🎀 🅻🅾🆅🅴 💜 🆁🅰🅸🅽 03 🎀

33 6 11
                                    

ආදරය හරියට වැස්ස වගේ ...
උණුසුම හරියට වසන්තය වගේ ...
මා ගැන සිහින දකින්න ...
මා දෑස් වසන සෑම විටම ...
එහි සිටින්නේ නුඹ පමණමය ...
ඉතින් මේ ...
විරහව නැමති මගේ ඉඩෝරයට වැසි ...
ආදර වැස්ස නුඹයී ....

🄻🄾🅅🄴 💜 🅁🄰🄸🄽

🌼🌼🌼🌼🌼

" මොකද්ද තමුසෙ කිව්වෙ ?? "

මෙන්න ඒ පාර බූවල්ලා අඩියක් මන් ඉස්සරහට තියලා එන ගමන් ඇහුවා කියහන්කෝ ... බොක්කනම් ඉතින් කූල් උණා ... ඒත් ඉතින් දෙයියනේ කියලා ඕක මෙතන මේ හැකරැල්ලා ඉස්සරහා පෙන්නන්න පුලුවන්ද ?? එතකොට නම්බුවම ලෙෆ්ටේ ... මාත් ඉතින් බය නිදන් කරන් ගඩ්ස් අරන් ,

" කිව්වෙද ?? තමුසෙට ඇහිච්ච එක තමා මන් කිව්වෙ ... "

අප්පද බොල 😁 ඒ මූණ ... තැලිච්ච තක්කාලී ගෙඩියක් වගේ 😁

පව් අෆ්ෆා 😂

ඔන්න ඉතින් මෑන් කාරයා මන් ඉස්සරහටම ආවා කියහන්කෝ

මන් බය යෑ 😂 මාත් ඉතින් ගල්පිලිමෙ වගේ හිටගෙනම හිටියා . . . .

" තමුසෙ ??? "

බූවල්ලා මන් කියපු එකම ආයෙත් රිපීට් කරනවා . . .

" ඔව් . . . ."

මාත් ඉතින් කිව්වෙ ගස්සලා . . . .

ඇයි යකෝ මේක මේ බූවල්ලට ගියපු රටනෙ 😂 ඌට මට තමුසෙ කියන්න හොදයී ... මට කියන්න හොද නෑ ... අනේ අම්මපා ඔය වෙලාවට තමා මට මුගෙ හොබ්බ බොම්බයි මොටයි වෙන්න දෙන්න හිතෙන්නෙ 😡

" තමුසෙ තර්ඩ් කාල්ස් කෙල්ලෙක් කියලා තේරුණා .... හැබැයි මෙච්චර තර්ඩ් ක්ලාස් කියලනම් තේරුනේ නෑ .... "

මුගෙ හල්මොන්නිට සම්බා ගරන්න 😡

මොකද්ද යකෝ ඒ කිව්ව කඩ්ප්පුලි ටෝක් එක 😠

ඕකනෙ ඉතින් .... මේ සෝමාලියානු කැරපොත්තා මේ වලිය සාමෙන් බේර ගන්න දෙන්නෙම නෑනේ 😠

ඔහොම බලන් ඉදලා හරියන්නෙ නෑ බෝරෝ ... දීපන් මුගෙ හොබ්ට දෙකක් ... 😠

" මොකෝ තමුසෙ ඔරවන්නෙ ?? ආ ... "

සෝමාලියානු කැරපොත්තා මන් දිහා බලන් අහද්දී මන් අත් දෙක මිට මොලව ගත්තෙ ආපු දවසෙම ජල්ලියක් දා ගන්න ඕනී නැති නිසා ....

You've reached the end of published parts.

⏰ Last updated: Nov 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐋𝐨𝐯𝐞 𝐑𝐚𝐢𝐧 Where stories live. Discover now