Chapter 20

315 66 2
                                    


යීබෝ උන්නේ හොඳම නින්දේ.. වෙලාව පාන්දර දෙකයි.. එක පාරට ඇහැරුනේ ගොරවන නිසා..

අයියෝ මගුල අදත් ගොරවනවනේ.. චන්ගා උන්නනම් බයටම මට ගුලි වෙනවා.. පාලුයි අනේ ඔයා නැතුව..

ආහ්.. ෆ්‍රිජ් එක ගහලා නේද.. ගලවන්න ඕනා..

යීබෝ කොයිකටත් ටෝච් එකක් පත්තු කරන් ගියේ.. කරුමෙටවත් කරන්ට් එක ගියොත් කියලා.. පහලට ගිහින් කුස්සියේ ලයිට් එකත් දාලා ෆ්‍රිජ් එකත් ගලෝ දැම්මා..

අම්මෝ බඩගින්නක් එනවා..

බලමු.. අහ්.. ඇපල් කමු..

යීබෝ ඇපල් ගෙඩියකුත් කකා කුස්සියේ ලයිට් එක ඕෆ් කරේ කාමරේට යන්න.. ටෝච් එක එක අතක.. අනිත් අතෙන් ඇපල් ගෙඩිය කටේ ඔබන් ඉන්නවා.. උඩට යන්න යද්දිම යීබෝගේ ඇඟ හිරි වැටිලා ගියේ එයාගෙ යටිකයට දැනුන ස්පර්ශයක් නිසා..

මොන මගුලක්ද..

මල්ලී..

තමුසේ.. මොකද ඕයි.. යනවා එහාට..

කෑගහන්න එපා පැටියෝ.. ඔයාගේ කාමරේට යමුකෝ..

ඇයි තමුසෙට මොනවා හරි ඕනෙද..

ඔව්.. මට මෙයාව ඕනා..

යූහී යීබෝගෙ යටිකය ආයෙමත් ඇල්ලුවා.. දැන් නම් යීබෝගේ රැස් බැහැලා ඇඟ ඇතුලෙන් වෙව්ලනවා.. කොල්ලා ආයෙමත් බය වෙනවා වගේ..

චන්ගා..

කොල්ලා හිතින් චාන්ට කීපාරක් කතා කරාද දන්නෙ නෑ.. කොල්ලා හොඳ සිහියට ආවේ යූහී දණ නමන් යීබෝ ඉස්සරහ පාත් වෙද්දී..

අයින් වෙනවා ඕයි..

ඇයි.. ඔයාට පුලුවන්නම් ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මේ සේරම දෙන්න.. මටත් දෙන්න පුලුවන් වෙන්න එපැයී..
මමයි ඔයාව අවුරුද්දක්ම බලාගත්තේ..

මොන ජාතියේ අවලම් ගෑනියෙක්ද මේ.. පලයන් එහාට..

යීබෝ අතේ තිබ්බ ටෝච් එකෙන්ම යූහීගේ නළලට ගැහුවේ යූහිට එලියෙ ගහන අකුණු ගේ ඇතුළට ඇවිත් වැදුනා වගේ හැඟීමක් දැනෙද්දී..

ආව්..

රිදුනද.. ඔයිට වඩා රිදුනා අක්කේ ඔයාල එදා මාව බොරු කාරයෙක් කරලා දාල ගියාම.. මට වැඩක් නෑ දැන් ඒවා.. මට ඉන්නවා මන් ආදරය කරන කෙනෙක් මට ආදරය කරන කෙනක්.. ඉතින් ඔයාල උන්නත් එකයි මට මලත් එකයි  දැන්.. ඉන්නව නම් පාඩුවේ ඉන්නවා.. නැත්තම් යනවා ඕයි පව් නොදී.. කීයටවත් මාව අල්ලන්න හිතන්න එපා..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Où les histoires vivent. Découvrez maintenant