" කවුද ඉන්නෙ...මට වතුර ටිකක් දීපන්....මගෙ පපුව රිදෙනවා....කවුද ඉන්නෙ"

ඒ වගේ අද්දැකීමකට කවදාවත් මම මූණ දීල තිබ්බෙ නෑ...බයක් නොතිබ්බා නෙමේ...ඒත් කොහොමත් මරනවා කියලා අරූ කියලා ගිය එකේ උඩ බලන් ඉන්න බෑ...අනික සංඛ අයියට මොනවද උනේ කියලා දැනගන්න ගින්නෙන් මම පිච්චි පිච්චි හිටියෙ.

" මොකද තෝ කෑගහන්නෙ...බෙරිහන් නොදී ඉඳපන්..."

මම උත්තර දුන්නෙ බෙල්ල කඩාගෙන නිදිමතෙන් වගේ බිම බලාගෙනමයි.

"මට වතුර ටිකක් දෙන්න...ප්ලීස්... පපුව රිදෙනවා"

ඩයස් කියන මිනිහා වතුර බෝතලයක් අරන් මගෙ ඉස්සරහට ආවා.මම යාන්තමට ඔලුව උස්සලා බැල්‍ය්වෙ වතුර බෝතලේ දිහා නෙමේ...ඩයස්ගෙ මූන දිහා. මම අමාරුවෙන් වගේ සිහි මදි ගතියෙන් වගේ කැස්සා...

" තැන්ක් යූ"

මම සර්ජිකල් බෝතලේ තිබ්බ්  සර්ජිකල්.ටික ඩයස්ගෙ ඇස් දෙක ඒම් කරලා ගැහුවා. මගෙ ඉලක්කෙ හරි ගියෙ ඩය්ස් ට ඇස් දෙක ඇරගන්න බැඑඋව බෝතලේ බිම අතෑරලා අත් දෙකෙම්ම ඇස් දෙක අල්ලගෙන පැත්තට නැමුනා..මාව ගැටගහලා තිබ්බ ලී පුටුවම උස්සලා දෙපාරක් නොහිතා උගෙ කකුල් හරියට පාරක් ගැහුවෙ  ඌට කරදරයක් කරන චේතනාවකින් නෙමෙයි...ඌව අඩපණ කරල එතනින් පැනගන්න ඕනකමින්

දකුණ් කකුලෙ දණිස්සට හිතුවටත් වඩා තදින් පාර වැදුනෙ මගෙ තරහවයි ආවේගෙයි නිසා වෙන්න ඇති. ඩයස් ඇස් දෙක තදින්ම පියාගෙනම බිම දණ නැමුනු කකුලට වැදුන පාර හින්දා..
මම උගෙ බෙල්ලට කතුර තිබ්බෙ පැනලා යනවට වඩා ෆෝන් එක හොයාගන්න එක වැදගත් උන හින්දා.

" කියපන්..කොහෙද ෆෝන් එක මගෙ"

" ඇයි නොකිව්වොත් මොනවා කරන්නද බල්ලො"

" මම කොහොමත් මැරෙන්නනෙ ඉන්නෙ...තෝවත් මරාගෙන මැරෙන්නම්..."

" තෝ මහ මෝඩයෙක්...තොට ඒතරම් හයියක් තියේ නම් ඔය පුටුවෙ මගෙ කකුලට ගහන්නෙ නෑ...ඔලුවටම කෙලිනවා මිසක්"

" මේ අහපන්...මට තෝ එක්ක තරහක් නෑ.. උඹට කරදරයක් කරන්න ඕනෙත් නෑ... උඹ ඔය සර් ගගා කටු ලෙවකන්නෙ අමුම අමු තිරිසනෙක්ගෙ ... මට ඕනෙ ඌ මගෙ යාලුවා මරන්න යන එක නවත්තන්න විතරයි ..නැතුව මට මරනෙන් බේරෙන්න නෙමේ මේ දේ හරි කරන්නෙත්....තවත් මට පව් නොදී කියපන්"

සක්Tahanan ng mga kuwento. Tumuklas ngayon