දොළොස්වන වෙළුම

Start from the beginning
                                    

කුමක්ද"

නිකිණියන්ගේ බස් අසා කාලදේවයෝ කැලබුන හ. මුව ගොලුවුන හ. මන්ද මේ වනවිටත් ඔහු විභෂ්ණාවන්ට නොකල වරදකට නොසෑහෙන්න වදහින්සා පමුණවා අවසන්‍ ය. කුමක් කරන්නද නිකිණියන් අනතුරට පසුඈ කිසිවෙකු හා සන්වාදයේ යෙදුන ප්‍රථම අවස්තාව මෙයයි. රුද්‍රාක්ශගේ බස විස්වස් කිරීමට තරම් තමා වෛරයෙන් මිරිකී මොහ සිතැතිව සිටීම පිළිබදව කාලදේවයන් තමාටම දොස් නගාගත් හ.

" මා නොදනී අයියණ්ඩි  රුද්‍රාක්ශ ඔබට කුමක් පැවසුවේඇයි කියා නමුදු අද මා දිවි ඇතිව වෙසෙන්නේ නම් විභෂ්ණාවන්ට ඊට කෘතඣ විය යුතුයි. ඈ ඇගේ දිවි පරදුවට තබා මා ගලවාගැනීමට ගෘහයට පැමිණියා.

මා ඇගේ පිළිස්සූ තුවාල කැලැල් දුටුවත් කිසිවිටෙකත් එ ගැන විමසීමට සිත් දුන්නේ නෑ ,මා ඈ කෙරෙහි උපන් වෛරයෙන් සිටියේ මා රුද්‍රාක්ශ විස්වස්කලා

අයියණ්ඩි නොහඩන්න එය ඔබේ වරදක් නොවේ ඇතැම්විට රුද්‍රාක්ශ දුටුවේ එසේ වන්නට ඇති

නමුත්.. ,කුමක්ද....කුමක්ද එදින සිදුවූයේ

ඔබට පෙනෙනවාද මාගේ හස්තයේ ඇති සලකුණ

මෙය , මෙය නම් මා මින්පෙර දැක නැහැ

එසේයි මා එදින රාත්‍රියේ කුටියට ගිය විට එය සදුන් දූමයන්ගෙන් පිරී පැවතියා එහි දූමයන්ගෙන් ස්ත්‍රී රුවක් දිස්වූවා ඇය පැවසුවා කාලය එලබ ඇති වග තවද ඈ පැවසුවා එය විවර වී ඇති වගත් මා හට ආපසු හැරීමට නොහැකි වගත් පැවසුවා මා හට යමකට සූ දානම් වන ලෙස ද පැවසුවා නමුදු මාහට එය වැටහුනේ නෑ එය පවසා අවසන් වූ ශනේන් ඈ අතුරුදන් වූවා එ සමගම මාගේ කුටියේ පහන් දැල්ල වඩාත් තීව්‍රවූවා. අග්නිජාලා මා සිටි ගෘහයේ සෑම තැනකම ඇවිලුනා, දුමාරය නිසා මාහට ශ්වසනේට අපහසු වූවා මා සිහිමුර්ජාවට පැමිණෙත්ම මා දුටුවා කුටියේ ද්වාරය බිදීයනවා එයින් විභෂ්ණාවන්ගේ රුව මතුවනවාද දුටුවා

එසේනම් විභෂ්ණා ඔබෙ දිවි ගැලවූවා

එසේයි අයියණ්ඩි

නමුදු ඇය මා හට කිසිත් නොපැවසුවේ මන්ද

එ ඔබ ඇයව දැකීමටද අකමැති වග ඈ දන්නා නිසා මාව රුද්‍රාක්ශ සමග පිටමන් කෙරුවා. ශමාවන්න අයියණ්ඩි එ රාත්‍රිය මාහට මෙනෙහි කිරීමට පවා අපහසු වූ නිසා මින් පෙර පැවසීමට අසමත්වූවා. සියල්ල මාගේ වරද

සදනිකිණිWhere stories live. Discover now