1 වන පරිච්ඡේදය

Zacznij od początku
                                    

වසර ගණනාවක් නිදහස උපරිමයෙන් විදිමින් ශතපත්‍ර මන්දිරයේ නොහොත් නෙලුම් අසපුවේ ජීවත් වූ ඔවුන්ට නීති රීති විශාල ප්‍රමාණයක් අැති ගුසුලාන් නිකායේ ජීවත් වීම අසීරැ වේයැයි සිතූ ජියැං නිකාය නායකතුමා මදක් කතා කිරීම සදහා ඔවුන් අසලට පැමිණියේ එ් නිසාවෙනි.

පියාණනී...

සියල්ල සූදානම් නේද ?

එසේයි පියාණනී...

කවදත් විනීතව කටයුතු කරන ජියැං යැන්ලි තම පියාට ගෞරවයෙන් යුතුව පිලිතුරැ දුන්නාය.

ඔබ දෙදෙනා...

නිකාය නායකතුමා ජියැංචං වත් වූශියෑන්වත් ඔහුගේ අවධානයට නතු කර ගත්තේය.

හොදින් සවන්දෙන්න.
නිකායට අගෞරව වෙන කිසිවක් ඔබ දෙදෙනා ගුසුවලදී නොකල යුතුයි. එසේම ලාන් නිකායේ නිවුන් මාණික්‍යයන් සමග ගැටුම් අැති නොකර ගත යුතුයි. විශේශයෙන්ම දෙවන දරැවා ලාන් සමග..

එහෙමයි මාමණ්ඩි..ගුසු ලාන් නිවුන් මාණික්‍යයන් සේම අප දෙදෙනාත් යුන්මංහි නිවුන් අභිමානයන් වන බවට දිවුරා පොරොන්දු වෙන්නම්..එහෙම නේද ජියැංචං ?

වූශියෑන් ජියැංචං ගේ උරහිසට වේදනාත්මක අතුල් පහරක් එල්ල කරාය.

අහ්...එහෙමයි පියාණනි..අපි පොරොන්දු වනවා එ් පිලිබදව

හොදයි..මට අාඩම්බරයි ඔබ තිදෙනා ගැන.

ජියැං ෆන්ග්මියැන් අපරමිත සෙනෙහසකින් තම දරැ තිදෙනා වැළද ගත්තාය.ඔවුන් ටම එකතු වූ යූ අාර්යාවද තම තුරැලේ හැදී වැඩුනු දරැවන් තිදෙනා අපරිමිත මව් සෙනෙහසින් සිප වැලදගෙන සමු දුන්නාය.

ජියැං නිකාය නායකතුමාගේ අවවාද වලින් පසුව ඔවුන්ගෙන් සමුගත් පිරිස ඉතා වේගයෙන් වලාකුලු භවන වෙත පිටත්වුනාය. නමුත් ගමන අාරම්භයේ සිටම විශාල කල්පනාවක යෙදී සිටි වෙයි වූශියෑන් දෙවන ලාන් මාස්ටර් පිලිබදවත් ඔහුගේ බිරිද ලාන් යීලි පිලිබදවත් අැසූ කටකතා පිලිබදව දිගින් දිගටම සිතන්නට විය.ඔහු අසා තිබූ කටකතා වල හැටියට නම් ඔවුන් දෙදෙනාම ඉතා තද ගති අැති මුරණ්ඩු පුද්ගලයන්ය.එසේම ලාන් යිලී බොහෝ සුන්දර කාන්තාවක් බව ඔහු අසා තිබුනද එ් පිලිබදව නම්  ඔහුට කිසිදු  විශ්වසයක් නොවීය.මන්ද ඔහු දකිනා අාකාරයට නම් ලොව සුන්දරම තරැණියන් අැත්තේ නෙලුම් අසපුවේය.එසේම එ් කාටත් වඩා සුන්දර රෑමත් කාන්තාව අැගේ සොහොයුරිය ජියැං යැන්ලිය. අැය ඉදිරියේ සෑම දෙනෙකුගේම රෑ සපුව පරදින බවට ඔහු බොහෝ සේ විශ්වාස කලාය.එසේම තම සහෝදරිය පිලිබද ඔහු වඩාත් අාඩම්බර වූවා සේම, සැමටම වඩා ඔහු සෙනෙහස දැක්වූ පුද්ගලයාද අැයම විය. එය කුඩා කල පටන් කිසිම දිනයක වෙනස් නොවුන අතර එය ඉදිරියටත්වෙනස් නොවන බවට  ඔහු වරක් දෙවරක් නොම නිතරම පාහේ සැමදෙන ඉදිරයේ දිවුරා පැවසුවාය.



(මේක ගොඩක් slow යන කතාවක්.එ් වගේම චූටි චූටි චැප්ටර්ස් තමා දෙන්න වෙන්නේ..තරහා වෙන්න එපා ඉතිම් 😁😁😁😁)

To już koniec opublikowanych części.

⏰ Ostatnio Aktualizowane: Jul 16, 2022 ⏰

Dodaj to dzieło do Biblioteki, aby dostawać powiadomienia o nowych częściach!

නොමියෙන සෙනෙහස(slow updates)Opowieści tętniące życiem. Odkryj je teraz