දෙවෙනි කොටස

Start from the beginning
                                    

රුපියලක්වත් වැරදිලා ඉස්කෝලේ කොල්ලෙක්ට නොදෙන ආච්චිට ගණන් පැටෙලෙනවා වෙන්නබෑ. අනික ඔච්චර මොනවා ගනන්හදන්න තියෙනවද මන්දා... ආච්චි සල්ලි අතගගාඉන්න ආසයිද කොහේද.

"ලමයා... කේක්කෑලි විස්සට දහයගානේ දෙසීයයි... කප්කේක් විස්සට පහලවගානේ දෙසිය පනහයි... ඔක්කොම හාරසිය පනහයි..."

ආච්චි එයාගේ ඩයිකරපු කොන්ඩේ ඇඟිලිවලින් කසලා විස්සේකොල පනහේ කොලටිකක් මේසේ පැත්තකටකරා. මම කාමරේදොර ලඟින් ඇවිදගෙන එනවත් සල්ලිගන්නවත් ආච්චි හොරැහින් බලාගෙන.

ඒකියන්නේ ශුවර්එකටම කීයක්හරි අඩුයි.

මමත් මේසේ ලඟහිටගෙන ආච්චිට පේන්නම සල්ලිගැන්නා.

හරියටහරි! රුපියල් පනහක් අඩුයි...

"ඉතුරුවා උඹට පස්සේ දෙන්නම්... කේක් බඩුටිකක් ගෙනත්දාන්නත් ඕනේ... සීයට කොලොස්ටරෝල් පෙති ගන්නත් තියෙනවා..." මම සල්ලිගනිනවා දැක්ක ආච්චි යකඩ පෙට්ටියත් අරං එයාගේ කාමරේටගියේ එහෙම කියාගෙන. "අදත් උපන්දිනවලට කේක්හදන්නේ නැද්ද කියලා ප්‍රයිමරියේ අම්මලා දෙන්නෙක් ඇහුව... ඔහොම ගියොත් ඒ බිස්නස් වෙනකොහෙටහරි යයි..."

ආච්චී එහෙමකියාගෙන තැඹිලිපාටද... දුඹුරුපාටද කියලා හොයාගන්නබැරි දොරරෙද්දේන් එයාගේ කාමරේට අතුරුදහන්වුනා.

උත්තර නුදුන්නු මම රුපියල් හාරසීය අරගෙන කාමරේට ගිහින් බැංකුපොත ඇතුලට සල්ලිටික දැම්මේ හෙට ඉස්කෝලෙට ගෙනිහින් තැන්පතකරන්න හිතාගෙන. හම්බකරපුවා දකිද්දිත් සතුටුයි. ලක්ශයකට කිට්ටුවෙන්න තියෙනවා. ඒත් ගෙදරින් පිටවුනාටපස්සේ ලක්ශයකින් කොයිතරම් කාලයක් ජීවත්වෙන්න පුළුවන්වෙයිද? පස්සේ දෙන්නම් කියලා ඉතුරුකරපු සීයේඒවා පනහේඒවා ආච්චිදුන්නනම් තවත් පනස්දාහක් හැටදාහක් එකතුවෙයි... ඒවාලැබෙනවා හඳේ තමයි.

ආච්චී මාලව්වා කේක්හදලා එයාගේ කඩේටදාන්න අවස්ථවදුන්නේ කඩේ බිස්නස් වැඩිකරගන්න අදහසින්ද එහෙමත් නැත්නම් මාව ඉක්මනට ගෙදරින් පිටකරගන්න අදහසින්ද කියලා මමනම් දන්නෙ නෑ. දන්නේ අක්කයි මමයි මෙහෙ ඉන්නවාට ආච්චී අකමැතියි කියලා විතරයි.

ඉතිං, මේ මගේ හිත...Where stories live. Discover now