'' තමුසෙත් ඉන්නවා ඕක ඔබ ඔබ.. '' චූටි කිව්වේ අතට අහුවුන හැන්දෙන් සතීශ්ගේ ඔළුව දෙසට වේගවත් පහරක් එල්ල කරන ගමන්...සතීශ් ඒකටත් මුකුත් නොකිය ඔඩොක්කුවට වැටුන හැන්ද සද්ද නැතුව පැත්තකින් තිබ්බේ චූටි ගස්සෙගෙනම උඩ තට්ටුවට යනවා ටයිල් එකෙන් පරාවර්තනය වෙනවා බලාගෙන.. කෙලින් බලන්න බැරි එකට ටයිල් එකත් හොද විසදුමක්... දැන් චූටි ගියොත් ආයේ පහළට එන්නෑ හවස් වෙනකං.. එක්කො මානෙල් ආන්ටි එක්ක කය්යක්. නැත්තන් චූටිගේ යාලුවො එක්ක ගමනක්...

'' අහ්ම්.. අද කොහේ හරි යන්න තියේද  ? '' සතීශ් කිසි උනන්දුවක් නැති ගානට ෆෝන් එකෙන් ඔළුවවත් උස්සන්නැතුව ඇහුවේ පඩිපෙලේ බාගයක්ම නැගලා නැවතුන චූටිගෙන්..

'' නැ.. '' චූටි රතිඤ්ඥා දැම්මා වගේ..

'' හ්ම්ම්.. හොදටම ෂුවර්ද ?  '' සතීශ් ඒ පාර ෆෝන් එකත් සාක්කුවට දාගෙන නැගිට්ටා. මෙහෙමත් ගැස් ඉවසන්ට පුළුවනැ..

'' තමුසෙට මොකටද ඒක ? '' චූටි කිව්වේ පඩිපෙළේ ඉතිරි ටිකත් නගින ගමන්.. එක අතකින් ලොකු අය්යා ගෙදර නෑ, අනිත් අතින් පොඩි අය්යා පිස්සු නටනවා... ඉන්න අනිත් එකත් විකාර කියවනවා... 

'' ඒත් ... '' සතීශ් ඔළුව කස කස කියන්න මොනා හරි අහුළනො.. එක අතකින් පව් කියලාත් නොහිතෙනවා නෙවේ...

'' ඒත් මොකද ? '' චූටි ආයේ ඇහුවේ පඩිපෙළේ අත්වැට ගාවින් පහළට එබිලා... සතීශ් ඔළුව කසනවා කැසිල්ලක්... මැක්කො ඉන්නවාද ෂුවර් නෑ ඔළූවේ.. ඇයි ඒ තරං සුපිරිසිදුව ඉන්නවානේ..

'' සහන්ස අය්යා ගාල්ලේ ගෙදර.. කෙයානුත්  දන්නවා ඒක.. ඒ දෙන්නට ටිකක් කල් දෙන්නකෝ.. ඔය පොඩි පොඩි ප්‍රශ්න වෙනවානේ ඉතින්...'' සතීශ් රැප් කරනවා වගේ කියාගෙන ගියේ ඔළුවත් කස කස...

'' හා.. ඇත්තට ?? මරු කියනකං ඉදියේ මං... '' චූටි නෝන්ඩියට කිව්වේ සතිශ් කියපු දේ සත පහකට ගණන් ගන්නේ නැතුව කාමරේට ගිහින්... සහන්ස ගාලු නොයා වෙන කොහේ යන්නද ? ඒක තේරෙන්නැති වෙන්න මොලේ නැතුවයැ..  චූටි එයාටම කියාගත්තා.. ඇදට එහා පැත්තේ රැක් එකේ එල්ලලා තිබ්බ මෙරුන් රෙඩ් මික්ස් වුන ඩාක් සිල්වර් ඔසරිය දිහා චූටි බැලුවේ බාගේට රවලා.. ස්කොලේ පළවෙනි සෝශල් එක.. පළවෙනි පාරට සාරියක් අදින්න ඇගිලි ගැන ගැන ඉදියේ සිනෙලි..

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now