"තමුසෙ කවුද?"

.........................

"තමුසෙ කවුද කියනවා...ඇයි මාව මෙහෙට ගෙනාවේ?"

..........................

"තමුසෙ වැරදි මිනිහෙක් ගෙනත් තියෙන්නේ,මං අඩුම ගානේ තමුසෙව දැකලවත් නෑ,"

............................

මං කොච්චර තරහෙන් කෑ ගැහුවත් මූ කතා කරන්නෙම නෑ මගෙ මූන දිහාම බලන් ඉන්නවා,ගොලුවෙක් වත්ද,මොකක්ද දෙයියනේ මට මේ වුනේ.මං ආයෙ ආයෙම කතා කරා.

"කතා කරපන් යකෝ,මාව ලිහපන්.මට යන්න දියන්"

...............

"තෝ මට යන්න දෙනවද?නැත්ද?කවදාවත් දැකලවත් නැති එකෙක්ව මෙහෙම ගෙනත් සතෙක් වගේ හිර කරගෙන ඉන්නෙ මං තමුසෙට මොනව කරාටද"

හිතේ වේදනාවටත් එක්ක මං කියවගෙන කියවගෙන ගියත් මේ පාර නම් අරූ සද්ද නැතුව හිටියෙ නෑ,උගෙ දකුණු අතෙන් මගෙ කට තද කරල මිරිකුවා..

"ම... මාව අ...අත ඇරපන් යකෝහ්."

"හහ් හහ් හා....උබට ඕනේ මං උබට යන්න දෙන්නද..
බලපන්....බලපන් මූන උස්සලා බලපන් මාව දැකලම නැත්ද උබ?"

එහෙම අහන් මූ මගේ කට තදින් මිරිකන ගමන්ම බලෙන්ම මූන ඉස්සුව,කට පුපුරන්න වගේ වේදනයි,මං හොදටම මූන බැලුවා,ඇත්තටම මට විශ්වාසයි මං මූව දැකලා නෑ කියල...

"මොනවද කල්පනා කරන්නෙ යකෝ..උත්තර දීපන්.තො මාව දැකලා තියෙනවද නැත්ද?"

"මං තමුසෙව දැකලා නෑ.තමුසෙ මට යන්න නොදුන්නොත් නම් තමුසෙට මාව මතක හිටී"

කියනවත් එක්කම මගෙ කනට වැදුනු පාරක් එක්ක මාව විසික්කා උනා...අව්හ් මගෙ වම් අත කැඩිල තිබුනු චුටි චූටි සිමින්ති කෑලි වලට හීරිලා ලේ එන්න ගත්තා,ගොඩාක් තුවාල උන් නැතත් මද්දහනට කිට්ටු නිසා වෙන්න ඇති ලේ ගොඩාක් එනවා..අතේ තිබුනු ලේ ඇගේම පිහ ගෙන මං අමාරුවෙන් ආයෙත් නැගිට ගත්තා,මං මෙහෙම වැටිල ඉදල බෑ,මං මගෙ හිත ශක්තිමත් කර ගන්න ඕනෙ.

"ම....මාව මෙහ්...මෙහෙම ගැට ගහල තියන්න ත...තරම් මන් කරපුහ් වැරැද්ද මොකක්ද?"

ඇස් වල කදුලු පිරෙනකොට මං මගෙ කකුලක් අමාරුවෙන් දික් කරල පෙන්නන ගමන් වචන ටිකක් ගොතා ගත්තා..ඒත් ඌ අනුකම්පා විරහිතව කාමරේ දෙදරල යන්න තරම් හයියෙන් හිනා වෙන ගමන් අත් දෙකෙන්ම මගෙ ඇදුමේ කොලර් එකෙන් ඇදලා ගත්තා.

"වැරැද්ද?"

ඌ මගෙ මූනටම එබෙන ගමන් ඇහුවා..මං උත්තර දෙන්න හැදුවත් මට මාවම ශුවර් නෑ ඇත්තටම මං මූව දැකලත් නැති වෙනකොට මගෙන් මූට කොහොම වැරැද්දක්ද උනෙ කියල.
ඉතින් මං හුම් ගෑවා,ගෑව නෙවේ ගෑවුනා.ඒත් ඒක ප්‍රශ්නෙට උත්තරයක් නම් නෙවේ කෙදිරුම් හඩක් විතරක්ම වෙනකොට එයා අයේත් මගෙ කට තව තදින් මිරිකන ගමන් ඒ ප්‍රශ්නෙම ඇහුවා.

"කියපන් වැරැද්දද දැන ගන්න ඕන"

"ඔ...ඔව්"

හහ් හහ් හහ්....
වැරැද්ද?
වැරැද්ද තමයී..............................නෑ නෑ නෑ දැන්ම වැරැද්ද දැන ගන්න ඕන නෑ,වැරැද්ද නොදැන දඩුවම් විදිනකොට තමයි හොදටම විදවන්න පුලුවන්,උඹේ ඔය හයි කාරකම් ගනන් කාරකම් බැස්සුවට පස්සේ මං කියන්නම් උබට උබ මොකක්ද කරපු වැරැද්ද කියල,හහ් හහ් හා උබට ගොඩාක් විදවන්න තියෙනවා වූශියෑන් ගොඩාක් විදවන්න තියෙනවා"

මට මං කරපු වැරැද්දත් නොකියා ඌ මාව කුණු මාලු කෑල්ලක් වගේ අප්පිරියාවෙන් බිමට විසි කරල දන්වැල වත් ගලවන් නැතුව ගියා.මං මගේ දෛවයට වෛර කරනවා.මං අත මිටි මොලවල බිමට ගහන ගමන් පොඩ්ඩියේ කියල කෑ ගැහුවා
..අනේ අම්මේ මගෙ මුලු ජීවත කාලෙම මං ඔයාගෙන් ඉල්ලීමක් කරලා නෑ.
මට........මේ ඔයාගේ පුතාට මෙතනින් යන්න පාරක් පෙන්නලා දෙන්න.මට ආශිර්වාද කරන්න අම්මේ එහෙම නැත්තම් අපේ පොඩ්ඩි අඩලම මැරිලා යයි අම්මෙ.......අනේහ් කරුණාකරලා ...................................

"හහ් හහ් හා ‍යන්න.......උඹට යන්න ලැබෙයි..එත් ගෙදර නම් නෙවෙයි...මගෙන් උදුර ගත්ත ආදරේට කඩ කරපු මගෙ විශ්වාසේට වන්දිය ගෙව්වම මං උඹව යවන්න ඕනේ තැනට යවන්නම්........හහ් හහ් හහ්"













කවුරුත් නෑනෙ මගෙ කතාව කියවන්න.😔කමක් නෑ ආසව නිසා තනියෙන් හරි ලියනවා,☺️

2022/03/21

🐺If I Find You🦇️ (Yizhan) CompleteWhere stories live. Discover now