"ආන්ටිට ඊයෙ රෑ ටිකක් අසනීප වෙලා
නෙතූ අක්කෙ. ලොකු අමාරැවක් නෑ කිව්ව විමල අම්මා . හෙම්බිරිස්සාවට ටිකක් හෙඩෙක් එකක් ඇවිත්. විමලඅම්ම නම් මන් එද්දී හිටිය. මන් හිතන්නේ කරන්ට් එක ගිහින් තිබුණ නිසා candles අරන් එන්න යන්න ඇති "

"චූටිය දන්නවද අද මමීගෙයි ඩැඩීගෙයි වෙඩින් ඇනිවර්සරි එක. "



"හ්ම්. ......... ඒක නම් මම දන්නවා අක්කෙ . මට විමල අම්මා කීව. "


මම කීවෙ ඇත්ත මොකද ඊයෙ හවස මම කිචන් එකට ආව වෙලේක විමල අම්මා මට ඒ ගැන කීව . මට පුළුවන් විදියට ඒ දෙන්න වෙනුවෙන් මොකක් හරි කරන්න ඕන කියල හිතුව නිසා ඊයෙ හවසම මම විමලඅම්ම ලවා උදේට කෑම මේසෙට තියන්න කේක්, කෙසෙල් , කැවුම් වගේ කැවිලි ටිකක් ගෙන්න ගත්ත. උදේට කිරිබතකුත් හැදුවනම් හරි. කලින් දැනගෙන හිටියා නම් ගිෆ්ට් එකකුත් ගන්න තිබුණ උනත් සුරේන් අංකල්ගේ කීම නිසා මම එලියට ගියේ නෑ. මොනා උනත් ආච්චි අම්ම වගේම අංකලුත් කීවෙ මට එකම දෙයයි. ඒ මට පරිස්සම් වෙන්න කියල ඒත් කාගෙන්ද . මොකටද ? මට එක දෙයක් තේරැන ඒ තමයි සුරේන් අංකල් මගෙන් මොනවමහරි හංගනව කියන එක. ලොකු හුස්මක් පිටවුනේ මටත් නොදැනිමයි.



" අනූ මල්ලි මොකද අනේ ...... "

" ඇයි..... නෙතූ අක්කෙ ..... මොකුත් නෑ මම මේ කල්පනා කලේ මට ගිෆ්ට් එකක් ගන්න බැරිවුනානෙ?


"ඒකට මොකද අයියො ඒ ගැන හිතන්න එපා. ... එන අවුරුද්දේ ඒකටත් එක්කම අරන් දෙන්නකො එතකොට හරි... .... අනික ඉතින් දැන් මමී ඩැඩී අපි දෙන්නටත් වැඩිය ඔයාට ආදරෙයි. "

"හ්ම්. ...... "


" ඒ තමුසෙ මොනාද මමීටයි ඩැඩීටයි ගත්තෙ මල්ලිය..... "


" It's a secret. .."


එයාල දෙන්නම කියව කියව කිචන් එකෙන් එලියට යද්දී විමල අම්මා කිචන් එකට ආව. එතකොට තමා මම හදපු තේ එක මතක් උනේ. . ඒක නෑ ...... මම බලද්දී මගෙ තේක එක තිබුනෙ නෑ. ...

" මොනාද චූටි මහත්තයා ඔය හොයන්නෙ? "

" මන් මෙතන තියල තිබ්බ මගෙ තේක ........ ඒක... නෑනෙ...හ් "


Love In My Heart    ( Completed )                           Where stories live. Discover now