'' අම්මේ.. කිරි මාමා එළකිරි බෝතලයක් දීලා ගියා.. '' සහන්ස කිව්වේ කිරි බෝතලේ ආයම්මට දීලා කෙයාන් ඉදපු මැටි කණ්ඩිය උඩම වාඩි වෙන ගමන්..

'' රත් කරලා ද චානු ? '' ආයම්මා ඇහුවේ කිරි හොද්ද හැදි ගාන ගමන්..

'' ඔව් උණුයි.. '' සහන්ස කිව්වේ ආයේත් මිරිස් ගල උඩ තියපු කිරි බෝතලේ අල්ලලා බලලා..

'' පොඩි මහත්තයා කිරි බොනවා ද ? '' ආයම්මා ඇහුවේ කේලම කියාගන්න බැරි වෙච්ච ගෙන ගැන මූණත් බුම්මගෙන ඉදපු කෙයාන්ගෙන්.. කිරි ද ? කෙයාන් මොකද කිරි බොන්නැත්තේ.. ඒත් කෙයාන් බොන්නේ සීතල කරලා... දැන් කොහේ සීතල කරන්න ද ?  කෙයාන් ඔන්න ඔහේ ඔළුව වැනුවේ ආයම්මාගේ හිත රිද්දන්න බැරි නිසා.. අනික උදේට බත් කන්නත් පරක්කු නිසා කෙයාන් කිරි එක බොන්න හිත හදාගත්තා..

බෙලෙක් කෝප්පෙකට දාලා අතට ලැබුන කිරි එකත් අරගෙන කෙයාන් නැගිට්ටේ අර නොන්ඩි හිනාව දිහා බලාගෙන නිදහසේ කිරි එකක්වත් බොන්න නැති නිසා.. රෑ ආපු නිසා ගෙදර වත්තත් දැක්කේ නෑ කෙයාන්.. උදේ තාම පිනි බිංදු වැටෙන වැලි මිදුලට එයා කිරි එකත් අරගෙන ඇවිදගෙන ගියේ නයි නෙවේ පොළොංගු කෑවක් කමක් නෑ කියලා හිතාගෙන..

උණු කිරිවලත් ලොකු අවුලක් නෑ.. ඒ වුනාට යොදය ද මොකක් ද එක උඩ පාවෙනවානේ.. හැබැයි ඒක අතින් අයින් කරන එකත් අමුතු ආතල් වැඩක්.. වත්තේ ඇවිද ඇවිද කිරි එක බොන එකේ වාසියකුත් තියේ.. එක්කෝ බොන්න බැරි වුණොත් ෂේප් එකේ කොහේට හරි හලලා බිව්වා වගේ ඇක්ට් කරන්නත් පුළුවන්නේ..

ආයම්මාලාගේ ගෙදර තිබුණේ ගුරු පාරකින් එන පාරක අන්තිම ගෙදර විදියට.. තාම තෙත වැලි පොළවේ වැලි කෙයාන්ට හරි අමුතුයි.. ඒ වැලි තෙත නිසා කකුල් දෙකටත් සීතලයි... උදුපියලියත් තියෙනවා... හාවෝ නැද්ද දන්නෑ ?  වත්ත ලොකුත් නෑ චූටිත් නෑ.. ඉස්සරහා ඉස්තෝප්පුව පැත්ත වෙනකම් ගේ වටේ රවුමක් ගහපු කෙයාන් , සේපාලිකා ගහ ගාවට වෙනකම් ඇවිදගෙන ආවේ ඒ සුවදට වශී වෙලා වගේ.. සේපාලිකා ගහ යට පුංචි ගලකුත් තිබුණා වාඩි වෙන්න.. කෙයාන් එතනින් වාඩි වෙලා අමාරුවෙන් කිරි කෝප්පේ දෙවෙනි උගුරත් බිව්වා..

තව නම් බොන්න බෑ කියලා කෙයාන්ට හොදටම ෂුවර්.. ආයම්මාත් ආදරේට පුරවනවා කියලා සහන්සටත් වඩා කිරි ගොඩාාාක් දාලා කෙයාන්ගේ කෝප්පේට.. කෙයාන් හිමින් කෝප්පේ සේපාලිකා ගහ යටට ඇල කළේ ලොකු වීරකමක් කළා වගේ.. දැන් නම් කොප්පේ හිස්.. එයා තමා හොදටම කළේ වගේ අනිත් පැත්ත හැරුන කෙයාන් ඩිම් වෙලා ගියේ කිරි එක බිබී ඉදපු සහන්ස අය්යාව දැකලා..

_Lost Eyes_Where stories live. Discover now