" ආග්... රෝස් යනවානම් තමයි ඉතින් මම යන්නෙ.. " ඇනබෙත් ඒම කිව්වෙ ජංකුක් දිහා බලාගෙනඉ.

ජංකුක් නම් මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරිව උඩ බිම බලනෝ..

" මොකක්ද අනේ... ඔයාලට කැම්ප් එකට යන්නත් ගෙවල් වලින් පර්මිශන් ගන්න ඕනද." ඇනබෙත් මුණ සවුත්තු කරං ඇහුවා.

.
.

" ආආආ.... ඇත්තටම ඔයාලා දෙන්නා නෑදෑයො කියල කියලා තිබ්බෙ නැත්තං හැමොම හිතන්නෙ ඔය දෙන්නා ඩේටිං කියල..... හ්ම්...." රෝස් කටට ආපු එක කියද්දි ජංකුක් ගෙ ඇස් ලොකු උනා.. ජිමිනුත් නිකං ශොක් උනා වගේ ටෙයොංග් දිහාත් ජංකුක් දිහාත් බලන්න ගත්තා.

" ආආ... ඒම දෙයක් නෙවෙයි අයියෝඕ. ඉන්නකො.. මුලින්ම ඒ ගැන කතා කරගන්න ඕන.. ඒම නේද ජංකුක්...... ආ... යන්න ඉතිං.පොඩ්ඩක් ඒ ගැන කතා කරගන්න" ජිමින් ජංකුක් ගාවට ගිහින් කරට අත දාගෙන කිව්වෙ එයාගෙ ඇත්ත තත්වෙ දන්න නිසයි.

.
.
.

ඒ ක්ශනිකව ටෙයොංග් ගෙ අතෙන් ඇදගෙන ජංකුක් නැගිටලා යන්න ගියා... ඒක දිහා ගෑනු ළමයි දෙන්නා නම් බලං හිටියේ මේ මොකක්ද මේ කියන්න වගේ...

" හොඳ උත්තරයක් ඕන ඈ.... " ජිමින් හයියෙන් කෑ ගහන ගමන් එතනින් වාඩි උනා.

ඒ සද්දෙට ලග මේසෙක හිටිය යුංගිත් ඒ පැත්ත හැරිලා බලං ඉන්න ගත්තෙ කාටත් හොරෙනුයි.

යුංගි හැරිලා ජිමින් එහෙ මෙහෙ දගල දගල කෙල්ලො දෙන්නා එක්ක කියවන හැටි ආසාවෙන් බලං හිටියා. දන්නෙම නැතිව යුංගිට හිනාත් ගියා..

.
.
.
.
.

ඔය අතර ටෙයොංග් ජංකුක් දෙන්නා කවුරුත් නැති හරියකට ආවා.

" සර් මම ඔයාට ඊයේ කිව්වෙ...ඔයාට යන්න පුළුවන්.... ඒක ප්‍රශ්නයක් නෑ.."

" නෑ ටෙයොංග්.. මං ඊයේ රෑ කල්පනා කලා.. මට ඔයාට කරදර කරන්න ඕන නෑ...... ඉතිං......" ජංකුක් කියාගෙන යද්දි ටෙයොංග් තමන්ගෙ ඇගිල්ලක් ජංකුක් ගෙ තොල් උඩින් තිබ්බා.

" නෑ සර්.... කරදරයක්... නෑඈඈ ඒම කිසිම දෙයක් නෑ.. ඒකට කිසිම ප්‍රශ්නයකුත්  නෑ.... හැමදේම පරිස්සමින් ආරක්ශාකාරිව අපි බලාගමු....... ඒ ගැන හිතන්නැතිව ඔයා ගමන යන්න ලැස්ති වෙන්න.. " ටෙයොංග් කියාගෙන ගියත් ජංකුක් ගෙ සිහිය නම් තිබ්බෙ එයාගෙ තොල් උඩ තිබ්බ ඇගිල්ල දිහාවටයි.

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now