🔞 42nd Bite 🔞

Start from the beginning
                                    

❤️ මොකක්ද අම්මී...

" තාත්තිගෙ කටහඩ අර ගන්න පුළුවන් උනොත් මැණික.. මැරෙන්න කලින් මටත් ඒ සතුට ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්.. සල්ලී නෑනේ රත්තරන්.. ඇත්තටම ලොකූ කිව්වා වගේ එයාව හොද කරන්න බෑ කියලා දොස්තරලා කිව්වෙ නෑ පුතේ.. ලොකූ පොඩි කාලේ එක පාරක් අපි පෙන්නුවාම ඒ දොස්තර නම් බෑ කියලා කිව්වා තමයි... අනිත් කවුරුත් බෑ කිව්වේ නෑ පුතේ... සල්ලී නැති කමට ඔහේ හිටියා මිසක්.. අපි දුප්පත් මිනිස්සු පුතේ... අපේ ඔයාට පිං අයිති වෙයි රත්තරන්.. මන් මෙහෙම කියන එක වැරදි ඇති පුතේ.. ඒත් අනේ මගෙ මහත්තයව හොද කරලා දෙනවද පුතේ... "

❤️ අනේ අම්මී... ඇයි කලින් ඕක මට නොකීවේ...

" සමාවෙන්න රත්තරන්... "

❤️ අනේ එහෙම කියන්න එපා හොදද.. අපි ඉක්මනින් තාත්තිව හොද කර ගමු... ඇත්තටම අම්මී දැන් නම් මගේ හිතේ ලොකූ බලාපොරොත්තුවක් තියෙනවා.. ඒ කියන්නේ මට එයාගෙන් ආදරෙයී කියලා අහගන්න පුළුවන් නේද අම්මි... 🥺🥺🥺

" ම්ම්ම්.. පුළුවන් වෙයි මැණික... "

අන්තිමට ජාන් ශැංහයි යන්න කැමති උන හේතුව උනේ එයාගෙ තාත්තිගේ නැතිවෙලා තියෙන කටහඩ.. ඔව්.. ඒක ගන්න ඕනේ.. ඒ නිහඩව දෙන ආදරේ මන් ඔයාට ආදරෙයී කියලා කටින්ම අහගන්න ඕනේ.. එහෙමයි ජාන්ගේ හිතට දැනුනේ.. අඩන එක පැත්තකට දාපූ ජාන් දුවන් ගියේ වත්තේ කෙරවලක ඈත බලන් වාඩි වෙලා ඉන්න තාත්තී ලගට...

❤️ තාත්තී...

ජාන් එහෙම්මම තාත්තිගෙ පපුවට තුරුල් උනා.. අත් දෙකෙන්ම ජාන්ව තුරුල් කර ගත් තාත්තී ඒ හිස් මුදුනට හාදුවක් තිබ්බේ හැඩු කදුලින්... හිතට දැනෙන හැගීම් වචන කරන්න පුළුවන් උනානම් එයාට එයත් කියයි අනේ පුතේ යන්න එපා.. උබ තමයි මේ ගෙදර හිනාව.. උබ ගියාම මට පාලුයි.. දැන් කවුද ඔංචිල්ලාවේ ඉදන් සතුටින් පදින්නේ.. දැන් කවුද පොතයි පෑනයි උස්සන් මගෙ පස්සෙන් එන්නේ.. දැන් කවුද කුරුලු පැටියා වගේ මම කවන කවන කෑම ටික කන්නේ.. දැන් කවුද මගේ මූණට හිනාවක් ගේන්නේ කියලා.. මුකුත්ම කියන්න බෑනේ.. ඒ හිතට දැනෙන දුක හරි අපූරුවට දියකරලා ගලන් යන්න ඉඩ දුන්නා...

❈ 𝒊 𝑩𝒊𝒕𝒆 𝒀𝒐𝑼 𝒊𝑵 𝑴𝒚 𝑬𝒚𝑬𝒔 ❈               ✓ ʸ 丨 𝐳 H 𝒶 𝐍  ✓Where stories live. Discover now