5🍁පසුතැවීම

Start from the beginning
                                    

විකාර කියව කියව ශාන් කොහොම හරි Xiao Bhawan එකටත් ඇවිල්ලා තිබුණා....වාහනේ park කරලා ශාන් හෙමීට හොර පූසෙක් වගේ උඩට ගියේ සාලෙත් කවුරුවත් පේන්න නැති නිසා....

උඩට ගියපු ශාන් කල්පනා කළේ අයියා තාම ඇවිල්ලා නැත්තෙ ඇයි කියලා....

"දෙවියනේ අයියා ආවෙ නැත්තෙ යීබෝට අමාරුද දන්නෙ නෑ....ශාන් තමුසෙ නම් නරුමයෙක් ....යකෝ ඊයෙ වහිද්දි යීබෝව දාගෙන ගියානම් තොට හෙණ ගහනවද?මෝඩයා කොහෙද ඉතිං තමුන්ට මහලොකු නම්බුව ලොකු වුණානෙ😑....අද උදෙත් අමාරුවෙන් හිටියෙ..... ඒ ළමයා ගැන පොඩ්ඩක් හොයන්න තිබුණනෙ .....ශාන් තමුසෙ නම් මහා පුදුම නපුරු මනුස්සයෙක්....."

Barthroom එකේ ඉදන් ශාන් එයාටම බැනගන්නවා.....(අයියෝ ඇයි ශාන් ඔයා ඔහොම😂😂😂)

එක එක විකාර හිත හිත එයාටම බැන බැන ශාන් ඇදුමකුත් දාගෙන පහළට එද්දිම අයියගෙ වාහනේ ආවා......

"ආහ් ඔය ආවෙ අද නම් මං ඉවරයි....කමක් නෑ කොහොම හරි යීබෝ ගැනත් එයාම කියයිනෙ😏.....ආයිශ් ඔන්න ආයෙමත්....මේ කොල්ලා මට මොන වශියක් කරලද මන්දා මගුල😑...."

ශාන් කියව කියව පහළට එද්දි අයියත් ඇතුලට ආවා....

"ආහ් ලොකු මහත්තයා කලින්ම ඇවිල්ලා වගේ😏....."

"ආ මේ අයියෙ...."

"මොකද ගොත ගහන්නෙ shopping ගිහින් හොදට enjoy කළාද?"

"අයියෝ අයියෙ යන්න වුණා ඉතිං ලීසට බඩු වගයක් ගන්න ඕන කිව්වනෙ😇......"

"විකාරයක්😑...."

ශාන් ආයෙමත් කතා කරන්න හදද්දිම කුආන්ගෙ 4n එක ring වුණා......ශාන් ඉද්දිම කුආන් 4n එක answer කළේ පුටුවකින් ඉදගන්න ගමන්මයි.....

"හෙලෝ...."

"හෙලෝ අයියෙ මං ගත්තෙ අයියා පරිස්සමින් ගියාද බලන්න....."

"ආහ් ඔව් මල්ලි මේ දැන් ආවා විතරයි...."

"ආහ් එහෙමද අයියෙ...හරි එහෙනම් මං තියන්නම්...අයියා හෙට පරිස්සමින් ගිහින් එන්න..."

"හරි මල්ලි ඔයත් පරිස්සමින් හොදද....මතකනෙ මං කියපුවා....දැන් ටිකක් නිදාගන්න....."

"හරි අයියෙ ....."

"බායි..."

ශාන් කටත් ඇරගෙන කුආන් දිහා බලාගෙන හිටියෙ කාටද මල්ලි කියලා කතා කළේ කියලා...ඊටත් ශාන්ට ඇහුණෙ කුආන් කතා කරපු ටික විතරනෙ...ශාන් කම්පියුස් වෙලා බලාගෙන ඉන්නවා දැකපු කුආන් එයාව ගනන් ගන්නෙවත් නැතුව නෝන්ඩි හිනාවකුත් දාගෙන නැගිටින්න හැදුවා.....ශාන්ට ඉතිං මලේ මල😂....ඒ නිසා කුආන්ව නවත්තලා කතාවට ඇදලා ගත්තා.....

ආදරෙයි අහසක් තරම්(Completed)Where stories live. Discover now