*

192 35 13
                                    

 නුවර වැව පේන මානෙ තිබුන බංකුවක වාඩි වෙලා වැව රවුම වටේ අත් පටලගෙන ඇවිදින ආදරවන්තයෝ දිහා බලගෙන හිටිය මට දැනුනා මගේ ඇස් වලට තනි මකන්න හැමදාම වගේ අදත් කදුලු බිංදු ඇස් මත්තේ එකතු වෙන හැටි...

"පිරිමි අඩන්නෙ නැහැ..."

කදුලු වලට හේතු හදපු කෙනාම පපුව අස්සෙ ඉදන් කෑ මොර දෙද්දි ඇස් වලට උනපු කදුලු බිංදු මං හරි ඉක්මනට පිහදා ගත්තා...

"හිනා වෙද්දි තමා ඔය මූණ ලස්සනම...කදුලු ගැලපෙන්නේ නැහැ ඔයා ඇස් වලට..."

ආයෙමත් එයා...

මං ආයසයකින් උනත් හිනා උනා...එයා වෙනුවෙන්ම විතරක්...

"ලෝකෙම ඉස්සරහ මගෙ අයිතිය ඔයාට දෙන්න බැරි උනාට මේ හිත හැමදාටම අයිති ඔයාටම විතරයි...ඒ නිසා ඒක පරිස්සම් කරපන්...මං දන්නව ඔය හිතත් කවුරු ආවත් අයිති මටම විතරයි කියලා...කොහේ කොහොම කා එක්ක හිටියත් මං ඒ හිත පරිස්සම් කරනවා හැමදේටම වඩා..."

ඒ වචන මතකෙට එන සැරයක් පාසා අමාරුවෙන් ගල් කර ගත්ත හිත ආයෙ ආයෙමත් කෑලි දාහකට විතර කැඩිලා යන්නේ බිදිලා ගියපු වීදුරුවක් වගේ...කොච්චර හදන්න උත්සහ කලත් මුලින් තිබුන තත්වෙට ගන්න බැහැ...

පිරිමියෙක් තමයි...ඒත් මං ඇතුලෙත් ජීවත් වෙන්නෙ මනුස්සයෙක්නේ...මටත් හැගීම් දැනීම් තියනව නේ...මටත් රිදෙනව නේ...ඉතින් ඇයි මට කදුලු තහනම්...

කෑ ගහලා අඩන්න ඕනෙ උනත්...උබ මගේ පණනේ මටනෙ අයිති කියලා කෑ ගහලා ලෝකෙටම කියන්න ඕනෙ උනත් ඒ හැම දේකටම පිරිමියා කියන වචනේ බාධාවක් වෙලා...

 ඈතින් දළදාවේ හවස තේවාවේ හඩ ඇහෙද්දි නොදැනිම හිතට දැනුනේ සැහැල්ලුවක්...

"හිත නිදහස් වෙන්නත් එක්ක මාලිගාවට ගිහින්ම ගෙදර යනවා..."

මගෙ හිත කියද්දි ඒකට අවනත වෙලා මං  මාලිගාවට යන්න හැරුනා...

මාලිගාවට යන්න හිතුනත් අතේ කිසිම දෙයක් තිබ්බෙ නැති නිසා ඇතුල් වෙන තැන තිබ්බ කඩේකින් මල් පොකුරක් විතරක් ගත්තේ ඒ වෙනකොටත් මගෙ පර්ස් එකටම තිබුනේ රුපියල් සීයක් විතරක් නිසා...

Temporary Flower 🥀(Complete)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin