"ජන් මොකද මේ වෙලා තියෙන්නේ"

"මම දන්නේ නෑ ක්‍රිස් මම ඔයාට කිව්වේ අර හීන ගැන"

"ඔව් ඒත් ඒ හීන මොනාද ඒවා ඔයාගේ බෝයි ගැනද"

"සමහර ඒවා ඒත් නිතරම පේන්නේ කවුරුහරි මාව ඇදට තියලා තද කරනවා වගේ ඒවා" කෝපි කෝප්පේ දිහා බලාගෙන ජන්කුක් කිව්වම ක්‍රිස් බැල්කනී එක දිහා බැලුවා...

"ජන් එලියට යමු මට සිගරට් එකක් බොන්න ඕන" ක්‍රිස් කිව්වම ජන්කුක් ක්‍රිස් එක්කම කෝපි කෝප්පේ අරගෙන බැල්කනි එකට ගියා...

"දැන් කියන්න මොකද්ද මේකට කරන්නේ" සිගරට් එක පත්තු කරලා තොල් අතර තියාගෙන ක්‍රිස් කතා කරා...

"මම දන්නේ නෑ ක්‍රිස් ඒත් මට මේ විදියට ඉන්න බෑ"

"එහෙම කියලා බෑනේ ඔයාගේ බෝයි මොකද කියන්නේ"

"එයාට ටේ කියන්න ක්‍රිස්"

"ඔහ්හ් ඕකේ එයා මොකද කියන්නේ"

"මම එයාට හීන ගැන මුකුත් කියලා නෑ මට ඒවා කියන්න තේරෙන්නේ නෑ ඒත් සමහර වෙලාවට එයා මගේ ලගම ඉන්න එක මට වදයක් වගේ" ජන්කුක් කොණ්ඩේ අත් දෙකෙන්ම ඇද ගත්තා...

"ඒ බෝයි ගොඩක් හොද කෙනෙක් වගේ පේන්නේ ජන් ඒක නිසා ඔයා කරන දේවල් ගැන දෙපාරක් හිතන්න" ක්‍රිස් අමුතු විදියට ජන්කුක් දිහා බැලුවම ඒකෙන් ක්‍රිස් අදහස් කරපු දේ ජන්කුක්ට තේරුනේ නෑ...

"මට තනියෙන් ඉන්න ඕන ක්‍රිස් එයාව දකින් හැම වෙලාවෙම මට මොකක්දෝ වෙනවා මට ඒක කියන්න තේරෙන්නේ නෑ එයා මට ආදරෙයි, මාව හොදට බලාගන්නවා, මගේ හැමදේම කරලා දෙනවා, මම කරන හැමදේම ඉවසනවා ඒත් මට දැන් ඕන තනියෙන් ඉන්න මට... මට තේරෙන්නේ නෑ මම මොකද්ද කරන්නේ" ආයේ ඔලුවෙන් වේදනාවක් දැනෙනකොට ජන්කුක් ඔලුව බිමට බර කරා...

"ජන් කාම් ඩවුන් මේ අහන්න එහෙම නම් එයාව ටික දවසකට ඔයාගේ රටට යවන්න එයාගේ ගෙදර ගිහින් එන්න කියන්න එතකොට ඔයාට ටිකක් හිත නිදහස් කරගන්න පුලුවන් වෙයි"

"ඒක කරන්න බෑ ක්‍රිස් එයා ගෙදර යන්න කැමති නෑ"

"ඔහ්හ් එහෙමද එහෙනම් මොකද කරන්නේ ජන් මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා ඒත් අපි... "

doom ||vkook||Where stories live. Discover now