♻️ විසි එක්වෙනි දිගහැරුම ...

2K 469 249
                                    

⚔️⚔️ THE TERRORISTS ⚔️⚔️ ....

🌞 🌞🌞🌞🌞

තෂ්කර්ගන් වලට හිරු පායා හෝරා දෙකක් වත් ගතවී ඇත... යීබෝ අවදිවී සිටියත් ශාන් තවමත් යීබෝගෙ පපුමත සුව නින්දේය .... ලී මැස්ස මත මෙට්ටයක් වත් නොමැති නිසා යීබෝගෙ පිට රිදුම් දෙන්නේය.... නමුත් පෙරදා මධ්‍යම රාත්‍රියක් වනතුරු තුවාලේ වේදනාවට අවදියෙන් සිටි ශාන් දැන් සුව නින්දේ නිසාත් ඔහුව අවදිකරවන්නට අකමැති නිසාත් යීබෝ නොසොල්මනේ සිටින්නේය ...

" යල්ලාහ්....හෝ.....හෝ.................ඕගෆ්...........ඕගෆ්..........."

නිවස අසලින් ගවයන් රැලක් දක්කාගෙන යන ගොපල්ලෙකුගේ කෑගැසීමට ශාන් තිගැස්සී මෙන් අවදිවීය.... පසුව යීබෝගෙ ගෙල අස්සෙන් සෙමින් හිස ඔසවා ඔහු දෙස බැලුවේය ...

" අමාරුයි ද ජානු...."

ශාන්ගේ  සිරුරේ උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වය ට වඩා ඉහළින් ඇති බව යීබෝට තේරුම් ගියේය ...

" නෑ බේබු.... ඉන්න මම නැඟිටින්න පව් ඔයා....."

අපහසුව සඟවාගෙන ශාන් සෙමින් යීබෝගේ සිරුරෙන් බැස මැස්ස මත වාඩිවිය....ශාන්ගේ දෙනෙත් පවා මැලවී ගොසින් ය....

" ඉන්න ජානු... මම වතුර උණුවෙන්න තියන්නම්...."

යීබෝ මැස්සෙන් බිමට බැස මුලින්ම විග් එක සහ උඩුරැවුල දමාගත්තේය ....පසුව කුඩා නිවසට අල්ලා සාදා ඇති කුඩා මුලුතැන්ගෙයට ගියේය .... පෙරදා ඔවුන් මෙහි එන විට පැවතියේ ඝන අන්ධකාරය නිසා මේ කිසිවක්  හරිහැටි බලා ගන්නට නොහැකි විය... එය එක් අයෙකුට පමණක් හැරෙන්නට පුළුවන් කුඩා මුළුතැන්ගෙයකි  ... බිත්තියක් අයිනට වෙන්න බිම කුඩා ලිප් දෙකක් සාදා තිබුණි... එතැනම බිත්තිය අයිනට වෙන්න දර මිටියක් ගොඩගසා තිබෙනු යීබෝ දුටුවේය ... අනෙක් පස ලී වලින් තැනූ පපුව තරමට උස මැස්සක් මත දුර්වර්ණ වී ගිය භාජන කිහිපයක් නවා තිබුණි... මුළුතැන්ගෙයි බිමට මෙන්ම නිවසෙහි බිමටත් ගොමමැටි අතුරා ඇති අතර මැස්ස උඩ නවා ඇති භාජන ඇරෙන්නට අනෙක් සියල්ලම නම් පිරිසිදු විය....

යීබෝට මේවා නුහුරු නැත... ඔහු වසර අටක් මේ පරිසරයෙහි ජීවත් වන්නේ ය... මුලින්ම දර කෝටු කීපයක් ලිපට දමා අසල වහලේ රඳවා තිබුණු ගිණි පෙට්ටියෙන් ඔහු ලිප ඇවිළුවේය... වතුර උණු කරන්නටම වෙන්වූ කේතලයක් එතැන විය.... ඒවා භාවිතයට ගැනීමට නම් මුලින්ම හොඳින් පිරිසිදු කළ යුතු බව අවබෝධ කරගත් යීබෝ  කුඩා මුළුතැන්ගෙට පිටතින් එලියෙ තිබුනු bucket එකක් සහ බූලියක් රැගෙන අසල ගඟට ගියේය .... ඉක්මනින් ඒවාට  වතුර පුරවාගත් යීබෝ  ගම්මුන් ගේ දෙනෙත් ඔහු වෙතට යොමු වී තියෙද්දිම මුළුතැන්ගෙය අසලට ආවේය.... ඉක්මනින් කේතලය සෝදා පෙරදා ඔවුන් සමඟ පැමිණි පුද්ගලයා ගෙනත් දුන් වතුර බෝතලයෙන් එයට වතුර පුරවා උණු වෙන්නට තැබූ යීබෝ යලිත් නිවස තුලට ආවේය ...

⚔️⚔️  THE TERRORISTS ⚔️⚔️ yizhan fan fiction  (Complete )Where stories live. Discover now