'' කොහේ ද ඉන්නේ ? සුදු බාප්පා ඉන්ග්ලන්ඩ් යනවාලු නේ ? එතකොට ඔයා මෙහේනේ බබා ? ''

කෙයාන් කේන්තියෙන්ම අතමිට මොළව ගත්තා.. මේ මනුස්සයාට හොදින් කියලා නම් කවදාවත් තේරුම් ගන්නෑ,.

'' මේ මේ ලොකු අය්යේ.... අන්තිම පාර වැදුන පාරවල් ටික මතකයිනේ.. ආයේ සතීශ් නෙවේ මොකා මාව නවත්තන්න ආවාත් මම තමුසේව මරලා තමා පස්ස බලන්නේ.. '' කෙයාන් කේන්තියෙන්ම කිව්වේ ෆෝන් එක කට් කරන්න ලෑස්ති වෙලා.. ඒත් ආයේ සදේශ් අය්යා කියපුවා නිසා එයාට චුට්ටක් වෙලා ඉන්න වුනා..

'' අද හවස සුදු බාප්පී ඉන්ග්ලන්ඩ් යනවානේ... අපේ ඩැඩී ඔයාගේ ගාර්ඩියන් ෆයිල්ස් සයින් කරලා ඉවරයි කෙයාන් බබා... ඔයා කැමති වුනත් නැතත් , හෙට ඉදන් ඔයාට ඉන්න වෙන්නේ මෙහේ.. එතකොට අපි බලාගමු.. ලෑස්ති වෙලාම ආවාත් කමක් නෑ බබා.. ඔයාට මගේ රූම් එකේම ඉන්නත් පුළුවන්.. එතකොට අපි දෙන්නාට හැමදාම........ ''

'' ෂට් අප්.. !!! බලාගන්න තමා මාත් ඉන්නේ.. තමුසෙට මොනවා ද කරන්න පුළුවන් කියලා... තමුසේ මගේ ඇගට එක ඇගිල්ලක් හරි තියලා පෙන්නුවොත්..... ''

'' ඇගිලි තියලා නවතින්නේ නෑ කොහොමත් කෙයාන් බබා.. උබ මට දාපු රැස් ටිකේ හැටියට උබව මගේ යටට අරගෙන අඩන්න සැලැස්සුවේ නැත්තන් මම සදේශ් අධිකාරී නෙවේ.. අනික ඒකත් උබේ කැමැත්තෙන්ම !!  ''

'' තමුසේට පොලිසි යන්න ඔච්චර ආස ද  ? මම 119 ගහන්න දන්නෑ කියලා හිතුවා ද ? ''  කෙයාන් ඇහුවේ කේන්තියෙන්..

'' කෝල් කරලා බලන්නකෝ මල්ලි.. අඩුම පැය 2කට  මාව ඇතුළට දාලා පෙන්නනවකෝ පුළුවන් නම්.. අමතක වුනා ද මම කාගේ පුතා ද කියලා.. '' සදේශ් නොන්ඩියෙන් ඇහුවා..

'' ඔව්. තමුසේ නම් කොහොමත් සුදු අම්මාගේයි ලොකු තාත්තාගෙයි පුතෙක් වෙන්න බෑ,. තමුසේ බැ## පුතෙක්  .. '' කෙයාන් ෆෝන් එක කට් කළේ කේන්තියෙන් පිපිරෙන ගමන්...
එක අතකින් ෆෝන්, ඩෙබිට් කාඩ්ස් නැතුව ළමා නිවාසෙක නවතින එකත් හොදයි.. මේ මනුස්සයා පුදුම ඇණයක්... වලත්තයා !!! කෙයාන් කේන්තියටම අත මිටමොළව ගන්න ගමන් මිමිණූවා..

ඒත් එයා ගියාම... ආයම්මා , ඩ්‍රයිවර් අංකල්ට මොක ද වෙන්නේ ? ආයම්මා ගියාම සහන්සටයි පැංචිටයි මොක ද වෙන්නේ ? කෙයාන්ට ඒක මතක් වුනේ දැන්.. එයා ඉක්මනට ෆෝන් එක අරගෙන ලොකු තාත්තාට කෝල් කළේ ඒක ගැන දැනගන්න....

_Lost Eyes_Where stories live. Discover now