'' අනික බන් , දැන් වෙලාව බලහන්.. ඉස්කෝල ඇරෙන වෙලාව.. එකහාමාරට කිට්ටුයි.. දෙකට පෙරඩ් පටන්ගන්නවානේ.. '' මෙතක් නිහඩව සිටි සචිරුද පොල්ලක් දැමුවේ ය.

'' බය නොවී හිටහන් දීගංචියෝ..... උබේ පට්ටම ගැළවුනොත් මගේ එකත් එක්කම තමා...'' කෙයාන් ද දගකාරී ලෙස පැවසුවේ සිය ශිෂ්‍යනායක ලාංජනය ද සිහිපත් වීමෙන්..

කහකුරුලු කන්ද නැගුණු ඩිෆෙන්ඩර් රථය , බිග් මැච් ගැන මෙලෝ හසරක් නොදන්නා ප්‍රාථමික අංශයේ පාසල් නිමවී සිටි පොඩි වුන්ගේ හූ කීමට නතු වූ අතර කෙයාන් ද අනෙක් තිදෙනා හා එක්ව හූ තැබුවේ ය.

සිය ඩිෆෙන්ඩර් රථයේ සගවා තිබූ වතුර පිරවූ බැලුම් බෝල කෙයාන් අතට ගත්තේය.

'' අඩෝ උබ විහිළු කරනවා ද ? උන් අල්ලගෙන ගහාවි යකෝ අපිට.. '' යුගීත් පැවසුවේ ය.

'' ඇයි බන් ගුටි කකා බලාගෙන ඉන්නවා කියලා හිතුව ද ? ලදක් වගේ හැසිරෙන්නැතුව හිටාම්. මට අත තියන්නේ මොකාද ඕකාගේ අණ්ඩ කඩලා ගෙදර යවන්නේ.. '' කෙයාන් තර්ජනය කළේ ය.

කුඩා කල සිටම තම මව අහිමි වූ කෙයාන් මිහිනද අධිකාරී ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ ඥාති පුත්‍රයෙකු ලෙස හා ධනවත් ව්‍යාපාරික පවුලක හිතුවක්කාර ගති ලක්ෂණ අනුව යමින් තනිව අැති දැඩි වීම ඔහුගේ මෙකී හිතුවක්කාර ස්වභාවයට හේතුව වූ වග ඔහුගේ මිතුරන් දැන සිටියේ ය. ඔහු සිය ප්‍රතිවාදී පාසලෙහි පාසල නිමවී සිටි කුඩා දරුවන් කිහිප දෙනෙකුටම වතුර බැලුම්වලින් පහර දෙනු දුටු මිතුරන් ද ඔහුට සහය වූවෝ ය.

පාසල් අවසන් ව තිබුණ ද කෙයාන් හා මිතුරන් සිතුමතේ ඔවුන්ට ජලයෙන් පහර දුන්නේ කහකුරුලු කන්ද ඔස්සේ එහා මෙහා ඩිෆෙන්ඩර් රථයෙන් ගමන් කරමිනි. තවත් ඔවුන්ගේ සහයට සිය පාසලෙහි ආදිශිෂ්‍ය රථ දෙක තුනක්ම ඒ අසළ කැරකීම ඔවුන්ට සහනයක් විය. ඇතුළතින් ඉහළ කහකුරුලු කන්දට ඇති ගේට්ටු පාරේ පෙර සිය ජල ප්‍රහාරයකින් නැහැව සිට හඩමින් සිටි තුන - හතර වසරේ කොල්ලෙකු සනසමින් සිටි නිළ ඇදුමින් සැරසුණු දිග් කලිසම්කාරයෙක් දුටු කෙයාන් ඉතිරිව තිබූ අවසන් පාට වතුර පිරවූ බැලූනය ද ඔහු දෙසට දමා ගැසුවේ ඩිෆෙන්ඩරය මදක් මන්දගාමි කරන ලෙස උපදෙස් දෙමිනි.

_Lost Eyes_Where stories live. Discover now