CHAPTER 07

2.6K 397 29
                                    

"ඔහ්..!!"

නාන කාමරයේ දොර විවර වන ශබ්දයත් සමඟ ෂවරය යටට වී දෑස් පියාගෙන යන සීතල ජලයේ පහස නිශ්ශබ්දව විඳිමින් සිටි ජන්ග්කූක් ගැස්සිලා ගියා.. සිද්ද වුන දේත් සමඟම බිය වුන ඔහු දෑත් පපුවට තද කර ගනිමින්ම නාන කාමරයේ දොර දෙස බැලුවා..

"ට්- ටේහිය්‍යොන්..??"

තවමත් මූණට වැටෙන සීතල වතුර අතරින් ජන්ග්කූක් දැක්කෙ මීට සුළු මොහොතකට පෙර තමන් සමඟ ආලවන්තකම් පෑ කඩවසම් තරුණයා ටේහිය්‍යොන්ව.. නමුත්, ඔහුගෙ ස්වරූපය මීට සුළු මොහොතකට පෙර ඔහු දුටුවාට වඩා වෙනස් වුනා.. රතු වී ඇති මුහුණත්, බෙල්ලෙත් අත් වලත් ඉලිප්පී ඇති නහරත්, මිට මෙලවී ඇති ඇඟිලිත් එක්ක ටේහිය්‍යොන්ව පෙනුනෙ රාක්ෂයෙක් වගේ.. ඔහුට කේන්ති ගිහින්..?? ඒත් ඇයි..? යම් වැරැද්දක් සිද්ද වෙලා ද??

"ට්- ටේහි-..!?"

ජන්ග්කූක්ගෙ කටින් හරි වචනයක් පිටවීමටත් පෙරම එය නැවතුනේ ඔහු ළඟට දිගු අඩි තියමින් පැමිණි ටේහිය්‍යොන්ගෙන් ලැබුන කම්මුල් පහර නිසා.. නොසිතූ මොහොතක ලැබුන ප්‍රහාරය නිසා තමාව පාලනය කර ගන්න ජන්ග්කූක්ට පුළුවන් වුනේ නැහැ.. අහිංසක හුරුබුහුටි තරුණයා ජන්ග්කූක්, විසිවි ගොස් නාන කාමරයේ පිටුපස බිත්තියේ වැදුනේ කටින් කුඩා කෙදිරීමකුත් පිට වෙද්දි..

"ආහ්.. ට්- ට්- ටේ?"

- "උබ මට ආදරෙයි ද??"

"ට්- ට්.."

- "මං අහපු දේට උත්තර දීපන්..!!

උබ මට ආදරෙයි ද??

කතා කරපන් ජන්ග්කූක්.. ඇයි උබට බැරි මට ආදරේ කරන්න..??"

ටේහිය්‍යොන් කෑ ගැහුවා.. කලින් දවසෙ රාත්‍රියේ ජන්ග්කූක් කෑගැහුවාටත් වඩා සද්දෙන් කෑ ගැහුවා.. ⁣තරහටම ටේහිය්‍යොන්ගෙ ඇස් පවා රතු පාටි දිලිසෙන ආකාරය කඳුළු පිරුණු ඇස් වලින් ජන්ග්කූක් හොඳට දැක්කා.. ටේහිය්‍යොන්ගෙ හැසිරීම ජන්ග්කූක්ට පෙනුනෙ සිහිය විකල් වුනා පුද්ගලයෙක් වගේ.. ජන්ග්කූක්ට තවමත් තේරුමක් නැහැ ටේහිය්‍යොන්ට වෙලා තියෙන දේ ගැන.. ටේහිය්‍යොන් සද්දෙන් කෑ ගහද්දි ටේහිය්‍යොන් දෙස බලාගෙන ඉන්න ජන්ග්කූක්ගෙ තත්වය මීට වඩා වෙනස් වුනා..

ROOM NO. 69 | VKOOK 21+ ✔Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα