"මන් ගිහින් එන්නම් හරිද කෙල්ල..."

"ඔප්පා කොහෙද යන්නෙ?"
ජින් ජස්මින්ගෙ ඔලුව අතගාන ගමන් කිව්වාම ජස්මින් හොරෙන් ජන්ග්කුක් දිහා බලන ගමන් ඇහුවා...

"මට බලන්න පේශන්ට්ස්ලා ඉන්නවා ජස්මින්....."
ජිනුත් ඇහෙන් ජන්ග්කුක්ව පෙන්නලා කිව්වේ හරියට නිකන් 'දැන් යාලුකරගනින්' වගේ එව්වා එකකින්...

"කුකී....."
ජින් ගියාට පස්සේ ජස්මින් අමාරුවෙන් වගේ කතා කරද්දි ජන්ග්කුක් ඉක්මනට නැගිටලා කෙල්ල ලගට ආවා..... කොච්චර තරහෙන් වගේ ඉන්න හැදුවත් කොල්ලට බෑ එහෙම ඉන්න...

"මොකද වුනේ? ඔයා හොදින්ද? කොහෙ හරි රිදෙනවද? මන් ඩොක්ටර්ට එන්න කියන්නම්...ඉන්න-"
ජන්ග්කුක් යන්න හදද්දි කෙල්ල කොල්ලගෙ අතින් අල්ලගත්තා....

"රිදෙන්නේ මෙතන කුකී... ඔයා ඔහොම කතා නොකර හිටියම රිදෙන්නෙ මගෙ හිත..."
කෙල්ල කදුලු පුරවන් කියද්දි ජන්ග්කුක් කෙල්ලව තුරුල් කරගෙන නලලට කිස් එකක් දුන්නේ ජස්මින් හොරෙන් හිනා වෙද්දි... ජස්මින් කපටියි!

"මාව බය නොකර ඉන්න තිබ්බා මැණික ඔයාට!!"
ජන්ග්කුක් කෙල්ලගේ තොල් වලට චූටි කිස් එකක් දීලා එහා පැත්තෙ කොට් එකේ ඉන්න පැටව් දෙන්නා දිහා බැලුවා....

"මන් සප්‍රයිස් වුනා හරිද මේ දෙන්නා නිසා!"

"හෙහෙ ඒකනේ....මන් දස්සයා..."
ජස්මින් හරිම ගොන් විදියට හිනා වෙවී කියලා ජන්ග්කුක්ව බදාගත්තා...
(A/N ඇත්තටම මේ අවස්ථාවේදී මන් විසේසෙන්ම මතක් කරන්නෝනි ජස්මින්ගේ ඒ ගොන් හිනාව ගැන😪 මොකක් හරි ගොබ්බ වැඩක් කරල දාන ඒ හිනාව තමා පට්ටම!)

"මන් ආදරෙයි මැණික....ඔයා නිසයි මේ හැමදේම..... මට මේ හැමදේම ලැබුනේ ඔයා නිසා....මේ හැමදේටම කොහොමද මැනික මම ස්තූති කරන්නේ..."
  ජන්ග්කුක්ට අනුව ලෝකේ තියෙන ලොකුම සතුටත් ජස්මින් එයාට ලබාදීලා.....

"ම්ම්ම් වැඩිය මුකුත් ඕන්නැහ්හ් මට අයිස්ක්‍රීම් ටබ්ස් දෙක තුනක් ගෙනත් දෙනෝද??"
ජස්මින් හරිම හුරතල් විදියට ජන්ග්කුක්ගෙන් ඇහුවම කොල්ලා එහා පැත්තේ ඉන්න තමන්ගෙ ලමයි දෙන්න දිහා බැලුවා..

"මන් හිතන්නේ....මට දැන් පොඩි බබාලා තුනක් බලාගන්න වෙනවා..."
එහෙම කියලා කොල්ලා කෙල්ලගේ තොල් තමන් සතු කරගත්තා......
අනාතයෙක් විදියට හැදුනු ජන්ග්කුක් දැන් අප්පා කෙනෙක්! තමන්ටම කියල පවුලක් දැන් ජන්ග්කුක්ට තියෙනවා... ජස්මින් නොහිටින්න ඇත්තටම ජන්ග්කුක්ට මේ වගේ තත්වෙකට එන්න බැරි වෙන්න පුළුවන්.... කාටද පුලුවන් ජස්මින් කරපු තරම් කැපකිරීම් කරන්න??

~ආදරේ තියෙන්නේ හැමවෙලේම රෝසමල් යහනාවක් උඩම නෙවේ~

ආදරේ කියන්නේ තමන් ආදරේ කරන කෙනා මොන තත්වෙක හිටියත් කිසිම අඩුවක් නොකර ආදරේ දෙන එක, ඒ කෙනාට ඕනිම වෙලාවල් වලදි ශක්තියක් වෙන එක.........



A/N
ඉවරයිලු🙂 ස්පෙශල් එකක් තියේ අරන් එන්නම්!

𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Wo Geschichten leben. Entdecke jetzt