(අ)හිමි

274 55 92
                                    


සෙනසුරාදා හවස් වරුවට ගාලු කොටුවෙ කාත් කවුරුවත් නැති පළාතක් හොයාගන්නවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්.. ගොඩක්ම මේ වගේ වැහි පොදකින් වත් කරදරයක් නැති දවස් වලට.. කොහොමත් නිදහසේ ටිකක් ඉන්න කියාපු තැනනේ...

ඒත් ලයිට් හවුස් එක ළඟින් පහළට බැස්සම තියෙන බීච් එකේ වයස විසිපහක තිහක පෙනුමක් තියෙන කොල්ලො දෙන්නෙක් හැමෝටම හොරෙන් තනිවෙන්න ඉඩක් හදාගෙන... කවුරුහරි දැක්කා නම් කියාවි පොඩි එවුන් වගේ රණ්ඩු කරකර හිනාවෙනවා කියලා...

ටිකක් නපුරු පෙනුමක් තිබුණ උස මහත කෙනා ඉඳියෙ ඔෆිස් කිට් එකකින්.. තලෙලු පපුව පේන්න ඈශ් කලර් ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක තුනත් ඕපන් කරගෙන වැල්ලෙ ඉඳඟෙන දණිස් දෙක වටේ අත් වලින් ගැටේකුත් දාගෙන අනිත් කෙනාට රවාගෙන බලන් හිටියා... කේන්තියෙන්ම නෙවෙයි.. ටිකක් නෝක්කාඩුවෙන් වගේ... ඒ අස්සෙ ටිකක් ළාබාල පෙනුමක් තිබුණු අනිත් කෙනා හරි දඟ විදියට නපුරු කොල්ලගෙ ඔලුවට නළලෙන් තට්ටු දදා හයියෙන් හිනාවෙනවා...

"උඹ හිනාවෙනවද බල්ලො..?"

"ඇයි බොස් මොකෝ...? මගෙ කටනේ මං හිනාවෙනවා.. තොට මොකෝ...?"

"අනෙ පලයන් &#% යන්න..!"

"ඌහ්...!!! තෝ ඇට රිලවා..!!! මෙහෙමද සේවකයොන්ට සලකන්නෙ...?"

"ඇයි තොට විතරද බොස්ට ගහන්න අනින්න අරියාදු කරන්න හොඳ..? ඉඳා තව පාරක්...!"

"ආහ්හ්හ්..! ඒක නම් රිදුනා දේව්..!! උඹට මං... ඔහොම හිටපන් තෝ දුවන්නෑ..!!"

නාකි පොඩි එවුන් දෙන්නා බීච් එක පුරා දුවලා දඟලලා කොහොම හරි බිමත් පෙරළිලා වැලි නාගෙන නැටුවා.. කුලු හරක් දෙන්නෙක් වගේ ඇති වෙනකම් ඔලුවෙන් ඇනගෙන ඉවර වෙලා මහන්සිය පිටින් හරි දාගෙන සටන් විරාමයකට එන්න පුළුවන් වුණාද කොහෙද... අන්තිමට රතු වුණ නළලවල් දෙන්නත් එක්ක අතගාගෙන වැලිත් පිහද පිහිද නැගිට්ටා...

"දේව්..."

"මොකෝ..."

"උස්සපන් මාව..."

"අනේ මේ දැන් තෝ නැගිට්ටෙ...? ආයෙ පෙරලුනාද කක්කුට්ටෝ...???"

"උඹ මාව නැගිට්ටුවෙ නෑ කියලා මතක් වෙලා මානසිකව ඇදගෙන වැටුණා... උස්සනවකො ඒයි...!"

(අ)හිමිWhere stories live. Discover now