''  දෙල්කෝළේ.. - ඒ ඒඒ ඒ්.... '' කෙයාන් උපරිම සද්දෙන් කෑගැහුවේ අනිත් උන් වගේම කෙල්ලෝ දෙතුන් දෙනෙක්ට පැණි බැල්මක් දාන ගමන්.. ඔය කාලේ කෙල්ලො රවනකොට තමා හැමෝටම ආතල් එක..  අද කෙයාන්ලාගේ ඉස්කෝලේ දවස.. හෙට ඉතින් අනිත් පාර්ශවේ උන්දැලා යනකොට තමා බලාගන්න පුළුවන්...

'' බකමූණු මන්දිරේ පුෂ් කෙල්ලෝ වගේ ද බන් දෙල්කොළේ ලස්සන කෙල්ලෝ...  අනික උන්ගේ තමා ගණන් වැඩි.. '' කෙයාන්ගේ අතිජාත  එකට වල කපාගෙන භූමිදානය වන බොක්ක නැත්තන් දිඝායු කිව්වේ වතුර බෝතලෙන් බාගයකට වඩා බීලා..

'' දෙල්කොළේ වගේද යකෝ බකමූණු මන්දිරේ කෙල්ලෝ..... බලන්න අපි.... බකමූණූ මන්දිරේට  ලෝයල්...  '' කෙයාන්ගේ අනෙක් යාළුවා යුගීත් කිව්වේ ඌ දීපු වතුර බෝතලේ අරගෙන උගුරු දෙක තුනක්ම එක පාර උදරයට දාගනිමින්.. ඌ ඒක එහෙම අතෑරියේ උගේ අතිශය රහසිගත ඒත් , මුළු සෙක්ෂන් එකම දන්නා කුළුදුල් ප්‍රේමිය මේ කියන බකමූණු මන්දිරේ නිසා කියලා කියන්න කෙයාන්ට වුනත් අමාරු වුනේ නෑ..  ඔහු යුගීත් දෙසට නොණ්ඩි බැල්මක් හෙලුවේ ය.

'' ඔය මගුල් දෙකටම වඩා හොදයි බන් කහකුරුලු සෙන්ට්‍රල් එකේ කොල්ලෝ.. '' කෙයාන් එවර පැවසුවේ යුගීත්වත් , දීඝායුවත් නිහඩ කරමින්.. නමුත් ඔවුන් දෙදෙනාම මොහොතකට සිනානැගුවේ මහ හඩිනි..

'' හැබැයි ඩෝ සිරා කතාව.. සුදු පාටට දිලිසි දිලිසි උන් කහකුරුලු කන්දෙන් බහින ලතාව තමා බලන්න ඕනා..  හෙට බලාගත හැකිනේ.. '' දීඝායූ හිනාවෙවීම කිව්වේ ඉස්මෝල්ලේ ගිය වතුර ටික අමාරුවෙන් පිහිදාමින්..

'' මොකෝ කියන්නේ ? යමුද ඒ පැත්තේ සවාරියක් ? '' කෙයාන් දගකාර ලෙස විමසුවේ සිය මිතුරන් දෙදෙනා දෙසද බලමිනි.

'' පිස්සුද කෙයාන්!!.. අද ඒ පැත්තේ ගියොත් කුණු බිත්තර ලොරියක් තමා... මෙන්න මෙහේ හිටාන්... '' යුගීත් පැවසීමට ගියද කෙයාන් සිය පියාගේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරාට කහකුරුලු කන්ද දෙසට හැරවීමට උපදෙස් දී හමාර විය.

'' උබට පිස්සුද යකෝ ? මම බය වෙන්න ද ඔය පරිප්පුවට ? '' කෙයාන් විමසුවේ ය.

'' එල යමං එහෙනම්.. පිනා කේස් දායි ද බන් ? අපි තාම දොළහේනේ මචං.. '' දීඝායු ද මදක් වික්ෂිප්තව විමසුවේ ය.

_Lost Eyes_Where stories live. Discover now