පූර්විකාව

75 9 1
                                    

“ඔයා මේ කරපු දේට පසුතැවෙයි, වන්ග් යිබෝ!“ ශ්‍යාඕ ඡාන් ඔහු වෙත කෑගැසුවේ ඔහුගේ හ‍ඬෙහි වූ වේදනාව මතුකරමිනි. ඔහුගේ හඬ සැබවින්ම බිඳීගිය හා වේදනාත්මක විය. අනෙකාට එය ඇසුණු විගස ඔහුගේ හදවත වේදනාවක් දැනිණි. ඔහු ගන්නා සෑම පියවරක්ම තවත් වේදනාවක් විය. වන්ග් යිබෝ ඇවිදීම මදකට නවත්වා, “ඡාන්, දේවල් හරියට සිද්ධවෙන්නෙ නෑ. අපි දැන් මේක නවත්තමු.“

එවදන් පැවසීමෙන් පසු ඔහු ආපසු හැරී හෝ නොබැලූ අතර එසේ කිරීමට ඔහුට දැඩි සේ වෙහෙස වීමට සිදුවිය. ඔහුට ශ්‍යාඕ ඡාන්ගේ බිඳුණ හැඬුම් සහිත මුහුණ බැලීමට උවමනා නොවීය. ඔහුට එය දෙස බැලීම දරාගත නොහැකි විය. ඔහුගේ පපුව බෙහෙවින් වේදනා දුණි. ඔහුට මෙය උවමනා නොවීය. නමුත් ඔවුන්ට මෙය ඇවැසි විය.

ඔහු ඇවිදීම නැවැත්වීමට නොසිතුවේ ය. ඔහු ආපසු හැරී දිවගොස් සමාව අයැදීමට පෙර මෙතැනින් ඉවත්ව යාමට වන්ග් යිබෝට අවශ්‍ය විය. ඔහුට සමාව අයැදීමට සහ ඔහුට තමන් දැඩි සේ ආලය කරන බව පැවසීමට පෙර.

පිටව යාමට පෙර ඔහුට දැඩි වැළඳගැනීමක් ලබාදීමට වන්ග් යිබෝ කැමති වුවත් ඔහුට එසේ කළ නොහැකි විය. ඔහුට ඒ සඳහා අයිතියක් නොවීය. තවදුරටත් කොහොමවත්.

ඔහුට ඉක්මනින් කාරය තුළට වැදී එය පදවාගෙන ඉවතට ගියේ ශ්‍යාඕ ඡාන්ව මාර්ගය පසෙකවූ කුඩා අඩිපාරක දමායමිනි. මාර්ගයෙහි ඉදිරිය දෙස බලා හිඳිමින් සිටි ඔහු සිය දෑසින් කඳුළක් ගලා යන පවා නොදත්තේ ය.




Credits go To real author Endless_Infinity

You've reached the end of published parts.

⏰ Last updated: Jun 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

10 Reasons Why You Should Fall In Love With Xiao Zhan (Sinhala Trans.-Upcoming)Where stories live. Discover now