"සුදු බෝලෙ ....කියන්නෙ. .... මගෙ මල්ලිට අනේ.... එයාට ගෙදෙට්ට කතා කරන්නේ මම ඔහොම තමා...."

සුදු බෝලෙ , මරැ නම ඒත් බැල්කනි හොරාට ඒ නම අහිංසක වැඩී ගැලපෙන්නෑ . මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් උනත් බැල්කනි හොරාට අයිය කියන්න මට හිතුනෙම නෑ . ඒ ඇයි කියන්න මට තාම හිතාගන්න බෑ. ඇත්තටම මට ඒ ගැන හිතන්න ඕන වුනේ නෑ කිව්වොත් හරි . මොනව උනත් ඒ බල්ලෙක් නොවුණු එක ලොකු දෙයක්.

"නෙතූ අක්ක අද යුනිවර්සිටි යන්නැද්ද?"

"අද උදේ ලෙක්චර්ස් නෑ මල්ලි. අද අපේක ගියෙත් නෑනෙ. "

" ඒ ඇයි ඒ.....?"

" මේකනේ එයාගෙ මූණ නිකන් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ වෙලානේ. එයා තමයි අපේ යුනි එකේ prince charming. ඉතින් මූණ දෙන්න ආමාරැයිනෙ . හ්ම් .....මොනව උනත් හොද වැඩේ .... ආය ඉතින් ජනේලෙන් පැනිලි හීනෙන් තමයි .... "

නෙතූ අක්කා මම බැල්කනි හොරාට ගහපු එක හොදයි කියන්නේ මොකද මන්ද .මොනා උනත් මගෙනෙ වරැද්ද.

"අනේ ......අක්කෙ මම හිතල ගැහුවෙ නෑ"

" හරි හරි මම විහිලුවට කීවෙ"

" එහෙම ද . ආ.....ඇයි......නෙතූ අක්ක මට දැන් කතා කලේ....."

"ආ..... තවටිකකින් ඒකත් අමතක වෙනවා. ෂිට් අප්ප මගෙ මතකෙනම් මෙලෝරහක් නෑ . කොහොම මම යුනිවර්සිටි ගියාද මන්ද "

නෙතූ අක්කා ඔලුවට ගගහා ඔහේ කිවනව .

"ආ....... මේකයි ඩැඩී සිරිදාස අංකල් අතේ මල් පැල ගොඩාක් එවල තිබ්බ. මමී මෙලහකටත් ඔක්කොම උත්සන් ගිහින් ද දන්නෑ. එයාට ඉතින් මල් පිස්සුවනෙ. යමු යමු ඔයාටනෙ මල් ඕන කීවෙ "

අද උදේ අංකල් ඔෆිස් යද්දී මමයි මල් පැල ඉල්ලුවෙ . මගෙ රෑම් එකේ බැල්කනි එකේ තියන්න . ඒත් මෙච්චර ඉක්මනට අංකල් එවයි කියල මට හිතුනෙම නෑ. අඩුම ගානේ මතක් වෙයි කියලවත් මට හිතුනෙම නැති තරම්. මම පහලට යනකොට නෙතූ අක්කා කිව්ව වගේම ආන්ටි මල් තෝරනව. රතු රෝස, කානේෂන් , ඕකිඩ් .... තව මල්පැල ගොඩක් තිබුණා. ඒ වගේම ඒව හිටවන්න මල්පෝච්චිත් එවල . මම එතනින් ගැට පිච්ච, රෝස පිච්ච . , මල් පැල හත අටක් අරන් ගියේ දැන්ම හිටවන්න බලාන . ...... ඒ වැඩේට මම හිතුවටත් වඩා වෙලා ගියත් අවසානෙ හරි ලස්සනට තිබුණා. නිදාගන්න කියල ඇදේ දිග ඇරැනත් නින්ද ගියේ නැති කොට මට ඉබේටම බැල්කනිය දිහා ඛැලුන ..

*************************************

ඊයෙ මට නින්ද ගියෙ ගොඩක් රෑ වෙලා නිසාද කොහෙද ඇහැරැනෙ ගොඩක් පරක්කු වෙලා. මම කිචන් එකට යද්දී මාලිනී ආන්ටියි තවත් මම දැකල නැති ආන්ටි කෙනෙකුයි කතාවක . එතනින් ආපහු යන්න හැරැනු මගෙ කකුල් නැවතුනෙ එයාලගෙ කතාවට.

මාලිනී ඔයා දන්නවද .. ...... ඔය මිස්ටර් සුනිල්ගෙ එහෙම මුලු පවුලම නැතිවුනේ තියෙන පව්කාරකමටනේ ...... තමන්ගේ තියෙන පව්කාරකමටමයි එහෙම වෙන්නේ. මම නම් ඔය වගේ කෙනෙක්ව ගෙදරට වැද්ද ගන්නෙවත් නෑ .... මං අහල තියෙනවා. ...ඒ වගේ අය යන යන තැනුත් හරිම අවාසනාවන්ත වෙනව කියල.

ඒක කීවෙ මට නොවුනත් මමත් ඒවගේම නේද. මුලින්ම මගෙ අම්මයි අප්පච්චියි ඊට පස්සේ මගෙ ආච්චි අම්ම. මේ හැමෝම නැතිවුනේ මගෙ වරදින් ද . මගෙ අවාසනාවකට ද. ඒ ප්‍රශ්න මගෙ හිතට වද දෙද්දී කදුළු ඔහේ කඩාගෙන වැටුන. මට ඕන වුනේ අඩන්න ඇති වෙන්න අඩන්න. එතනින් දුවල යන්න ගිය මම එක සැරේට කාගෙද ඇගේ ගිහින් හැප්පුන .......






😀 අදනම් වැඩිය මුකුත් කීන්න නෑ . මට සහයෝගය දක්වන හැමෝටම වෙනද වගේම ඉක්කෝතුයි . G.N



මම.

Kidu

Love In My Heart    ( Completed )                           Dove le storie prendono vita. Scoprilo ora