මන්දාරම් හැන්දෑව 01

Start from the beginning
                                    

" හරි අම්මේ..වැවට ගියානම් නෙලුම් කඩාගෙන ආවැකි.මං යන්නද "

" හා.හැබැයි පරිස්සමට හරිද "

" හරි අම්මේ "

ලොකු අම්මාගෙ දුව උනත්,එයා මගේම අක්කා හා සමානයි.මොකද අක්කයි මායි පොඩි කාලෙ ඉඳන්ම එකට හැදී වැඩුනෙ.මගෙම කියලා සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නැති මට අක්කා මගෙම සහෝදරියක් හා සමානව ආදරේ කලා.ඒත් අක්කා විවාහවෙලා ගෙදරින් ගියාට පස්සෙ අපි ටිකක් ඈත් උණා.එයා හැබැයි ගෙදර එන හැම දවසකම මාව බලලා යන්නනම් අමතක කලේ නෑ.අක්කා ප්‍රෙග්නට් කියලා දැන ගත්ත දවසෙ මට ගොඩක් සතුටු හිතුණා.මොකද මමත් දැන් මාමා කෙනෙක් 🙊🙈

මම වැවට ගිහින්, වැව් ඉස්මත්තේ අතින් කඩාගැනීමට හැකි තරම් වූ ඈතින් පිහිටි නෙලුම් පොහොට්ටු පරිස්සමට කඩා ගත්තා.මුලු වැව සිසාරාම නොගැඹුරු තැන් වල නෙලුම් වලින්නම් අඩුවක් වූයේ නැත.රතු නෙලුම් මෙන්ම සුදු නෙලුම් ද තරඟෙට පිපී තිබුණි.මා මෝරපු නෙලුම් පොහොට්ටු වර්ග දෙකෙන්ම කඩා ගත්තා.රතු නෙලුම් වලට වඩා මගෙ කැමැත්ත තිබුණේ සුදු නෙලුම් වලට.ඒ මගේ ප්‍රියතම පාට සුදු වූ නිසා වෙන්නට ඇත.දෝත පුරාවටම නෙලුම් පොහොට්ටු කඩාගත් මම නැවත ගෙදර එන්නට උණෙමි.ගෙදරවිත් නාගෙන නැවත නෙලුම් පොහොට්ටුවල පෙති දිග අරින්න පටන් ගත්තා.යට වූ ලා කොල පැහැති රළු නෙලුම් පෙති දෙක තුන ඉවත් කර,ඉතිරිය ඉතාම පරිස්සමෙන් දිගැහැර රතු නෙලුම් වෙනම මිටියක් ද,සුදු නෙලෙම් වෙනම මිටියක් ද සාදා පැන් ඉස පසෙකින් තැබුවෙමි..

හවස 5හේ හෝරාවට පමණ අම්මා ද මම ද ලොකු අම්මලා ද පන්සල් යෑමට පිටත් වුනෙමු.අක්කාට ඇවිදීමට අමාරු නිසා,ලොකු අප්පච්චි ත්‍රී රෝද රථයේ අක්කා සමඟ කලින්ම පිටත් වෙලා තිබුණා.එතරම් දුරක පන්සල නොවූ නිසා අපි ඉක්මනින්ම පන්සලට ගියා.අපි යන විටත් තවත් මිනිස්සු කීපදෙනෙක් පැමිණ සිටි අතර,මා ඔවුන් මීට පෙර දැක තිබුණේනම් නැත.මා අම්මාගෙන් විමසූ විට ඇය මා හට පවසා සිටියේ,ඒ සිටියේ ගමේ පාසලේ විදුහල්පතිගෙ පුතාලා දෙදෙනා හා එකම දුව බවයි.ගමේ වුවද ඔවුන් නම් මා මීට පෙර දැක තිබුණේ නැත.අම්මා පැවසුවෙ,ඔවුන් කුඩා කළ මෙහි නොසිටි බවත්,නගරයේ පාසලකට ගිය නිසා ඔවුන්ගේ සීයලාගෙ ගමේ ඔවුන් සිටි බවය.පුතාලා දෙදෙනෙක් යැයි කීවද එතන සිටියේ එක් හැඩි දැඩි තරුණයෙක් හා සෑම විටම මද සිනහවක් මුවගේ රැඳුණු සුන්දර තරුණියක් පමණි.ඈගේ සිනාව නිසා කාගෙත් සිත් ඇදගන්නා බවක්නම් දක්නට ලැබුණි.උඩඟු/ආඩම්බර බවක් දක්නට නොලැබීමට එය හේතුවක් විය.

මන්දාරම් හැන්දෑවWhere stories live. Discover now