13 chapter 🔴🟢

Start from the beginning
                                    

මන් එයාගෙන් වැටිච්ච පොත හම්බුන දවසේ ඉදන්..මේ වෙනකන් වෙච්ච දේවල් එයාට එකින් එක කිව්වා..හැබැයි මගෙ පියා කුමරු මැරු කතාව මන් කිව්වේ නෑ...මට ඒක කියන්න් හිතුන් නෑ..

ඒ වගේම මට ඕන උනා එයාට කොච්චරක් දුරට දන්නවද කියලා බලන්න...එයාට කෙනෙක් දුන්නකින් විද්ද බව ඇරෙන්න ඒ කවුද...කියලා ඔහු දන්  නෑ..ඒක මට සැනසීමක් උනා..
අවසානේදී අපි දෙන්නගෙම මතක එකට එකතු කරත් ඒ කතාවෙ ගොඩක් තැන් හිස් තිබ්බා...ඒ හිස්තැන් පුරවන් පුලුවන් එකම විදිහයි තියෙන්නෙ ඒ මියැන් හන්ගපු පොත හොයාගන්න එක...දවසක ඒක හොයාගෙන මේ හිස්තැන් පුරවන්න මන් යීබෝට පොරොන්දුවක් දුන්නා......

💚මෙච්චර දේවල් වෙලත් මට ඔයාව හම්බුනේ පරක්කු වෙලානම්....

❤️නෑ ඔයා ආවෙ හරිම වෙලාවට...මේ තමයි හරිම වෙලාව...

💚ම්ම් මන් එකත් විස්වාස කරන්නම්  ඒත් බයයි...

❤️බය වෙන්න එපා මේ පාර හැමදෙම මන් විසදනවා...අපි දෙන්න මේ පාර වෙන් වෙන් නෑ ...

💚ම්ම්ම් එදත් ඔයා ඔය ටික කිව්වා..ඒත් හිතුවෙවත් නැති විදිහට ඔයා යන්න ගියා...හිතුවෙවත් නැති කට්ටිය මට ද්‍රෝහි වෙලා තිබ්බා..මගෙ ලගින්ම හිටපු අයව මට අදුරගන්න බැරි වෙලා   .....

අන්තිමට ඒකෙන් වන්දි ගෙව්වෙ ඔයා ..මන් සසරෙ තනි උනා...

❤️ආයෙ එහෙම වෙන් නෑ රත්තරන්...කෝ එන්න මෙහාට..

ඇස් වල කදුලු පුරවන් ඉන්න එයාව මන් මගෙ පපුවට තුරුලු කරගත්තා .මගෙ පපුවෙ උනුහුමට එයා තව තවත් ගුලි උනා..

💚දොස්තර මහත්‍තයෝ...

❤️ම්ම් ...

💚මට දෙයක් අහන්න ඕනේ හැබැයි ඒ දොස්තර මහත්තයා ගෙන් නෙවෙයි...

❤️එහෙනම්...

💚නිලදාරිතුමාගෙන්...

❤️එයා කියන දේ මට තේරුනා එයා මෙ වෙලේ අහන්නේ...මගෙ ඇතුලෙ ඉන්න ඒත් තාමත් භාගෙට අවදිඋනු මතකත් එක්ක ජීවත් වෙන කෙනගෙන්...

මට සැකයි මගෙ කුමාරයා අහන දේට එයාට උත්තර දෙන්න බැරි වෙයිද කියලා...
ඒත් මන් එයාට ඒ අවස්තාව දෙන්න හිත හදාගත්‍තා.

The destiny 💚❤️ (Zhanyi ff / ongoing)Where stories live. Discover now