Infinite love 🌹

302 48 52
                                    

මට සමාවෙන්න මට උබව රැක ගන්න බැරි උනා.. මම මහ නිකමෙක් මට මගෙ පණව බේර ගන්න බැරි උනා..

මම කාර් එක ඩ්‍රයිව් කරගෙන ආවෙ තට්ටු තිස් ගාණක් විතර උස තාම බාගෙට හදන බිල්ඩින් එකකට වෙද්දින් මම ඒකෙ උඩම තට්ටුවටම ආවා..

" උබ නැත්තම Wang Yibo කියලා කෙනෙකුත් මේ ලෝකෙට නෑ.. "

මම හෙමීට උඩම තට්ටුවට ඇවිත් අහස දිහා බැලුවා අද අහසෙ හදයි තරුයි වලින් පිරිලා.. උබත් එක්ක එකට ඉදන් බැලුවනම් මට මේක දිව්‍යලෝකෙ වගේ වෙන්න තිබ්බා.. ඒත් උබ නැති මගෙ ජීවිතේ මට අපායක්..

මම අහස දිහා බලාගෙනම පිටි පස්සෙන් පිටි පස්සට ගියෙ මගෙ කකුලට බිල්ඩින් එකේ ගැට්ට අහු වෙද්දින්..

" උබ දන්නවද ශන්ගා උබේ හිනාව මාව පිස්සෙක් කරනවා වගේම උබේ කදුලු මාව තිරිසනෙක් කරනවා.. "

මම එච්චරයි කිව්වෙ හුළං කපාගෙන පහළට ඇදිලා ගියෙ මම අහස දිහා බලන් ලාවට හිනා වෙද්දින්..

*************************

අතීතයට..

" බබා.. එහෙනම් පරිස්සමින් ඉන්න හරිද ? වෙලාවට කෑමටිකයි විටමින් ටිකයි ගන්න හොදද  "

" හරි බෝ.. දැන් ඔයා ඇහැරුණ වෙලාවෙ ඉදලා දහ සැරයකටත් වඩා මට ඕක කිව්වනේ.. "

" එහෙම නැතුව බෑනෙ.. මගෙ පොඩි සිංහ පැටියවත් බලා ගෙන පරිස්සමින් ඉන්න ඕනෙ මගෙ හොද බබා වගේ.. "

මම නැමිලා බනීගෙ ඉදිරියට නෙරලා තිබුණ හත් මසක් පිරුණ දරුවත් එක්ක කතා කරා..

" පපාගෙ චූටි පැටියා පරිස්සමින් ඉන්න ඕනෙ මමාත් එක්ක පපා ඉක්මනට ගිහින් එන්නම්.. "

මම බනීගෙ බඩට අත තියලා කියද්දින් මගෙ චූචි සිංහ පැටියා දැගලුවා..

මම එහෙන්මම බනීගෙ බඩට කිස් එකක් දීලා නලලටත් කිස් එකක් දීලා බනීගෙ බොඩිගාර්ඩ් කයිටත් බනීව පරිස්සමට බලා ගන්න මුකුත් දග වැඩ කරන්න දෙන්න එපා කියලා කාර් එකට නැග්ගෙ ගාඩ්ස්ලා ගේට් එක
අරිද්දින්...

~ බබා ඔයා ලන්ච් ගත්තද ? ~

~ මතක් කරලා විටමින්ස් ටිකත් ගන්න ~

Infinite love ( One shot )✅Where stories live. Discover now