දේදුණු පාලම 16

2.1K 311 163
                                    

දේදුණු පාලම 16 (අවසාන කොටස)
-
"ඔව් මිස්ටර් නිමන්ත...මගෙ හැම පොරොන්දුවක්ම මම ඉශ්ට කලා...එතනින් එහාට ආයෙ අපේ.ජීවිත වලට කිසිම ගනුදෙනුවක් තියෙන එකක් නෑ..."
-"උඹට දැනුනද දෙයක්"
-"ගොඩක් දේවල් දැනුනා...මිස්ටර් නිමන්ත අදහස් කලේ කොයි දේද"
-"උබ තනිවෙල ඉන්නෙ.කියලා...මේ පාටි එකේ.කවුරුත් උබ එක්ක කතා කලෙ නෑ කියලා...පාලුවක් තනිකමක් දැනුනෙ නැද්ද"
-"ඇයි අහන්නෙ...ඒක ඔයාට අදාල නෑ"
-"ඒ දේම තමා ජීවිතේදිත් වෙන්නෙ...අපි හැමෝටම අපේම කියලා අය ඉන්නවා...උබට කවුරුත් නෑ....ජීවිතෙත් මෙ පාටිය වගේ...උබ තනිවෙලා ඉන්නෙ..."
-"ඒක් මට අලුත් දෙයක් නෙමෙයි...ඒක මතක් කරල දුන්න්ට තෑන්ක්ස්"
-"දැනෙනවද පරාද උනාම දැනෙන දුක...තරහවා...වේදනාව"
-"ඔට්ටුවෙන් පරාද උන එකද"
-"නෑ..ජීවිතෙන් පරාද උන දුක"
-"ඒකත් ඔයාට අදල නෑ..ඔට්ටුවෙන් මම පැරදුනා...ඒකට ඔයා ඉල්ලපු දේ මම ඉශ්‍ට කලා...දැන් හැමදේම ඉවරයි...මම යනවා..."
-"කොහෙද දැන් ඉන්නෙ...කී දෙනෙක්ව ර්‍රැවැට්ටුවද මට පස්සෙ"
-"ඉන්නෙ.කොහෙද කියන දේත් ඔයාට අදාල නෑ....ඔයාට පස්සෙ ගොඩක් අය රැවැට්ටුවා...සහ රවට්ටනවා...ජීවිතේ අකුරු ගොඩක් ගනන් උන ලමයි...ජීවිතේ එපා උන මිනිස්සු...එදාවේල හොයාගන්න මහන්සි වෙන මිනිස්සු ගොඩක් රවට්ටනවා...අපි හිතනවට වඩා මේ ජීවිතේ ලස්සනයි කියලා...හැමදේම දවසක හරි යයි කියලා..."
-"අද දවස ඉවර වෙන්න කලින් මම වයින් වීදුරුවක් හරි බිව්වොත් උබ ඔට්ටුවෙන් දිනනවා...බැරිවෙලා හරි උබ දිනුවොත් මගෙන් ඉල්ලන්නෙ.මොන්වද"
-" ඔට්ටුවයි ජීවිතෙයි දෙකම ඔයා දිනලා ඉවරයි...මට ඔට්‍යුව දිනන්න ඕනකමක් නෑ...ජීවිතේ දිනන්න ඕනකමක් නෑ...හැබැයි ජීවිතෙ පරදින්නෙ.නැතිව මැරිලා යන්න බැරි වෙන් එකක් නෑ..."
අයියා ඊට එහායින් හිටිය වේටර් කෙන්ක්ට කතා කලා.... එයාගෙ ට්‍රේ.එකේ තිබ්බ වයින් ග්ලාස් එකක් අරන් කිසිම කතාවක් නැතුව අයියා බිව්වා...ට්‍රේ එකේම ග්ලාස් එක තියලා වේටර් ව ආපහු ඇරියා...
-"උබ එපා කිව්ව දවසෙ ඉදන් මේ වෙනකන් බිව්ව එකම වීදුරුව ඒක...හරි මම පරාදයි...දැන් උබට ඕනම දෙයක්.ඉල්ලපන්....ඕනම දෙයක් කියන්නෙ ඕනම දෙයක්...උබ එදා ඉල්ලුවා වගේ උබව අරන් ඈත පලාතකට යන්න කියන එක හැර..ඕන දෙයක් ඉල්ලපන්...මගෙ සල්ලි..දේපල...කම්පැනි එක...ඕන දෙයක් ඉල්ලපන්..."
-" මම ඉල්ලන ඕනම දෙයක් දෙනවද"
-"ඔව්...ඔට්ටුව ඒකනෙ...ඒක ඒ විදිහටම වෙයි"
-" දැන් ගත්ත ඩ්‍රින්ක් එක...ඔයාගෙ ජීවිතෙ අවසාන මත්පැන් වීදුරුව වෙන්න ඕනෙ....මෙච්චර කල් හිටියා වගේ නරක.පුරුදු වලින් ඈත් වෙලා ඉසාරහට ඉන්න ඕනෙ...ජීවිතේ ගැන හොදට හිතලා තීරන ගන්න ඕනෙ...අම්මට තාත්තට වගේම අක්කට ආදරේ කරන්න ඕනෙ...එයාල එක්ක ඔයාගෙ ලෝකෙට කිසිම ප්‍රශ්නයක් එන්න නොදී හැමෝම එක්ක සතුටින් ඉන්න ඕනෙ..."
-"එච්චරද...."
-"පුලුවන් නම් විතරක්...මීට පස්සෙ මට වෛර නොකර ඉන්න...මම ගැන තියෙන තරහා එක්කම අපි දෙන්නගෙ හැම මතකයක්ම අමතක කරලා දාන්න...."
-"එච්චරද"
-"මන් ගැන හොයන්න බලන්න එපා...හැබැයි ඔයාට කලින් මට ටිකටෙක ඇදිලා අහම්බෙන් හරි මගෙ මල ගෙදර ගැන ඔයාට දැන ගන්න ලැබුනොත්...එක පාරක් ඇවිත් මාව බලලා යන්න..."
-" එච්චරද"
-"ම්ම්....වෙන මොකුත් එපා...දැන් මට යන්න දෙන්න..."
-"මේ හෝටලෙන්ද...මගෙ ජීවිතෙන්ද"
-"දෙකෙන්ම...ආ මෙන්න...මේක ගන්න"
-"මොකද්ද"
-"මගුල් ගෙදරකට ආවහම තෑග්ගක් නොදී යන්න බෑ නෙ..මේ ලියුම් කවරෙ ගන්න....තෑගි තියෙන තැන මම ගෙනාපු තෑග්ගක් ඇති..ඒකත් තියාගන්න...මම යනවා"
අයියගෙ ඇස් දෙක රතු වෙන්න ගත්තා....තරහින් පිරිලා තිබ්බ ඇස් වල වේදනාවක් නලියනව මට පෙනුනා....වෙවුලන අත දික් කරල.මගෙ ලියුම් කවරෙ අතට ගත්තා...
-"එච්චරද"
-"තව එකම එක දෙයක්...මනමාලයා අඩන්න එපා...පොටෝ වලට කැත හිටී....අදින් පස්සෙ කවමදාවත් අඩන්න එපා...හිනාවෙලා ඉන්න..."
අයියගෙ ඇස් දිහා බලන් මට තව්ත් අඩන් නැතුව ඉන්න බැරි නිසා මම ඉක්මනටම ආපහු හැරිලා ආවා...එයා දිහා තව පාරක් බලන්න කියලා හිත කොයිතරම් කීව්ට්ත් ආපහු හැරිලා නොබලාම මම හෝටලෙන් එලියට ආවා......බස් එකක නැගලා ටවුන් එකට ඇවිත්...දුර බස් එකක වාඩි උනා...ටිකකින් ඒ බස් එක මාව නිමන්‍ය්හ අයියගෙන් ඈතට අරගෙන යන්න පටන් ගත්තා..... මම පොඩි කලෙ ඉදන් හැදුන...එක එක.මිනිස්සු හම්බ උන...ජීවිතේ දුක සතුට හැමදේම අත් වින්ද..අයියගෙයි මගෙයි මතක පිරිල  තිබ්බ ඒ අහන්කාර නගරෙන් ඈත් වෙලා...මම මගෙ අලුත් ජීවිතේ හොයාගෙන ගියා....ගහ කොල වැව් ...දුප්පත් මිනිස්සු...ඒ අය එක්ක ජීවිතේ ඉතුරු හරිය දිය කරලා දාන්න මම තීරනය කරලා තිබුනා.....බස් එකේ අයිනෙම ශීට් එකක ඉදගෙන ඉවත බලාගෙන ගොඩක් දුර ආවා.....ජීවිතේ.කියන්න් කොයිතරම් පුදුම නවාතැනක් ද කියලා ආයෙම හිතන්න ඒ වෙලාව මට වෙලාව වෙන් කරලා දුන්නා...වුන හැමදේම වුනා...අතීතය එක්ක ජීවත් වෙන්න බෑ....අපි හිතන්න ඕනෙ මියදුන අතීතය ගැන නෙමෙයි...නූපන් අනාගතය ගැන.....හැබැයි...ඇස් දෙක පියාගෙන මට විනාඩි ගානක් පරන හැමදේම මතක් කරලා කාටවත් නොපෙනෙන්න අන්තිම පාරට අඩන්න අවස්තාවක් තිබ්බා..

දේදුණු පාලමWhere stories live. Discover now