Our Journey 🔐❤️ - 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 08

549 121 2
                                    

Our Journey 🔐❤️

❤️🔐.. I Want To Wrap
My Arms Around You
And
Hold You 'till
The Dawn Breaks .. 🔐❤️

[08]

____________🍓❄️____________

❄️ [WANG YIBO]

Wang YiBo පහුවදා උදේ Xiao Zhan ගේ මූණට කෙලින්ම ඉර එළිය වැටෙන්න කර්ට්න් එක අයින් කරේ ඒ කරලත් කොල්ලා බ්ලු බනීව අරන් ඌව මූණ උඩින් තියාගෙන තව කොට්ටෙත් අරන් තුරුල් කරන් අනිත් පැත්තට හැරිලා නිදාගන්න හැටි දිහා බලාගෙන රවන ගමන්.

YiBo දැනන් හිටියේ නැ කොච්චර එලාම් තිබ්බත් කොල්ලා ඇහැරෙන්නේ Mr. Lee ඇවිත් අපාර්ට්මන්ට් එක දෙක වෙන්න බෙල් එක ගහනකොට කියලා.

YiBo දැන් විනාඩි විස්සක විතර ට්‍රයි කරන්නේ කොල්ලව ඇහැරවන්න. ඒත් ⁣එහෙට මෙහෙට රෝල් වෙවී Xiao Zhan මේ ලෝකේ ගානක් නැතුව නිදාගෙන ඉන්නේ තව පැයකින් පටන් ගන්න තියන කන්ෆරන්ස් එක ගැන ගානක්වත් නැතුව.

කර්ට්න් එක මෙ⁣හාට ඇදලත් කොල්ලව ඇහැරවගන්න බැරිවුණ තැන YiBo බාත්රූම් එකට ගිහින් අත් දෙක තෙමාගෙන ආවේ
'අද ඇහැරවන්න⁣ම්කෝ'
කියලා හිතන ගමන්. කොල්ලා තෙත් වුන අත්දෙක Xiao Zhan ⁣ගේ පින්ක් කලර් පිජා⁣මා එකෙන් එළියට පේන කකුල් දෙකේ රෝස පාට වෙලා තියන යටි පතුල් වල ගෑවේ Xiao Zhan ගැස්සිලා ඇහැරෙද්දි.

කරන්ට් වැදිච්ච පූසෙක්ගේ වගේ අවුල් වෙලා තියන කොණ්⁣ඩෙත් එක්ක ඇස් දෙකත් පොඩි කර කර කොල්ලා නැගිටල කටත් උල් කරගෙන වාඩිවුණේ නිදිමතේම YiBo ට රවන ගමන්.

".. ට්වෙන්ටි මිනිට්ස් තියනවා ලෑස්ති වෙන්න.. නැත්නම් බ්‍රෙක්ෆස්ට් ස්කිප් කරන්න වෙයි.."

Xiao Zhan කටත් ඇරගෙන බැලුවේ YiBo දිහා.
'ට්වෙන්⁣ටි මිනිට්ස්'
කොල්ල ඇද උඩ එහෙමෙහෙ අතගාලා ෆෝන් එක හොයාගෙන වෙලාව බැලුවේ ඇත්තටම එච්චර ප⁣රක්කු වෙලාද බලන්න. එලාම් එක Snooze වෙවී වැදිලා තියන වාර ගාණ දැක්කම කොල්ලට ලැජ්ජාවක් ආවේ මේ ඔක්කොම YiBo බලන් ඉන්න ඇති නේද කියලා හිතිලා.

"..කෝ.."

YiBo ගේ කටහඬට ආයේ ගැස්සුන Xiao Zhan දඩබඩ ගාලා ඇදෙන් බැහැලා බාත්රූම් එකට දිව්වේ තව පරක්කු වුනොත් තමන් ඉන්න විදිහටම අර බක පණ්ඩිත අයිස් ප්‍රින්ස් තමන්ව අරන් යයි කියලා හිතන ගමන්.

Our Journey 🔐❤️Onde as histórias ganham vida. Descobre agora