"ඇයි ඔයා ගෙදරින් කෑවේ..."
"මම කිව්වේ මගෙ බඩේ හිගන්නෙක් ඉන්න නිසා ආයෙත් බඩගිනි..."
"ඕහ් ඉන්නවා ඉන්නවා මම ඕඩර් කරන්නම්..." කේශර එහෙම කියලා නැගිටලා ගියා.

**********

"සුදු අපි අද රැවුල කපමු..." චාරුක රේසරයක් වගෙම රැවුල කපන්න ඕනේ ඔක්කොම බටු ගෙනල්ලා ඇද පොඩ්ඩක් කෙලින් කරා.

"ඕහෝ අපේ නංගි මුලු රැවුලම කැපුව වගෙ කියුට් නෑ සුදු ඔයා... අපි මුලු රැවුලම අදත් කපමු ඔයා දන්නවද එතකොට ඔයා බබෙක් වගෙ..."

"කෝ ඉතින් ඔයාට වුවමනා නෑනේ අයියව බලන්න. කිස් එකක් දෙන්න. මම නම් ඔන්න කිස් කරනවා. ඔයාගෙ හැමදේම මේ අත් දෙකෙන් මම කරනවා. දන්නවද උපේ අම්මා මට දවසක් කිව්වා ඔයා හරි මුරණ්ඩුයි කියලා. එදා ඉදන් මම ආසයි ඔයා උපේ අම්මා එක්ක හිටිය විදියටම මා එක්ක ඉන්නවට... මම අපේ ඇනිවසරි 2ක්ම තනියම සැමරුවා ඔයා නෑනේ... එත් මම ටනායාට කිව්වා එදා මට එයාව එපා කියලා. මම දැන් මාස 9ක් වගෙ ඇමරිකා ඇවිල්ලා ඔයාව හොයාගන්න බැලුවත් බැරි වුනා."

"ඕහෝ... හරි කපලා ඉවරයි... බලන්න මගෙ සුදුගෙ මූණ හරි ලස්සනයි... දැන් නම් මාව කිස් කරත් කීරි ඇනෙනවා වගෙ නෑ... හැබැයි මම නම් කපන්නෙ නෑ හරිද?" චාරුක එයාගෙ රැවුල මිතුගෙ නිසොල්මන් මූනේ එහාට මෙහාට කරලා තොල් දෙක කිස් කරා... ඇස් දෙකෙන්ම කදුලු ගලන් යන වේලාවේ තවත් උඩු තොලයි යටි තොලයි කිස් කරපු චාරුකට  ඇහුනේ හාර්ට් මැෂින් එක වේගෙන් යනවා වගෙ...  චාරුක කදුලු පිහිදාන් නැගිට්ටේ වෙනදා වගෙම මිතුව පිහිදාන්න උණු වතුරයි තුවායකුයි ගෙන්න. උණු වතුරට දාපු තුවාය හොදට තෙත මාත්තු කරලා මිතුගෙ කෙට්ටු ශරීරේ පිහිදාද්දී ඇත්තමයි චාරුකට කියාගන්න බැරි වේදනාවක් ආවේ.

"ඔයා කෙට්ටු වෙලා මිතු... මාව තල්ලු කරලා බලෙන් කිස් කරපු පළවෙනි දවසෙ මසල්ස් පිරුනු ඇග දැන් නෑ..." ආයෙත් මිතුව බදාගෙන බෙල්ලට කිස් එකක් දුන්නා.

"මට ඕනේ මෙතන මාර්ක් එකක් තියන්න ඔයා නිතරම කරනවා වගෙ"

චාරුක උණු වතුර එක අරන් යන්න හදන වේලාවේ දැක්කෙ මිතුගෙ සුලගිල්ල හොලවනවා. චාරුක දැනන් හිටියා කරන්න ඕනේ දේවල් එත් එයා ඩොක්ට වීරසිංහ ට කතා කරේ එයා මොකක් හරි වැරැද්දක් කරයි කියලා

💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈Where stories live. Discover now