03. ඔරේන්ජ් ජූස්...

918 174 15
                                    

ඊළඟට දෙන්න හමුවෙන්න තැන හැටියට තෝරා ගත්තේ සමීරගේ ෆ්ලැට් එක.

මාසෙකට සැරයක් එන ගමන සති දෙකකට සැරයකුත්... ඒක හැම සතියෙමත්... පස්සේ හැම සෙනසුරාදමයි ඉරිදා දවසකටත් හැරුණේ සමීර දන්නෙත් නැතුවයි.

දසුන් එයාගේ හිතේ සමීර ගැන තිබුන අදහස් මොනවගේද කියලා කියන්න කිසිම පැකිලීමක් දැක්කුවේ නැහැ. එන්න එන්නම දසුන් එයාගේ හිතේ තිබුණ හැඟීම් එලියටදාද්දි සමීර කල්පනා කලේ පොඩි එකාගේ හිත නොරිදෙවෙන විදිහට වැඩ කරන්නේ කොහොමද කියලයි. දසුන්ගේ දඟකාර වැඩ වලට තරවටු කලත් එයාගේ හැසිරීම ඉස්සරහ සමීර එයාගේ හිත පාලනය කරගත්තේ තරමක් අමාරුවෙන්.

කාලය ගත වුනේ දෙන්නටම නොදනිම.

"ඔන්න... දැන් අවුරුදු දහ අටයි... හැපිද?" පළවෙනියටම මුන ගැහිලා අවුරුදු එකහමාරක් ගත වෙලාද කියලා සමීර කල්පනා කලේ දවසක් දසුන් එයාගේ ෆ්ලැට් එකට එහෙම කියාගෙන ගොඩ වෙද්දියි.

තමන්ටත් නොදනිම දසුන් එයාගේ හිත ඇතුලේ පදිංචි වෙලා කියලා සමීරට දැනුනු වෙලාවේදී මොහොතක් වෙලා අරගෙන කල්පනා කරපු සමීරට හිතුණේ ඒක ඒ තරම්ම නරක දේකුත් නෙවෙන බවයි.

****

එදා උදේ ෆ්ලැට් එකට ආපු දසුන් දොරත් අරගෙන ඇතුලට ගියේ සොෆ එකේ ඉඳගෙන හිටිය සමීර දිහා බලන්නේවත් නැතුවයි.

"කොහොමද අයියා... ගුඩ් මෝනින්... ආ... මල්ලා... ගුඩ් මෝනින්... මම ඉතින් පුරුදු විදිහටම ඉන්නවා... ඔයා කොහොමද? මාත් හොඳින්..." සමීර විහිලුවට වගේ තනිවම දෙබස කියවගෙන ගියේ හාක් හුක් නැතුව කුස්සියට ගිහින් ෆ්‍රිජ් එක අවුස්සන දසුන්ට ඇහෙන්නමයි.

දසුන් කුස්සියෙන් එලියට ආවේ විදුරු දෙකකට ඔරේන්ජ් ජුස් දෙකක් දාගෙන. එක වීදුරුවක් ටී ටේබල් එකේ සමීර ඉස්සරහින් තියපු දසුන් අනිත් එකත් අරගෙන සොෆ එකේ අනිත් කෙළවරටම වෙන්න වගේ ඉඳගෙන කකුල් දෙකත් උඩට අරගෙන ගුලි ගැහුනා.

"මොකෝ අවුල?" නිහඬව බලාගෙන හිටිය සමීරට පොඩි එකාගේ හැසිරීම වෙනදට වඩා වෙනස් කියලා තේරුම් ගන්න ලොකු වෙලාවක් ගියේ නැහැ.

සුළඟක්වී අහසේWhere stories live. Discover now