🙍-"ඔප්පා....."

කෙල්ලත් ටේහියුන්ගෙ පපුවට තුරුළු වෙලා අඩන්න ගත්තෙ තමනට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් හම්බුණ එකේ සතුටට...

Operation Day

🐯- "යූරා අහන්න.. මන් දන්නවා මගෙ මැණික ගොඩක් ශක්තිමත් කියලා. ඒ නිසා බය වෙන්න එපා හොදද ? ඔයාට අනිවාර්‍යෙන් හොද වෙනවමයි. හැමදාම මන් ඔයත් එක්ක ඉන්නවා හරිද ? සරන්ග්හේ මැණික..."

ටේහියුන්ග් එහෙම කියලා යූරගෙ නළල සිපගෙන යූරව තමන්ගෙ පපුවට තුරුළු කර ගත්තෙ කියා ගන්න බැරි සහෝදර ප්‍රේමෙකින්..

👩‍⚕‍- "මිස් යූරා තව විනාඩි පහකින් ඔයාව ඇතුළට ගන්නවා. Ready වෙන්න."

ටේ ඔළුව වනලා ආයෙමත් යූරා දිහාවට හැරෙද්දි ඇස් කොණෙන් දැක්කෙ රූම් එකේ දොර ගාව හොර ගල් අහුල අහුල ඉන්න ජන්කුක්ව.

🐯-"අන්න... හොර හාවෙක් හොරගල් අහුලනවා.😂"

ටේ ඇස් දෙකෙන් ජන්කුක්ව පෙන්නලා කියද්දි යූරටත් හිනා ගියේ ජන්කුක් තොල හපාගෙන ඇගිලිත් මිරික මිරික දොර ගාවින් එහාට මෙහාට යන හැටි දැකලා. ඒ අතරෙ සැරෙන් සැරේ හොරෙන් යූරලා දිහා බලන්නත් කොල්ලා අමතක කළේ නැ.

🐯-"එහෙනම්.. මන් යනවා... පරිස්සමෙන් මැණික.... ආදරෙයි."

ටේ තව පාරක් කෙල්ලගෙ නළලෙන් හාදුවක් තියලා කාමරෙන් එළියට ගියා.

🐯-"ආ කුක්කො.... මොකො මෙතන ආ ?"

🐰-"ආ-ම්-මේ ම-මන්...."

🐯-"හරි හරි ඕන්නෑ😂 යන්න ඇතුළට දැන්...."

🐰-"හියුන්ග් 😳"

🐯-"මොකද ? දැන් යන්න ඕනෙ නැද්ද ?"

🐰-"ආ.. න්-නෑ..."

🐯-"ජන්කුක්....."

🐰-"ඕ හියුන්ග්..."

🐯-"යූරව පරිස්සම් කරපන්... එයාට කිසිම දුකක් දෙන්න එපා. ම-මට මට උබව විශ්වාස කරන්න පුළුවන් නේද ?"

🐰-"හ්-හියුන්ග් 😳"

🐯-"කියන්න.. මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් නේද ?"

🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥  [Completed ✔️]Where stories live. Discover now