Part 29

1K 308 222
                                    

"ටේටේ ඔයා ගොඩක් වැඩ කරනවා ඔයාට මහන්සි නැද්ද" රාක්ක වලට බඩු අහුරමින් හිටිය ටේහ්‍යොන්ග් ගෙන් සුපර්මාර්කට් එකේ වැඩ කරන ටේහ්‍යොන්ග්ගේ යාලුවා ඇහුවා...

"නෑ මම හොදින්" ලස්සනට හිනාවුන ටේහ්‍යොන්ග් ඊලග රාක්කෙට කාර්ට් එක තල්ලු කරගෙන ගියා... උරහිස් වලින් දැනෙන වේදනාවට වඩා ගෙදර කුලිය ගෙවන්න, කන්න බොන්න ඕන කියලා මතක් වුනාම ටේහ්‍යොන්ග් අදට කරන්න පුලුවන් සීමාවටවත් වඩා වැඩ කරා...

මාස තුනකට කලින් ජන්කුක් තමන් එක්ක හොදටම රණ්ඩු වෙලා ගෙදරින් යන්න කිව්වම ටේහ්‍යොන්ග්ට කරගන්න දෙයක් නැතිවුනා... උදේ රණ්ඩු වෙලා ගෙදරින් ගිය ජන්කුක් කිව්වේ හවස ගෙදර එනකොට තමන්ව දකින්න ඕන නෑ කියලා... කිසිම කෙනෙක් නොදන්න ජන්කුක්ව විතරක්ම දන්න රටේ ටේහ්‍යොන්ග් කොහේ කියලා යන්නද...

එක දිගටම රණ්ඩු වෙන එක තමන්ව ප්‍රතික්ෂේප කරන එකට හේතුවක් ටේහ්‍යොන්ග් නොදන්නවා වුනාට ජන්කුක්ට ඒකට හේතුවක් ඇති කියලා ටේහ්‍යොන්ග් විස්වාස කරා... ජන්කුක් හොදින් ඉන්න ඕන කියන එක විතරයි ටේහ්‍යොන්ග්ගේ ඔලුවේ තිබ්බේ... ජන්කුක්ට ඕන ටේහ්‍යොන්ග් නැතුව ඉන්න නම් ඒක තමන්ගෙත් සතුට කියලා හිතුව ටේහ්‍යොන්ග් නිතරම සුපර්මාර්කට් එකට යනකොට හමුවුන කෙනෙක් වුන දැන් ටේහ්‍යොන්ග්ගේ යාලුවා වුන එලීසා මාර්ගෙන් මේ ජොබ් එකත් ඉන්න තැනකුත් හොයාගත්තා...

ජන්කුක් අඩ අඩ කිව්වම ටික දවසක් එයාට තනියෙන් ඉන්න දෙන්න කියලා ඒත් ටේහ්‍යොන්ග්ට ඒක කරන්න බැරි වුනා... අවසානේ ජන්කුක් රණ්ඩු කරලා ටේහ්‍යොන්ග්ව යවා ගත්තා... දරාගන්න බැරි තරම් වේදානාවක් එක්ක මේ මාස තුන ජන්කුක් නිසාම ටේහ්‍යොන්ග් ජීවත් වුනා...

රෑ දහය වෙනකොට වැඩ අවසන් කරපු ටේහ්‍යොන්ග් සුපර්මාර්කට් එකෙන් එලියට ආවා... මුලු පලාතම කලුවර වෙලා තිබ්බා... හිමින් හිමින් අඩි තියන ගමන් ඉස්සරහට යන ටේහ්‍යොන්ග් එකපාරටම සිහිනැති වෙලා වැටෙන්න ගියාම ශක්තිමත් අතකින් ටේහ්‍යොන්ග්ව බිමට වැටෙන්න නොදී අල්ලගත්තා... ඇස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දී අල්ලගත්ත කෙනාගේ රූපේ දැක්ක ටේහ්‍යොන්ග් හිනාවුනා... ටේහ්‍යොන්ග්ගේ ඇස් පියවුනාම ජන්කුක් ටේහ්‍යොන්ග්ව අත් වලට අරගත්තා...

doom ||vkook||Where stories live. Discover now