'' ආහ්හ්.. '' ඒක ඇහුනාම තමා සතීශ්ට මතක් උනේ උට පැවරුණු බරපතළකාරිය... මෙච්චර වෙලා බරටම මනො පාරක් ගහන ගමන් ඉදපු ඌ පියවි සිහියට ආවෙත් උගේ සද්දේට චූටි රවලා බැලුවාම..

'' එහෙනම් අපි අද කන්න එළියට යංද පොඩි අය්යේ ?.. '' චූටි ඇහුවේ කෙයාන්ගෙන්... කෙයාන් කොට්ටේ අස්සෙන්ම ඔළුව වනන්නත් කලින් සහන්සටත් ගස්සපු චූටි නැගිටලා දොරගාව ඉදපු සතීශ්වත් තල්ලු කරගෙනම එළියට යනවා ඒ සැරේ කෙයානුත් කොට්ටේ අස්සෙන් යන්තං ඇහැක් උස්සලා බලාගෙන ඉදියා... සතීශ්ගේ මූණට දාහට අරන් සීයට දිලා වගේ.. ඌ හෙන අසරණ ලුක් එකකින් සහන්ස දිහා බලලා බෙල්ල ඇල කළා... අනේ ඉතින් අසරණයා.. චූටිගේ ගෑස් එක්ක හැප්පෙනවා කියන්නේ ලේසි පහසු වැඩක්යැ..

'' මේ පාර නං යාළු කරගන්නවා බොරු ඈ,. ' සහන්සගේ මහා දාර්ශනික සිත කඩන කතාව සතීශ්ගේ මූණ තව ඇට්ටකුණා කළා..

'' මොකද උනේ අච්චර ? '' කෙයානුත් තදින් ඇහුවේ වෙනදාට දීකිරි මීකිරි වඩේ ගැන කියවන සතීශ්කාරයා අද නෝ කතා නෝ සිනා නිසා.. එක්කො චූටිගෙන් ගුටි කාලා අද ...

'' මං දන්නේ කොහොමද ? '' සතීශ් කටත් ඇද කරලා එහා පැත්තට හැරුනේ සාක්කුවට අත් දෙක දාගෙන.. කිව්ව විදියෙන්ම තේරෙනවා මිනිහා ස්පොන්ච්බොබ් වගේ ගිනිගොඩක ඉදගෙන යසයි යසයි ගානවා කියලා..

'' මං පහළට යනො.. ජීප් එකේනේ යන්නේ ? ලැස්ති වෙලා පහළට එන්න අය්යේ. '' සතීශ් සහන්සට යන්තං මුමුණලා පහළට බහිනවා දෙන්නම බලාගෙන ඉදියේ අන්ද මන්ද සීන් එකේ..

'' අර මොකද බං ඒ ? '' කෙයාන් එයාගේ මුනිවත පැත්තකට දාලා සහන්සගෙන් අැහුවේ කොට්ටේ අස්සෙන් ඔළුව උස්සලා..

'' මොකාක් හරි ඇදගෙන තමා දෙන්නා එක්කලා.. ඊයේ දවල් ඉදන් සතීශ් පේන්න ඉදියෙත් නෑනේ ? '' සහන්ස ඇහුවේ කෙයාන්ගෙන්..

'' ඕ.. මං හිතුවේ ඌ ආයේ ගාලු ගියා කියලා..ඒත් ආදිතු කෝල් කරලා තිබ්බේ සතීශ්ට.. එතකොට තමා දන්නේ මූ තාම නුවර කියලා.. අපිට කිව්වේ යනවා කියලානේ... '' කෙයානුත් කිව්වේ සතීශයාගේ අප්‍රබ්‍රංස ටික ලිහන ගමන්... එයාගේ හාම් හූම් සද්දයක් නැති උපවාසේ මිනිහට අමතකයි දැන්..

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now