Jungkook එහෙම කියලා Taehyung සිටි ස්තානයේ සිට අඩි 7කට ඉදිරියේ තියන කැන්වසයක් සමග අවශ්‍ය අමුද්‍රවය වලින් පිරුනු තමන්ගේ ස්තානයට ගොස් ඒ ස්ටූල් එක උඩ වාඩි වුනා. පින්සල රැගෙන තමන්ගේ චිත්‍රය ආරම්බ කල ජන්කුක් තම පූර්න අවදානය සිතුවමට යොමු කලා.





දැන් මුලු පරිසරයම අන්දකාරයෙන් ගිල ගෙන ඇත. රාත්‍රී 7 වීමට තව ඇත්තේ කෙටි කාලයකි. හෝරා දෙකකට ආසන්න වශයෙන් දැන් කාලය ගෙවී ගොස් ඇත. ජන්කුක් ඒ හෝරා දෙකේම තම අතේ රැදි පින්සල ආදාරයෙන් Taehyung දිහාත් කැන්වසය දිහාත් මාරුවෙන් මාරුවට බලමින් තම චිත්‍රය අදිනු ලැබුවා. ඒ මුලු කාලය තුල අවට පරිසරයෙන් ඇසුනේ බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුවේ කටු කැරකෙන හඩ පමනි. නිසොල්මන්ව ජන්කුක් ගේ චිත්‍රයට උදව් සපයන Taehyung කිරි ගරුඩ ප්‍රතිමාවක් ලෙස තවමත් වේදිකාවේ සිටී. 

"ම්ම්...............ඔන්න ඉවරයි."

ජන්කුක් අන්තිම පින්සල් පහරත් කැන්වසය මත ගෙනිහින් තමන්ගේ නිර්මානය අවසන් කලා. 

"මන් එහෙනම් දැන් නැගිටින්න ද??"

Taehyung තවමත් හිටපු විදියට නිශ්චලව ඉන්න ගමන් ජන්කුක් ගෙන් එහෙම ඇහුවා.

"ටිකක් ඉන්න Tae. මන් උදව් කරන්නම් ඔයාට."

ජන්කුක් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා Taehyung ලගට ඇවිත් ඇගවටා ලාවට ගිහින් තිබුනු සේද රෙද්ද මුලු ඇගම වැහෙන විදියට Taehyung ගේ ඇග වටේ ඔතලා, මේසේ උඩ තිබුනු වතුර විදුරුවත් Taehyung ගේ අතට දුන්නා.

"ඒක ලස්සනයිද??"

Taehyung වතුර වීදුරුවෙන් උගුරක් බීලා තමන් දිහා බලන් හිටපු ජන්කුක් ගෙන් එහෙම ඇහුවා.



"ම්ම්.....................ඔව්. ඒක අනිත් චිත්‍ර වලට වඩා වෙනස්. එන්න පෙන්නන්න."

ජන්කුක්, Taehyung ගේ අතින් අල්ලගෙන කැන්වසය ලගට ගිහින් ස්ටූල් එකෙන් Taehyung ව වාඩි කරවලා Taehyung ගේ උරහිසට උඩින් තමන් ඇදපු චිත්‍රේ දිහා බැලුවා.



Taehyung ගේ ඇස් පුදුමෙන් විශාල උනේ තමන් ඉදිරියේ තියන ඒ සිතුවම දැකලයි. මීට පෙර ජන්කුක් ඇදපු තමන්ගේ රුවවල් වලට වඩා වෙනස්, කලාත්මක චිත්‍රයක් තමන් ඉදිරියේ දක්නට ලැබෙනකොට තමන්ගේ දෑස් පුදුම නොවී තියේවිද??

"ඒ-ඒක ලස්සනයි. ගොඩක්."

Taehyung කතා කරන්න වචන හොයන ගමන් අමාරුවෙන් ඒ වචන කිහිපය තමන් ගේ මුවින් පිට කරගත්තා.

"ඔව්. ඇත්තටම. ඒක කලාත්මක බවින් ගොඩක් ඉහල චිත්‍රයක්. මගේ අතින්මද ඇන්දේ කියලා මටම පොඩි සැකයක් තියනවා."

ජන්කුක් Taehyungගේ නිරුවත් උරහිස් වල තමන්ගේ ඇගිලි තුඩු හිමින් සීරුවේ ගෙනියන ගමන් එහෙම කිව්වා.

"මේ නිර්මානේ ඔයා මොන ගැලරියට ද විකුනන්න හිතාගෙන ඉන්නේ ජන්කුක්??"

Taehyung චිත්‍රෙන් තමන්ගේ  ඇස් අරගෙන ජන්කුක් දිහාවට හැරෙන ගමන් ජන්කුක් ගෙන් එහෙම ඇහුවා.



"මේක විකුනන්න හිත දෙන්නේ නැහැ ටේ මට. මන් හිතන්නේ මේ නිර්මානය, මට ඔයා ගැන තියන සිහිවටන ගොඩමට වැටේවි."

ජන්කුක් Taehyung ගේ ඉන වටින් අත් යවලා Taehyung ව තමන් ලගට ඇදලා ගන්න ගමන් එහෙම කිව්වේ බොහොම පහල ස්වරයකිනි.

"එතකොට දැන් කොච්චර මන් ගැන සිහිවටන එකතු කරලා තියනවද ඔයා??"

Taehyung, ජන්කුක් ගේ ගෙල වටින් තමන්ගේ අත් යවලා ජන්කුක් ට තව ටිකක් ලං වෙන ගමන් ජන්කුක් ගෙන් එහෙම  ඇහුවා.

"හොද ප්‍රශ්නයක්. නිවාඩු දවසක ඔක්කොම ගනන් කරලා බලන්න ඕන කීයක් තියද කියලා."

ජන්කුක් හිනාවකින් මුව සරසගෙන තමන්ගේ නහය Taehyung ගේ නහයේ ගාවලා, Taehyung ව ඉනෙන් උස්සලා හරහට වඩාගෙන තමන්ගේ නිදන කාමරය වෙත ගියා.





T.B.C

_𝓐𝓻𝓽 𝓞𝓯 𝓣𝓱𝓮 𝓝𝓾𝓭𝓮_ Taekook √Where stories live. Discover now