'' කතා කළාද අය්යේ ?  '' චූටි ඇහුවේ සහන්ස එන්න එන්නම කලබල වෙනවා එයාට හොදටම පේන්න තිබ්බ නිසා.. ඔළුව දෙපැත්තට වනපු සහන්ස කලබලයක් නෑ වගේ නැගිට්ටත් මිනිහාගේ හිත නං මීටර් හාරසීයේ රේස් එකක් දුවනවා... ඇයි මුන්ට බැරි හැටියක් අඩුම තරමේ ෆෝන් එක උස්සන්න !!! ගඩොල් කැටයක් විතර ලොකු ෆෝන් එකක් නං තියේ මහලොකුවට දෙන්නටම...

'' චූටි... මේ මං පොඩ්ඩක් බලලා එන්නම්.. ඔයා පරිස්සමින්... බය වෙන්න දෙයක් නෑනේ මානෙල් නැන්දාත් ඉන්නවානේ... '' සහන්ස හොද හුස්මක් ගන්න ගමන් කතා කළේ එයා කලබල නෑ කියලා චූටිට පෙන්නන්න ...  චූටි ඒකට උත්තර දෙන්නාත් කලින් සහන්සයා දොරින් එළියට පැනලාත් ඉවරයි.. සතීශ්ගේ බයික් එකේ යන්න කියලා හිතාගෙන එළියට බැස්සාත් මොර සූරන වැස්සෙන් මුළු නුවරම තෙමෙනවා.. එයා මුකුත් හිතන්න  කලින්ම සතීශ්ගේ ජීප් එක ඇවිත් ගෙදර ඉස්සරහා නැවැත්තුවේ පැයට කිලෝමීටර් බරගාණක වේගෙන්...

''  ආ.. මෂ්ෂිනා.. බැහැරක් වගේ ? '' සතීශ් ඇහුවේ ජිප් එකේ ඉන්න එයා වෙනුවට අනිත් සීට් පීරන සහන්සගෙන්..

'' කොහෙද කෙයාන් ? ''

'' කෙයාන් ආවේ නැද්ද ? '' සතීශ් නළලත් රැලි කරගෙන ඇහුවේ කලබල වෙලා ඉදපු සහන්සගෙන්.. සහන්ස උත්තර දෙන්නැතුව බිම බලාගත්ත විදියෙන්ම සතීශ් හිතාගත්තා මොකක් ද වෙලා තියන අංජකොරොස් සින් එක කියලා...

'' අපි ටිකක් බලමු.. ඔෆිස් එකේ මීටින් එකක්ද දන්නෑනේ.. නගින්නකො අය්යේ.. '' සතීශ් කිව්වේ ජීප් එක ස්ටාට් කරන ගමන්... සහන්සත් කියන පරක්කුවට ජීප් එකට දාගත්ත සතීශ් ඔෆිස් එක පැත්තේ පාරට ඒක හැරෙව්වේ සැලකිය යුතු වේගෙකින්... සහන්ස ආයේත් ෆෝන් කෙයාන්ට කෝල් කලේ අඩුම තරමේ ෆෝන් එක උස්සපන් මිනිහෝ කියලා මුමුණන ගමන්...

කෙයාන් කොයි ලෝකෙක අතුරුදහන් වෙලාද කියලා එයාට හිතාගන්නත් බෑ... එක්කො වැස්ස නිසා බයික් එකේ එන්න බැරුව ද ? ඒත් කෙයාන් කොච්චර වැස්ස තිබ්බාත් තෙමෙන්න පුදුම ආසයි කියලා සහන්ස හොදටම දන්නවා... සහන්ස ආයේත් කොයාන්ගේ ෆෝන් එකට කෝල් කලේ මූණට හම්බුනොත් අද නං මිනිහාව අච්චාරු කරනවා කියලා බැන බැන..

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now