⁣ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැනෙ..." එයාට දාලා තිබුණ ඔක්සිජන් මාස්ක් එකත් ගලවන ගමන් එයා ළඟ හිටිය මල්ලිගෙන් ඇහුවා..

" ඇක්සිඩන්ට් වෙච්ච පාර ඔලුවත් කොහෙ හරි වැදිලද කොහෙද..."

" කියනවකො බූරුවො...මම ඇයි මේ...මං කොහොමද මෙහෙට ආවෙ..ඔයාලා කවද්ද කොරියාවට ආවේ.."

" මෝඩ අක්කෙ..සිහිය නැති වෙලා හිටිය දවස් හතට ඔයා හිටියෙ කොරියාවේද🤣 " එහෙම කියන ගමන් යුවිගෙ මල්ලි හයියෙන් හිනා උනා...

" මොකක්? සිහිය නැති වෙලා හිටියා මම?? "

" ඔච්චර ප්‍රශ්න අහන්න එපා ඩොක්ටර් එයි..."

" අනේ මේ..මාව බය කරන්නේ නැතුව කියනවා..මම ටේහ්‍යුන්ග් ඔප්පගෙ ගෙදරින් ආවා කියලා මට මතකයි..ඒත් ඇයි දැන් මම හොස්පිටල් එකක.."

" මම කිව්වෙ ඔලුව කොහෙහරි වැදිලා කියලා..වි ඔයාව උස්සගෙන එයාගෙ ගෙදර අරගෙන ගියාද...මරු ආ.."

යුවිගෙ මල්ලි එහෙම කියද්දි එයා ඉක්මනටම ඇඳෙන් නැගිටින්න ලෑස්ති උනා..

" ඒ්හ් අක්කෙ ඔහොම ඉන්න..නැගිටින්න එපා ඔයාට තාම හොඳ නැහැනෙ..අද නෙ සිහිය ආවෙත්...අම්මා ඩොක්ටර් ව එක්කගෙන එන්න ගියෙ.." මේ වතාවේ නම් එයාගෙ මල්ලි සිරියස් කතා කරපු නිසා යුවිට බය හිතුනා වගේම බය වැඩිකමට ඇස්වලින් කඳුණත් ආවා..

" මල්ලි මට ඇත්තම කියන්න මට මොකක්ද උනේ?? මට කිසි දෙයක් මතක නැහැ..මම මේ ඉන්නෙ කොරියාවෙ නෙවේද?? මට දැනෙන්නෙ ලංකාවේ වගෙ..."

" අක්කෙ ඔයා වැඩට ගිහිං එද්දි වාහානේක හැප්පුණා කියලා ඔයාට මතක නැද්ද?? අපි එතනට එද්දිත් ඔයාව හොස්පිටල් අරන් ගිහිං..ඒත් තාත්තා කොහොම හරි ඔයාව හොඳ හොස්පිටල් එකකට අරගෙන එන්න ඕන නිසයි මේකට ගෙනාවේ..."

You've reached the end of published parts.

⏰ Last updated: Aug 21, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

The Lucky Army Girl Pt. 2 💜️Where stories live. Discover now