මහා පණ්ඩිතයෙක් ද කොහෙද

" ඩයලොග් එකෙත් අනාගතේ අදයි කිව්වට ඇත්තටම අනාගතෙ හෙටයි නෙ අත්තම්මා "

" පණ්ඩිත කම් කියවිල්ල පැත්තකට දාලා මෙන්න මෙහෙ වරෙන් කොල්ලො "

" යෝහ් !! ඇයි අනේ..මට නම් බෑ ආයෙ පොල්...."

ඉතුරු ටික මට ඇහුන්නෑ..කොල්ලා ආඩපාලු කිය කිය උගෙ අත්තම්මා පස්සෙ ගියාද කොහෙද ..

හ්ම්ම්..

මම ජනේලෙ ලගින් ඈත් උනේ ලෑස්ති වෙන්න..

බරාස්!!

හහ් ඔය ආවේ විජේසුන්දර වළව්වෙ වෙන්ඩ වාහෙ ..මන් ටවල් එකත් අරගෙන මගේ කාමරෙ තිබුන බාතෲම් එකට ගියා..

" ආහ් මේ ඉන්නෙ අපෙ අයියගෙ පුතා ඊයෙ තමයි ගෙදර ආවේ "

ලොකු නැන්දා කට පුරා හිනාවෙලා සාලෙ ඉදගෙන හිටපු අයට මාව අදුන්වලා දුන්නා..

" ඉතින් කොහොමද පුතා "

එතන හිටපු ගෑනු කෙනෙක් මගෙ අහනකොට මන් හිනා උනා..

" හොදයි ආන්ටි "

මන් සාලෙ පුරාවට ඇස් අරන් ගියා..හොද උස මහත පිරිමි කෙනෙක් , සුදු කොල්ලෙක් තව වයසක පිරිමි කෙනෙක් , ආයෙ ගෑනු කෙනෙක් එක්ක ලමෙක් ...

" පුතා ඔයාට බඩගිනිද " ඒ අස්සෙ නැන්දා මගෙ කනට කරලා අහනවා ..

" ඒක ගානක් නෑ නැන්දා... "

" නෑ නෑ නොකා ඉදලා ලෙඩ හදා ගන්ඩ මෙතන ..යන් යන් අර තේ මේසෙ මන් කිරි..."

"අයියො නැන්දා ඒක ගානක් නෑ ඔය මෙතන බලන්න "

එක දිගටම කියවගෙන යන නැන්දගෙ අතින් අල්ලලා මන් කිව්වා..

මන් සාලෙ හිටපු අයට හිනාවක් දීලා ගියෙ කුස්සිය පැත්තට..

" අනේ අත්තම්මා..මට බඩගිනී නේ "

" පොඩ්ඩක් කෑ නොගහා හිටින් කොල්ලො...නුවර හාමුලාට තේ මේසෙ අරින කන් "

" මේස අරිනකන් ඉන්ඩ ඕනේ නෑ ඔය කොල්ලට මොනා හරි කන්ඩ දෙන්ඩ "

මන් කුස්සියර යන උලුවස්ස ලග හිටගෙන කිව්වා..

" දෙයි හාමුදුරුවනේ ....!! චූටි හාමු "

කුස්සියෙ තේ හද හදා හිටපු අර පණ්ඩිතයගෙ ආත්තම්මා මගෙ හැටියට කියනවා නම් නීටා නැන්දා මගෙ හඩට පුදුම උනා...

උරුමක්කාරයා Opowieści tętniące życiem. Odkryj je teraz