'' පුතේ.. මොනවා ද මේ වෙන්නේ ? '' ආයම්මා ඇහුවෙ චානුගේ කම්මුල් දෙක අත් දෙකින්ම අල්ලගෙන...

'' බය වෙන්න දෙයක් නෑනේ අම්මේ.. නිකන් මරන්න ගෙනියනවා වගේනේ.. පැය විසිහතරකට වඩා තියාගන්න බෑ එයාලට.. අම්මා බය නොවී ඉන්නකෝ.. '' සහන්ස මිමිණුවේ නංගිගේ ඔළුවත් අතගාන ගමන්..

'' ඒයි පිස්සි මොකද මේ අඩන්නේ ? '' සහන්ස එයාගේ නංගිගෙන් ඇහුවේ එයාගේ නහයෙන් අල්ලලා..

'' අම්මේ..  '' සහන්ස කිව්වේ කෙයාන්ගේ උරහිසින් අල්ලලා එයාව හිමින් අම්මා දිහාවට තල්ලු කරන ගමන්...

'' මේ පොඩි මහත්තයාව මම එනකම් පරිස්සමින් බලාගන්න.. ඒ මගේ හැමදේම හොදද අම්මේ  ? '' සහන්ස සන්සුන්ව ඉන්නවා වගේ හිනාවෙලා කිව්වේ ඇගම සීතල වෙලා ගියපු කෙයාන්ව ආයම්මා දිහාවට හිමින් තල්ලු කරලා..

'' අය්යේ.. '' කෙයාන් වචනයක්වත් කියන්න කලින් චානු ආයම්මා ඉස්සරහාම කෙයාන්ගේ නළල ඉම්බේ ආයම්මා ඇස් දෙකත් නළලේ තියාගෙන බලාගෙන ඉදිද්දී. අායෙත් කියන්න දේවල් සීයක් මතක් වුණත් ආයම්මා නිහඩ වුණේ මේ වෙලාව නොවන නිසා.

'' ගිහින් එන්නම් අම්මේ.. '' කෙයාන්ගේ ඇස් දෙක මග ඇරපු සහන්ස පඩි දෙක බැහැලා ඉක්මනට ගේට්ටුව ගාවට ගියේ එයාගේ පස්සෙන් දුවන්න කොච්චර ඕනි වුණත් පණ නැතුව ආයම්මාගේ අත් දෙකට හිර වෙලා ඉදපු කෙයාන්ගේ ඇස් දෙක මග ඇරලා..

දූවිලි අවුස්සගෙන ගියපු ජීප් එක දිහා බලාගෙන ඉදපු කෙයාන් ඉස්තොප්පුවේ බිමින් එතනම වාඩි වුණේ තවත් හිටගෙන ඉන්න තරම් පණක් ඇති කියලා එයාටම තේරුම් ගියපු නිසා..

''  ආයම්මේ.. අපි යමු ද ? අපිත් යමුකෝ... '' කෙයාන් කිව්වේ සද්ද නැතුව ඉස්තෝප්පුව තිබුණ පුංචි ගැට්ටේ වාඩි වුණ ආයම්මාගෙන්... ආයම්මා එයා දිහා බැලුවේ නැත්තේ කෙයාන්ව තවත් අසරණ කරමින්..

''ආයම්මේ.. '' කෙයාන් අඩන්න ඔන්න මෙන්න ආයේත් කතා කළා.. සහන්ස අය්යා දුස්ටයි.. මාව විතරක් හිර කරලා ගියා.. ආවාම අල්ලගන්නවා මම.. ඔව් ..කට උත්තරයක් ගත්තම සහන්ස අය්යා ගෙදර එනවානේ... අතඅරින්නෑ,. කෙයාන් එයාටම කියාගත්තේ ආයම්මා තාමත් එකපාරක්වත් කෙයාන් දිහා බලපු නැති නිසා.. ඒම එකපාර කිස් කරලා ගියාම ආයම්මා වුණත් බය වෙන්නැද්ද ? හාල් හිපාටුවා..

_Lost Eyes_Where stories live. Discover now