අසම්මත #1

100 27 4
                                    

විදුලි පංකාව වා තලය හා ගැටෙමින් ඇති කරන නාදය හැරුණුකොට පැතිර තිබුණේ මහත් නිහැඬියාවකි. අදුරු අනාගතය ඉදිරිපිට හිද අත වනද්දි ඝෝෂාකාරී බාහිර ලෝකයෙන් මදකට හෝ ඈත්ව විසීම ඔවුන්ට මහත් සහනයක් විය.

"අනන්යා " ඇගේ හඬ වෙහෙසකර ය. වත සුදුමැලිව ගොස් ය. නමුත් ඇගේ උර මත හිස හොවා උන් අනන්යා නම් තරුණියට ඒ වචන මහත් ප්‍රබෝධයක් ගෙනදුනි. ඒ වදන් ඇගේ ආත්මය ම සන්තාපයෙන් පිනවීය.

"ම්ම් " අනන්යා හඬ අවදි කළාය. ඇගේ හඬ ආදරණීය ය. කිංකිනි පරදන ඒ හඬ ඩේලියාගේ මුවගට සිනහ රැල් කැන්දන් ආවද සැනෙකින් ඈ විසින්ම එය යටපත් කර ගත්තාය.

"දැන් ඔයා මේක නවත්ත ඕන " ඩේලියාගෙ හඬ බිඳුනු ස්වරූපයක් ගෙන තිබුණි.

"මන් ඔයාට ගොඩක් ආදරෙයි " අනන්යාගේ වදන් හමුවේ ඩේලියා බර හුස්මක් පිට කලාය.

"ඒකට තමයි මං බය "

"ආදරය කියන්නෙ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි ඩේලියා... ඒක මටත් වඩා ඔයා හොඳටම දන්නවා"

"ඒත් පැවැත්මක් නැති බැදීමකට මට බලාපොරොත්තු දෙන්න බෑ"

" මට නිදිමතයි " අනන්යා ඩේලියාට තවත් තුරුළු විය.

"ඔයා බොලද වැඩී මගෙ කෙල්ලෙ "

අනන්යාගේ ලවන් ඩේලියාගේ වියලී ගිය තොල් සඟලට තෙතමනය එක් කලද ඇගේ සිත නම් කතර තවමත් අවු රශ්මියෙන් බැට කන්නේය.
ඈ සිටින්නේ ජීවිතය හා මරණය අතර මහත් සටනකය. කොයි මොහොතේ නික්ම යන්න ට වේ දැයි ඇයවත් නොදනී. නමුත් කුරිරැ සමාජය හමුවේ තම පෙම්වතිය තනිකර යාමට ඇගේ සිත නොපොහොසත්ය.

ඔවුන්ගේ සැනසීම වූ ප්‍රේමයත් අසම්මතයක් යැයි හංවඩු ගැසූ ලෝකයා ඔවුන්ගේ වේදනාව කෙලෙස තේරූම් ගනී ද.

"ආහ්..." ඩේලියා හිස දෑතින් බදා මොර ගාන්නට විය.
නිදහස් මනසක් අවැසි රෝගියෙකුට සමාජය විසින් ඇති කළ පීඩනය ඉවසාලන්නට හැකියාවක් කොයින්ද. ඈ විසි එක් හැවිරිදි ලාබාල තරැණියක් පමණි.

"ඩේලියා ඇයි මේ.... ඩොක්ටර් "
රෝහල් කාමරයේ එකම විලාපයකි.

______________________________________________________________

"එයාගෙ තත්වෙ එන්න එන්නම බරපතල වෙනව "

"අපි මොකක්ද කරන්නෙ ඩොක්ටර්"

" සැත්කම හැර වෙන විසදුමක් නෑ මිස් අනන්යා"

"එතකොට ඩොක්ටර් එදා කිව්වෙ "

"ඔව් සීයට වැඩි ප්‍රතිශතයක් තියෙනන් සැත්කම අසාර්ථක වෙයි කියන තැන"

"ඩොක්ටර් "

"හොදට හිතල බලල තීරණයක් ගන්න..... ඒ වගේම මතක තියා ගන්න ඔයා නාස්ති කරන තත්පරයක් ගානෙ එයාගෙ ජීවිතේට තියෙන අවධානම වැඩි වෙනවා"

බට ගොඩකට මැදිව උන් තම පෙම්වතියගේ රුව මැවි මැවී පෙනෙද්දී වෛද්‍යවරයාගේ දෙබස් අනන්යාගේ මනස තුල දෝංකාර දෙන්නට විය.
ලොවට හඬ නගා වැලපෙන්න අවැසිමුත් ඈ අසරණයි. ඇගේ වේදනාවට කවරෙක් විසින් ඇහුම්කන් දෙන්නද. කවරෙකු සහයක් වෙන්නද.
ඇගේ එකම සහනය ද අද සිහියක් පතක් නොමැතිව ඇදක වැතිර සිටියි.

"ආහ් නෝනා හාමු දැන් ද ගෙවල් දොරවල් මතක් උනේ.... අදත් ගියාද අර ලෙඩ ගෑනි හොයාගෙන........අනේ අම්මපා අපි දරුවො හැදුවෙ මේ වගේ දේවල් දකින්න ද....ආහ්....කතාකරපන් "

මවගේ වදන් අනන්යාගේ හදට ඉදිකටු අනින්නාක් මෙනි. ඇයගේ වේදනාවන් නිවාලන පරිසරයක් නිවස තුළ නොවීය. මවට තුරුළු වී හදවතේ පුපුරු ගසන කටුක හැගීම් පිට කරන්නට ඇයට අවැසිමුත් අනන්යාගේ මවට තම දියණියගේ හැගීම් තේරුම් ගන්නට නොහැකිවිය.

"කතා කරපන් අනන්යා.... අර අයියා වගේ වැදගත් විදියට ජීවත් වෙන්න තමුසෙට ඇත්තටම බැරි ද.... ඇයි මේම හිතුවක්කාර වෙන්නෙ... තමුසෙට අම්මයි තාත්තයි මරාගන්නද ඕන"

සිතුවිලි විරහිත බැල්මකින් මව දෙස බලා උන් අනන්යා කිසිත් නොකියාම ඉහළ මහලට පා තැබුවාය.
එකෙනෙහිම ඈ ඇදේ වැතිරුනාය.

"අනේ මගෙ ඩේලියා....මට ඔයාගෙ තුරුලට වෙලා අඩන්න ඕනෙ "
ඈ සිහින් හඬින් මුමුණන්නට විය. නමුදු රැයේ සීතල හැරුනුකොට ඇයව තුරුලට ගන්න අයෙක් නොවීය .

අසම්මත Where stories live. Discover now