'' ඒ ... තමුසේ දන්නවා ද අපේ නංගි දැන් ලොකුයි.. උබ වගේම තමා.. ඒ වුණාට වැඩක් නෑ මම වගේ තමා වැඩ.... ඒකිගේ වැඩකට නැති අලුත් වෙන්න - බොයිපෙන් එනවා මට සද්දේ දාගෙන....ඔයා ආවම බය වෙයි චූටි... මතක ද අපි දෙන්නාට දාපු පාට් ? දැන් අපි දෙන්නා කඩා ගමු එයාගෙන්.. එයා ලොකු වෙලා බන්.. තමුසේ එන්නෑනේ බලන්න..... ''

සහන්ස ඉදියා නම් එයාගේ පිටට ගහලා ඒක කියන විදිය කෙයාන්ට මැවිලා පෙනුනා..
කොච්චර මැණික් කෑලි , කළු සුදූ කෑලි එයාට ඕන වුණත් එයා සහන්ස අය්යාට ආදරේට කියපු වචනේ '' තමුසේ '' .... තමුසේ කියන එකත් ලස්සනයි ඉතින් නැද්ද ?

වහින එක එන්න එන්න වැඩි වෙනවා... එක පාරට හිර කරගෙන ඉදලා අහසත් හොදටම අඩනවා ද මන්දා.. මොනා වුණත් වැහි දෙය්යෝ , අහස එක්ක රණ්ඩු වුණාම වටේ ඉන්න මනුස්සයොනේ පලි...

'' ගිහින් අහපන් අහස් සෙංකඩ ප්‍රේමයේ පරිමාව දැන් ...
හෙළන වැහිකැට ගනිනු හැකි නම් ආදරෙයි එපමණකි මං.. ''

කෙයාන් කුඩා පහේ කොන්සට් එකක් තිබ්බේ මාළු යාළුවොන්ගේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ...

එහෙම බෑ ආවේ නැතොත් ඇත්තමයි මම කෙල්ලෙක් හොයාගන්නවා.. කෙයාන් තනියම කිව්වේ මාළුවොන්ට.. හැමදාම වගේ මාළුවෝ නම් අහගෙන ඉන්නවා කියන එක... කන් දෙක අස්සේ සිංදුවක් ගහගෙන මාළුවෝ එක්ක කතා කර කර , රොබරෝසියා පෙති වැව උඩට වැටිලා පාවෙනවා කොච්චර බලාගෙන ඉදියාත් කෙයාන්ට ඇති වෙන්නේ නැති තරම්.

වැස්ස තාම නවතින පාටක් නම් නෑ කියලා තේරුන කෙයාන් හිමින් නැගිට්ටේ තෙමිච්ච කුකුළා වගේ.. මොනවා කරන්න ද ඉතින් හොදටම තෙමිලා දියාරු වෙලාම ගිහින්..

ඉස්සර වගේ නෙවේ , ජිම් ගිහිල්ලා පොඩ්ඩක් පොඩ්ඩක් ලස්සනට තිබ්බ ඇගට ඇලුණ හූඩි එක කෙයාන්ට ගෙනාවේ අපහසුතාවයක්... එක්කෙනෙක් එහා දිහා බැලුවාත් කෙයාන් ගොඩක් බය වුණා... ආයේත් පරණ දේවල් ඔළුවට එද්දී එයා ඉක්මනින් නැගිට්ටේ එයාගේ බයික් එක කොහේ පාක් කළා ද කියලා මතක් කරන ගමන්..

හරිනේ දන්නෙම නැතුව කොල්ලා වැව රවුම වටේ බාගයක් දුර ඇවිදලා.. බයික් එක දැම්මේ අනිත් පැත්තේ කියලා කොල්ලාට මතක් වුණා.. එක අතකට ඒකත් පුදුමයි. වැවේ මේ පැත්තට හය්යෙන් වහිනවා.. අනිත් පැත්තට වැටෙන්නේ නිකන් හීන් හිරිපොද.. අහසත් හැමෝටම එක වගේ නෑ,..

_Lost Eyes_Where stories live. Discover now