සුන්දර අසලියා දේශය🇰🇷❤️

47 11 2
                                    

                     Namsan Tower ♥️

~ Yongsan - gu, Seoul,
South Korea… 🇰🇷🌿

නම්සන් සෝල් කුළුණ-

K-drama බලන ඔයාලට පුරුදු තැනක් තමයි මේ නම්සන් සෝල් කුළුණ. සෝල් කුළුණ විදිහට ද හඳුන්වන මෙය සෝල් අගනගරයේ නයිට්ස්කේප් හි දර්ශනීය දසුනක් සපයන කේන්ද්‍රීය ස්ථානයක්.

1969 දී ඉදිකරන ලද මෙය සෝල් අගනගරය පුරා රූපවාහිනී හා ගුවන් විදුලි විකාශන සම්ප්‍රේෂණය කළ කොරියාවේ ප්‍රථම විදුලි සංදේශ කුළුණ විය.

දැන් එය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයක් විදිහට වසර පුරාම සංචාරකයන්ගෙන් පිරී පවතිනවා. ඒවගේම තමයි “ආදර අගුල්” එල්ලීමට හා සදාකාලික ප්‍රේමයේ භාරයන් කිරීමට ආදරණීය යුවළ නිතර පැමිණෙන ස්ථානයක් විදිහරත් මෙතන විශේෂයෙන්ම ජනප්‍රියයි.  👩‍❤‍👨🔒
රාත්‍රියේදී, කුළුණ වර්ණ රාශියකින්  ආලෝකමත් වන අතර එය නගරයේ දේශගුණය සමග නිරතුරුවම ගැළපෙනවා. නම්සන් කුළුණ නරඹන්න එන සංචාරකයන්ට නම්සන් උද්‍යානය බලන්නත් පුළුවන් වගේම නම්සන් කුළුණට ගිහින් සුවිශාල සෝල් නගරයේම සුන්දරත්වය බලන්නත් පුළුවන්.

පවුලේ අය, මිතුරන්, විශේෂ කෙනෙකු සමඟ දකුණු කොරියාවේ සංචාරය කරනවානම් නම්සන්න් සෝල් කුළුණ නරඹන්න, එහි විශේෂ අත්දැකීම් ලබා ගන්න අමතක කරන්න එපා.

සුන්දර අසලියා දේශය🇰🇷❤️Where stories live. Discover now