සොදුරු අතීතයෙ.. නිමල පැතුම වී゚・:*✿

1.2K 91 14
                                    



   පාන්දර ජාමේ රත්තා හඩලන්නේ නැත. නමුත් නින්දට වැටී හෝරා දෙකක් ගතවන්නටත් පෙර මා අවදි කරවනු ලැබුවේ ඇගපතේ වේදනාවටත් එරෙහිව යමිනි.

      කුකුල් කොටුව දෙසින් කිකිලියන් කලබලෙන් කෙකර ගාන හඩ ඇසුණේ ය. මැටි බදුනක් වැටී බිඳී ගියේය.

    ' නරි පැනලවත් ද කුකුල් කොටුවට..? ' මට උපකල්පනය කළ හැකි වූයේ එපමණකි. ඇග පොරවාගෙන උන් රෙදිකඩ හැදගනිමින් මම කුකුල් කොටුව පැත්තට ගියේ මදුපැන් පානයට එක් වූ සගයන්ගේ ඇගපත හිරිගඩු මකන්නට ඇවිල්ලූ ගිණි මැලයෙන් පන්දම පත්තු කරගනිමිනි. කොයිකටත් කියා හිස් අත ගිනි පොල්ලකින් සන්නද්ධ කරගෙන ගෙයි පිලිකන්නේ ඇති කුකුල් කොටුව වෙත යන විටත් කිකිළියන්ගේ කලබල ගතිය එසේම තිබුණේ ය.



     පැන ඇති නරියෙක් නැත. නමුත් බලු කුක්කා මෑ කොටුව වෙත බුරන්නට පටන්ගෙන තිබුණි. " මොකාද බොල හක්කලන් කොරන්නෙ?! බුදියගන්ඩත් නෑ නැහිල නැහිලා ඇවිත්.. " නරියෙකුට නොතේරුන මුත් මට දැනුණු කෝපය මම එසේ පිට කළෙමි.

    " වර එලියට! ගිනි පෙලෙල්ලෙන් ගහලා හතර හන්දි කඩන්න කලියෙන්! "


   නරියා එලිබැස්සේ නම් නැත. නමුත් මනුස්සයෙකු හුස්ම පාලනය කරගන්නට වෙහෙසෙන හඩ නම් මගේ කන් දෙකෙන් වහන් වූයේ නැත. මම ඒ වන විට පෙරට වඩා අවදියෙන් සිටියෙමි. ගිනි පෙලෙල්ල ආරක්සාවට ඉදිරියට දිගු කරගෙන සීරුවෙන් ඒ වෙත අඩි කිහිපයක් තැබූ මම පන්දම ඉදිරියට කර අන්දකාරය මකා සතුරා සෙවීමෙහි නිරත වුණෙමි. මහා දැවැන්ත පුරුෂයෙක් බලාපොරොත්තුවෙන් ප්‍රතිප්‍රහාරයට මුත් සූදානමින් ගිය මට හමුවුණේ ඇගපත වත් හරිහැටි වැඩී නැති හීන්දෑරි කොලුවෙකු පමණකි. මෑ වැල් ගාලක පය පැටලී සිටි කොල්ලාට පැනගන්නටවත් ඇහැක් නොවී තිබුණේ ය.


    " අනේ, ගහන්න එපා අයියණ්ඩි.. "

පොල්ල උලුක් කළත් මනුස්සයෙකුට පහර දීමට තවමත් මා සූදානමක් තිබුණේ නැත. සොර සතුරෙක් ද කියා තහවුරු කරගත යුතුව තිබුණි.

     " කවුද උබ?! හොරකමේ ආවද? "

    " නෑ.. " කොලුවා ඇස් මගාරින්නට තැත් කළේ පිලිතුරේ විස්වාසවන්තබව අහෝසි කරමිනි.

One Shots ( BL | සිංහල )Where stories live. Discover now