13 කොටස

3.6K 694 198
                                    

'' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' සහන්ස ඇහුවේ කෙයාන් දිහා කෙලින්ම බලන ගමන්..

ඒක ෆිල්ම් එකක තිබුණා ද නැද්ද කියලා කෙයාන්ට හරියට මතක නැතත් එයා කටත් බාගේට ඇරගෙන සහන්ස දිහා බලාගෙන ඉදියේ එයා මේ දැන් කියපු එක හිතාගන්න බැරුව.. එතකොට මේ දැන් , මොක්ක ද සහන්ස ඇහුවේ ?

'' හ්ම්.. '' තත්පාර ගාණක ලොකු නිශ්ශබ්දතාවයකට පස්සේ කෙයාන් මිමිණූවේ කෙලින්ම එයා දිහාවට තිබුණ සහන්සගේ කළුපාට ඇස් දෙක මගහැරලා බිම බලාගන්න ගමන්.....

'' මමත්.. '' සහන්ස අය්යාත් කියනවා කෙයාන්ට ඇහුනා.. එයා පුදුමෙන් ඔළුව උස්සලා සහන්ස දිහා බැලුවේ මූ මොනවා ද මේ කියන්නේ කියලා බලාගන්න.. නැත්තන් එයාට ඇහුන දේ හරි ද කියලා හිතාගන්න බැරිව...

'' ඒ ... ඒ කිව්වේ ඔ- ඔයාත් මට.... '' කෙයාන් වචනත් පැටලී පැටලී ඇහුවේ තාමත් වෙන දේ හිතාගන්න බැරි නිසා.. නටන්න ද උඩපනින් ද අඩන්න ද කියලා හිතාගන්න බැරිව කෙයාන් සහන්ස දිහා බැලුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන්...වෙන එකක් තියා කෙයාන් මෙච්චර වෙලා ඉදියේ සතුටටම සිවිලිමේ වැදි වැදි....

'' නෑ නෑ.. මමත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.. '' සහන්ස එකපාරටම හිනාවෙන ගමන් කිව්වේ කෙයාන්ව පුපුරවමින්.....

'' තමුසේ නම් මහ... '' කෙයාන් කොට්ටේත් ඇද උඩට දමලා ගහන ගමන් නැගිට්ටේ කේන්තියෙන්.. කේන්තියටයි ලැජ්ජාවටයි කෙයාන් රතු වෙලා... ඒ මදිවට ඇස් දෙකේ කදුළුත් පිරිලා..

'' ඒයි ඒයි මේ.. පොඩි මහත්තයා.. කෝ ඉතින් මෙහේ එන්නකෝ...... විහිළුවක්නේ කළේ.. '' සහන්ස කිව්වේ එයාවත් තල්ලු කරගෙන අඩ අඩා දොර පැත්තට ගියපු කෙයාන්ව ළගට ඇදලා ගන්න ගමන්..

'' තමුසේ යනවා.. කතා කරන්න එපා මාත් එක්ක ආයේ... හාල් හිපාටුවා.. '' කෙයාන් අඩ අඩම කිව්වේ සහන්සව පැත්තකට තල්ලු කරන ගමන්... කොච්චර නපුරු දැඩිහැඩි පෙනුමක් තිබුණත් , තරහා ගිහින් මෙහෙම මූණත් රතු තරගෙන අඩනකොට නම් කෙයාන්ට තිබුණේ කියුට් පෙනුමක්.. සහන්සත් හිනාවෙලා කෙයාන්ව ඉණ වටේ අත් දෙකත් යවලා හිර කරගෙන ළගට ගත්තේ කෙයාන්ට කේන්ති ගිහින් තියන හැටියට දොරත් කඩාගෙන යන්න වුනත් ඉඩකඩ තියන නිසා...

_Lost Eyes_Where stories live. Discover now