කාලි දහ අටවන ප්‍රවේශය [Final]

1.4K 150 39
                                    

"මොකක් අභිෂේකා ප්‍රෙග්නන්ට් වෙලා."

චන්දෘ මිමිණුවෙ අඩුම තරමෙ එයාටවත් නෑහෙන ගාණට.ඒ එක්කම වගේ රායප්පන් මාමගෙ ගිනිපුපුරු වගේ බැල්ම මගෑරලා චන්දෘ බැලුවෙ අභී දිහා. ඒත් පහුගිය දවස් කීපෙම වගේ අභී ආයෙම කලේ චන්දෘගෙ බැල්ම මගෑරලා බිම බලාගත්තා එක. මෙච්චර දවසක් අභී ගැන අනුකම්පාවක් ආවත් ඒ වෙලාවෙදි නන් චන්දෘ ට අභී ගැන ආවෙ කේන්තියක්....

"ඇයි පුතේ උබ එහෙම දෙයක් කලේ...මේ මාමයි නැන්දයි උබට කරපු වැරැද්ද මොකද්ද දෙයියනේ. එදා මහ රෑ උබ අභීගෙ කාමරේ දිහාවෙ ඉදලා එද්දි මගේ හිතට සැකයක් ආවත් උබ මගේම දරුවෙක් වගේ නිසයි මං ඒක එහෙමම අතෑරලා දැම්මෙ....

ඒත් කෙල්ල තෝන්දු මාන්දු වෙලා වගේ ඉන්දෙද්දි අපි දොස්තර කෙනෙක් ගාවට එක්කන් ගියාමයි මේ විත්තිය දැනගත්තෙ. ඒ ගමන් මයි මේ කෙල්ලවත් ඇදගෙන මෙහෙට ආවෙ.

ඇයි දෙයියනේ උබ අපිට මෙහෙම කලේ..."

නැන්දා ඇවිත් චන්දෘගෙ ඉස්සරහා ඉදගෙන හූල්ලද්දි චන්දෘ නැන්දා දිහා නොබලා කෙලින්ම ගියේ අභී ගාවට. මේ හැම දෙයක්ම සිද්ද වෙද්දි මරියදාස් මුදලාලි මේ කිසිම දේකට පක්ෂව හෝ විපක්ෂව කිසි ම දෙයක් කියන්න නොගිහින් නිශ්ශබ්දව ඉදියෙ චන්දෘ මෙහෙම වැරැද්දක් කරන්නෑ කියලා තමන්ගෙ යටිහිත කියපු දේට කන්දීලා...අප්පා දිහා බලපු එකපාරින්ම ඒ ඇස්වලින් චන්දෘ තමන්ගැන තියන විශ්වාසය දැක්කා. ඒක චන්දෘ ගෙ හිතට ලොකුම සහනයක් වුණා.

"අභී ....මං දිහා බලන්න...

ඔයා දන්නවා අපි දෙන්නා අතරෙ සිද්ද වුණේ මොනවද නැත්තෙ මොනවද කියලා... හැබැයි ඒක ඔයාගෙ මේ අම්මයි අප්පයි දන්නෙ නැහැනෙ. කරුණාකරලා ඒ දෙන්නට ඒක පැහැදිලි කරලා දෙන්න.මොකද මී ඒකෙ අගමුල හොයලා පැහැදිලි කරලා දෙන්න ගියොත් මොනවා වෙයිද දන්නෑ.ඔයා ප්‍රෙග්නන්ට් නන් මේ බඩේ ඉන්න ළමයගෙ අප්පා කවුද කියලත් ඒ දෙන්නට කියන්න... නැත්තං අපේ නෑදෑකමුත් නැතිවෙලා යන්න ඉඩතියනවා...."

චන්දෘ කිව්වෙ හිතට ඇතිවෙච්ච කේන්තිය වචන වලින් පිටකරන ගමන්. චන්දෘ ගෙ වචන වලින් කදුළු පිරිච්ච ඇස් දෙක බිමට හරවගෙන අභී යන්තං වචන ගැටගහගත්තෙ ගොතගගහා....

You've reached the end of published parts.

⏰ Last updated: Jul 30, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

කාලි ||(Completed Bl)Where stories live. Discover now